Home > Latest Articles > ෆේස්බුක් සහ දරුවන්ගේ පුංචි ලෝකය

ෆේස්බුක් සහ දරුවන්ගේ පුංචි ලෝකය

“අම්මා, මගේ පන්තියේ ගොඩක් යාළුවන් ෆේස් බුක් එක පාවිච්චි කරනවා.  මටත් ඒකේ  එකවුන්ට් (ගිණුමක්) එකක් පටන් ගන්න පුලුවන්ද?”  14 හැවිරිදි ලහිරු ඔහුගේ අම්මගෙන් අවසර ඉල්ලුවේ, ඔහුගේ පන්තියේ ළමුන් ෆේස් බුක් එකට ඇති නැඹුරුව සීග්‍රයෙන් වර්ධනය වීගෙන එන නිසයි.

ඔබෙනුත්, ඔබේ බාලම දරුවා ෆේස්බුක් එකේ ගිණුමක් ඇරඹීමට විමසුවාද?

ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල වයස 13ට පෙර, ළමුන් ෆේස්බුක් එකේ ගිනුමක් ආරම්භ කර තිබෙනවා.  මෙහි ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් දෙකම තිබෙනවා.

ධනාත්මක හේතු:

  • මෙය විද්‍යුත් සහ තාක්ෂණික ලෝකයේ සිටින දරුවන්ගේ පරිගණකය හා සම්බන්ධ නවතම දැනුම වැඩීමට උපකාරී වේ.
  • ඈත ප්‍රදේශවල සහ වෙනත් රටවල ජීවත්වන තමන්ගේ යහළුවන් සහ නෑදෑයින් සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර ගත හැක.
  • මෙයින් කුඩා දරුවන්ට නොයෙකුත් සමාජීය වැදගත් ව්‍යපෘති සමඟ සම්බන්ධ විය හැක. උදාහරණයක් වශෙයෙන් අන්තර් ජාලය හරහා නොයෙකුත් ව්‍යාපෘතීන් සඳහා මුදල් රැස් කිරීම වැනි දේවල්.
  • ෆේස්බුක් හරහා, ධනාත්මක අගයකින් යුක්ත සමාජීය ගැටුම් පිලිබඳව දරුවන්ගේ අදහස් ප්‍රකාශ කර, අන්තර්ජාලයේ ද්වාරයක් ආරම්භ කල හැකිය.
  • ශ්‍රී ලංකාවේ ළමුන්ට, ඔවුන්ගේ චරිතාංග සහ සංස්කෘතිය පිලිබඳව, අන්තර්ජාලය හරහා පුළුල්ව විදහා පෑ හැක.

ඍණාත්මක හේතු

  • ෆේස්බුක් එක ළමුන්ව සෑම තත්පරයකදීම එහි නවීනතම දේවල් පරීක්ෂා කිරීමට පෙළඹවිය හැකිය.
  • ෆේස්බුක් එකට ළමයකු ඉතා තදින් ඇලී ගැලී ඇත්නම්, ඔහුගේ/ඇයගේ අධ්‍යාපනයට එය බාධාවක් විය හැක.  තවද ළමුන්ට අමතර ප්‍රයෝගික වැඩ වලට තම කාලය මිඩංගු කිරීමට නොහැකි වීම හෝ ඒ සඳහා ඉතාම කෙටි කාලයක් ඉතිරි වේ. 
  • දරුවන් තිරයක් හරහා පමණක් අදහස් හුවමාරු කර ගැනීමට පුරුදු වූ විට, ඔවුන්ට වාචික ප්‍රායෝගීතාවය සහ ශාරීරික අදහස් පෙන්නුම් කිරීමේ ප්‍රබලතාවය මතු නොවේ.  තවද කට හඬින් විදහා දක්වන ශබ්ද පරිපාලනය පිලිබඳ දැනීමක් නොමැති වේ. 
  • ෆේස්බුක් එකෙන් දරුවාගේ අවධාන ශක්තිය පුළුල් නොවේ.
  • ෆේස්බුක් හරහා අන් අය සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන්, දරුවන්ගේ තාත්ත්වික ජීවිතයේ අව්‍යාජ සම්බන්ධකම් පිලිබඳව උනන්දුවක් ඇති නොවේ.
  • ෆේස්බුක් එක නියම අයුරින් පාලනයකින් තොරව නිදහසේ පවත්වාගෙන යාමෙන්, නොයෙකුත් අවමාන, තර්ජන ආදියටත්, අපචාර පින්තුර, වීඩියෝ ආදියටත් මෙවලමක් විය හැකිය.
  • පාලනයකින් තොර ෆේස්බුක් ගිණුම නිසා, ඔබේ දරුවාගේ පුද්ගලික ජීවිතය මුළු ලොවටම හෙළි විය හැක.
  • ප්‍රමාණය ඉක්මවූ ෆේස්බුක් ලැදියාව නිසා මානසික ගැටළු ඇති විය හැක. උදාහරණ වශයෙන් මානසික ආතතිය, අවට ලෝකයේ ඇති විවිධ දේවල් ගැන විමසීමට  ඇති හැකියාව නැති වීම, තනිවීම සහ අනාරක්ෂිතභාවය ඇති විය හැක.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ෆේස්බුක් එකට ඇති ලැදියාව පාලනය කිරීම හොඳ දෙමව්පියන්ගේ වගකීමකි.

  • තාත්ත්වික ජීවිතයේ ඇති සබැඳියාවන් අන්තර්ජාලයේ ඇති බැඳීම් වලට වඩා යෝග්‍ය බව, ඔබේ දරුවාට හොඳින් වටහා දෙන්න.
  • දරුවන්ව ෆේස්බුක් හරහා අදහස් හුවමාරු කර ගැනීම් වලට වඩා, සැබෑ කතාබහට හුරු කරන්න.
  • ෆෙස්බුක් එකේ සිටින කාලයට වඩා, පොත් පත් කියවීමට සහ ප්‍රායෝගික ක්‍රීඩා කිරීමට පොළඹවන්න.
  • නොදන්නා යාලුවන්ව ෆේස්බුක් එක හරහා පිළිගන්න නොයන ලෙසත්, තම පුද්ගලික තොරතුරු ඔවුන් හා බෙදාහදා නොගන්නා ලෙසත්,  දරුවන් දැනුවත් කරන්න.
  • නිතරම තම දරුවන්ගේ ෆේස්බුක් සම්බන්ධ ක්‍රියාකාරකම් පිලිබඳ සැලකිලිමත් වන්න.
  • ෆේස්බුක් සම්බන්ධව දරුවන් සමඟ විවෘතව කතා බහ කිරීමට හැකි පසුබිමක් තම පවුල තුළ සකසා ගන්න.
  • ෆේස්බුක් එකට ඕනෑවට වඩා ඇලී ගැලී නොසිට, එය සීමිත ප්‍රමාණයකට භාවිතා කිරීමට ඔබේ දරුවන්ව දැනුවත් කරන්න.

ශ්‍රී ලංකාවේ දෙමාපියන්ට, නවීන සාමාජීය අභියෝගයන්ට මෙම නව යුගයේ පසුබිම තුළ මුහුණ දීමට සිදුවේ.  අද සමාජයේ දරුවන්, වෙනදාට වඩා වේගයෙන් ෆේස්බුක් වෙත ඇදී යයි.

ඔබ ඔබේ තත්ත්වය නවීකරණය කිරීමට ලැහැස්තිද?

#kids #srilankankids #facebookwithkids #socialmedia #childrenwithsocialmedia

note

You may also like
දරුවන්ට යහළුවන් ඇතිකර ගැනීමට උදව් කරන්නේ කෙසේද?
සෑම දරුවෙක්ම දැනගත යුතු කෑම මේසයේ හොඳ පුරුදු
ඉංග්‍රිසි අක්ෂරමාලාව කුඩා දරුවන්ට ඉගැන්වීමට ඇති පහසු ක්‍රම
පවුලක අත්දැකිම්