Home > අධ්‍යාපනය > ළමුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගමු

ළමුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගමු

ආත්ම ශක්තිය වර්ධනය කිරීමෙන්, ඔහු හෝ ඇයට තමාට හැකියාව ඇති බවත්, දුවෙක් නම් තමා රුපසම්පන්න හෝ පුතෙක් නම් කඩවසම් බවත්, ජීවිතයේ වටිනාකමක් ඇති බවත් දැනේ.  ඔවුන් අභියෝගවලට සහ ප්‍රශ්න වලට මුහුණ පා කළකිරී සිටින අවස්ථාවකදී, අපි ඔවුන්ගේ උත්සාහය පැසසුම් කිරීමෙන්, ආත්ම ශක්තිය වර්ධනය වී ඔවුන්ගේ ජීවිත සතුටුදායක සහ සාර්ථක තත්ත්වයකට පත් වේ.  ඔවුන් හොඳ අන්නෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනඟා  ගන්නා අතර, දුෂ්කර  අවස්ථාවන්හිදී  විශ්වාසයෙන් මුහුණ දීමට පසුබට නොවේ.  ආත්ම ශක්තිය නොමැති ළමුන්, ජීවිතයේ අභියෝග වලට මුහුණ නොදී පසු බෑමටත්, ජීවිතය  දෙස ඍනාත්මක ලෙස බැලීමටත් පෙළඹේ.

දරුවන් තුළ ආත්ම විශ්වාසය ඇති කිරීමට, අප කුමක් කළ යුතුද?

ඒ සඳහා උපදේශ 10ක්:

ධනාත්මක  ප්‍රතිචාරයක් දෙන්න : ළමුන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් අගය කිරීමක් බලාපොරොත්තු වේ.  ව්‍යාජ පැසසුම් දෙන්න එපා.  නමුත් හැමවිටම, ප්‍රයෝජනවත්, නිර්ව්‍යාජ සහ දරුවාව ධෛර්යමත් කරන අගය කිරීම් කරන්න.

ක්‍රියාව විවේචනය කරනවා විනාමිනිසුන්විවේචනය කරන්න එපා: ළමයාට “පුතා /දුව ඔයා හරි නරක ළමයෙක්” කියා කියන්න එපා.  ඒ වෙනුවට “ඔයා දැන් කළ හෝ කිවූ දෙය වැරදියි.  ඉන්න, මම ඔයාට ඒ ඇයි  කියල කියා දෙන්නම්” යනුවෙන් කියන්න.  ශ්‍රී ලංකාවේ ළමුන් නිරතුරුවම ශරීර පැහැය හෝ ශරීර හැඩය පිළිබඳ විවේචනයට බඳුන් වේ.  එවැනි විවේචන ළමයාගේ ඉදිරි ජීවිතයට හානියක් විය හැකිය.

සංසන්දනය කරන්න එපා: ශ්‍රී ලංකාවේ ළමුන්ගේ තරඟකාරිත්වය පටන් ගන්නේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සිටය.  කෙසේ නමුත්, සෑම ළමයෙකුටම ඔවුන්ටම ආවේණික වූ ශක්තීන් සහ දුර්වලතාවයන් ඇත.  ඔබේ දරුවාට තම ශක්තිය හෝ දුර්වලතාවය හඳුනාගෙන, අනිත් දරුවන් සමඟ තමන්ව සංසන්දනය කිරීම වළක්වන්න.

වගකීම් බාර දෙන්න: ඔබේ දරුවාට වගකීමක් බාර දුන් විට, ඔහුට හෝ ඇයට තමන් වැදගත්, පිළිගතයුතු කෙනෙක් බව වැටහේ.  එවිට ඔවුන්ට බාර දුන් වැදගත් වැඩ කොටස හොඳින් ඉටු කිරීමට මාන බලයි.

තාත්වික අභිමතාර්ථයක් සකස් කරන්න: ඉතා කුඩා හෝ අභිමතාර්ථයක් ඇති කිරීමෙන්, දරුවන් තුළ තම ආත්ම ශක්තිය වැඩි දියුණු වේ.  ඔබේ දරුවාට කුඩා අභිමතාර්ථ සම්පුර්ණ කිරීමට සැලසීමෙන් සහ ඔවුන්ව ඇගයීමෙන්, එම අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීමට වෙර දරනු ලැබේ.

ආත්ම විශ්වාසය පෙන්වා දෙන්න:  ඔබේ කුඩා දරුවන් ඔබව අනුකරණය කරනු ලැබේ.  ඔබට ආදරය කිරීමට පටන් ගන්න. ඔබේ දුර්වලකම් යහපත් බවට පත් කර ගන්න.

කොන්දේසි විරහිත ආදරය සහ ස්නේහය දක්වන්න: දරුවා පංතියේ පළවෙනියා

වුවත්, නොවූවත් ඔබ දරුවාට හැමවිටම ආදරය දක්වන්න.  ඔබේ බලාපොරොත්තු ඉටු  නොකළත්, දරුවාට සෙනෙහෙස පාන්න.

ඔවුන්ට තීරණ ගැනීමට ඉඩ දෙන්න: ඔබේ දරුවාට මුල් කාලයේ සිට නිදහසේ තීරණ ගැනීමට ඉඩ දෙන්න.  කුඩා දේවල් වලින් පටන් ගන්න. එනම්, සාදයකට සැරසෙන ඇඳුම, වෙළෙඳ පොළෙන් මිළ දී ගන්නා එළවළු සහ පලතුරු ආදිය.

ඇහුම්කන් දෙන්න: දරුවා ඔබට කතා කරන විට, ඔවුන්ට සම්පූර්ණ අවධානය ලබා දෙන්න.  ඔබේ දරුවාට ඔහුගේ හැඟීම් පිට කිරීමට ඉඩදෙන්න.  ඔබේ දරුවාගේ සිතිවිලි සහ හැඟීම් වලට ගරු කරන බව දරුවාට දැනුම් දීමෙන්, ඔබ පුදුම කරවන සුළු ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය.

නිවස තුළ ආරක්ෂාව ඇති කරන්න: නිවස තුළ ආරක්ෂාව ඇති ළමුන් ආත්ම ශක්තියෙන් යුක්ත වේ.  නිවස තුළ නිරතුරුව බහින්බස් වීම්, රණ්ඩුසරුවල් වලට ගොදුරුවන ළමුන්ට අනාරක්ෂිත බවක් හැඟෙන අතර, ඔවුන් වැඩෙන්නේ අඩු ආත්ම ශක්තියකින් යුක්තවය.

මෙසේ  ප්‍රසිද්ධ කියමනක් ඇත:

ආත්ම විශ්වාසය එන්නේ ජයග්‍රහණයත් සමඟයනමුත් ජයග්‍රහණය ලැබීමට නම් ආත්ම විශ්වාසය තිබිය යුතුය.”

සියළුම විශිෂ්ඨ ජයග්‍රහණයන්ට අඩිතාලම වැටෙන්නේ විශ්වාසය පදනම් කර ගෙනය.  දෙමව්පියන් දරුවන් තුළ මුල් අවධියේ සිටම ආත්ම විශ්වාසය ඇති කිරීමට විශාල කැපවීමක් කළ යුතුය.  ආත්ම විශ්වාසය ඔබේ දරුවාට දිය හැකි ඉතා අගන ත්‍යාගයකි.

#letsbuildchildrensconfidence #activechildren #confident #education

note

You may also like
දෙමාපියනි සටන් වදිමු අධ්‍යාපනය විකිනීමට ඉඩනොදී
Parents, please come forward to protect the free education!