Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > ළමයින් සඳහා පෝෂ්‍යයදායක අතුරුපස

ළමයින් සඳහා පෝෂ්‍යයදායක අතුරුපස

රසවත් අතුරුපසවල එකතුවක්
“අතුරුපස”
යනු අප සියළුදෙනාගේ සන්තුෂ්ටියට හේතුවන දෙයක් නමුත්, එහි මුළට “පෝෂ්‍යදායක” යන පදය යෙදීමෙන්, අපේ සන්තුෂ්ටියට යම් බාධාවක් ඇති කෙරේ.

කෙසේ නමුත්, “අතුරුපස” දරුවන් අතර ප්‍රචලිත ප්‍රියමනාප දෙයක් වේ.   දෙමව්පියන් වශයෙන් අපේ සිතේ අතුරුපස කෙරෙහි ඇත්තේ යම්කිසි අස්ථාන බියකි.  එයට හේතුව, වර්තමානයේ අපිට නිතර අසන්නට ලැබෙන ස්ථුලභාවය දියවැඩියාව සහ වැඩිහිටියන්ගේ හෘද රෝග වැනි හද තැති ගන්වන  නොයෙකුත් බිහිසුණු රෝග වේ.

පහත සඳහන් වන්නේ දරුවන් උදෙසා ඇති පෝෂ්‍යදායක අතුරුපස සාදා ගන්නා ආකාරයයි.  සෞඛ්‍යයට අහිතකර අතුරුපස නිවසේ සාදා නොගන්නට වග බලා ගන්න.

පලතුරු මිදි, කෙසෙල්, ඇපල්, දොඩම්, නාරං, අඹ, පැපොල් සහ කොමඩු ආදී පලතුරු පෝෂ්‍යදායක අතුරුපස වේ.  එසේ නොමැති නම්, පැපොල් හෝ කොමඩු ආදී පලතුරු කුඩා කැබලිවලට කපා ශීතකරණයේ තබා අවශ්‍ය වෙලාවට කෙටි ආහාරයක් වශයෙන් ළමුන්ට දෙන්න.  එම කැබලි විසිතුරු ලෙස නොයෙකුත් හැඩවලට කැපීමෙන්, දරුවන්ට ඒවා කෑමට ප්‍රියතාවයක් ඇතිවීම ස්වාභාවිකය.  පලතුරු සලාදයක් සෑදීම සඳහා ඔබේ දරුවන් සහභාගී කරගන්නේ නම් මැනවි. එයට අයිස්ක්‍රීම් ස්වල්පයක් මිශ්‍ර කර ගැනීමෙන් ප්‍රණීත අතුරුපසක් පිළියෙළ කර ගත හැක.

චොකලට් කෙසෙල් මව්වරුන් සියළුදෙනාම පාහේ මෙය සෑදීමට දන්නා බව මට විශ්වාසයි.  චොකලට් දියරයේ කෙසෙල් ගෙඩිය බහා තබා, එයට කුඩාවට කැපූ කජු කැබලි පිටත ආවරණයක් ලෙස සකසා, එය ශීතකරණයේ තබා මිදුණු පසු ඉතා රසවත් අතුරුපසක් වනවාට සැකයක් නොමැත.

යෝගට් මෙය අඩු සීනි සහිත ඉතා හොඳ අතුරුපසකි.  සාමාන්‍ය යෝගට් වඩාත් යෝග්‍ය අතර, යෝගට්වලට පලතුරු කැබලි හෝ කැබලි කරගත් රුලං විස්කෝතු  (පොල් සහ රුලං පිටි) සහ මැකරූන් ස්වල්පයක් එක්කර ගැනීමෙන් විශේෂ රසයක් ලබා ගත හැක.  කෑම මේසයේදී අතුරුපස පිළියෙළ කරනු ලැබුවේ දරුවන් බව ප්‍රකාශ කිරීමෙන් දරුවන් ආඩම්බරයට පත් කළ හැකිය.

පාන් සහ චොකලට් ස්ප්‍රෙඩ් දරුවන් උදෙසා පෝෂ්‍යදායක පැණි රසැ’ති කෑමක් පිළියෙළ කරගැනීම සඳහා චොකලට් ස්වල්පයක් යොදාගන්න.  දුඹුරු පාන් කුඩා තීරු වශයෙන් කපා ගන්න.  ඒවායේ චොකලට් හෝ තවරා, දරුවන්ට සංග්‍රහ කරන්න.  ඔවුන් කැමති නම්, කුඩාවට කපාගත්  කජු වැනි දෘඩපලයක් එයට එක්කළ හැක.

පාන් පෙති දෙකක් මැද චොකලට් ස්ප්‍රෙඩ් තවරා, එය ටෝස්ට් කරගත හැකිය.  තද දුඹුරු පැහැයෙන් යුත් චොකලට්, සාමාන්‍ය චොකලට් වලට වඩා පැණි රස ගතියෙන් අඩුය.

ස්මූතීස් කිරිපිටි  ස්වල්පයක්, මයිලෝ හෝ චොකලට් පවුඩර්, සීනි උණුසුම් ජලය හෝ ශීතල ජලය සමඟ බ්ලෙන්ඩ් කරන්න.  එය ඔබේ දරුවන්ට ඉතා හොඳ අඩු සීනි සහිත පානයක් වන අතර, එම පානය ශරීර ශක්තිය වර්ධනය කරනු ලැබේ.

ස්මූතීස් වලට පලතුරු, යෝගට් හෝ කිරි මිශ්‍ර කළ හැක.  විවිධ පලතුරු වර්ග මෙම පානයට මිශ්‍ර කර, ඔබේ දරුවන්ගේ අදහස් විමසන්න.  එම පානයට අයිස්ක්‍රීම් ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් තවත් රසවත් කර ගත හැක.

ඉහත සඳහන් වන්නේ පෝෂ්‍යදායක අතුරුපස සාදා ගැනීම සඳහා යෝජනා කීපයකි.  වෙබ් අඩවිය සිසාරා බැලීමෙන් අඩු සීනි සහිත, දරුවන්ට සුදුසු අතුරුපස සාදා ගන්නා අයුරු තවදුරටත් සොයා ගත හැක.  කුඩා කළ සිටම ඔබේ දරුවන්ට අඩු සීනි සහිත පෝෂ්‍යදායක ආහාර රටාවක් පුරුදු කිරීමෙන්, සෞඛ්‍ය සම්පන්න දරුවන්සේම, නීරෝගී වැඩිහිටි පරපුරක් ද, බිහි කළ හැක.

#kidsfood #kids #tastyfood #desserts #kidsdesserts #srilankankidsfoodarticle #sinhalaarticle

note

You may also like
මුදල් ඉතිරි කරන අම්මා
ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාව
කාන්තාවන්ට උපදෙසක්
මව්වරුන්ට සහ දරුවන්ට පාසැල් නිවාඩුව සතුටින් ගත කිරීමට හැකි ක්‍රම
error: Content Protected © mummypages.lk