Home > දෙමාපිය දැනගැනිම පිණිස > ළදරැවාගේ වර්ධනයේ වැදගත් අවස්ථා ගැන ඔබ දැනුවත්ද ?

ළදරැවාගේ වර්ධනයේ වැදගත් අවස්ථා ගැන ඔබ දැනුවත්ද ?

ad-banner2

වර්ධනයේ වැදගත් අවස්ථා

බෝල වීසි කිරීම සහ පාදයෙන් ගැසීම: කුඩා ළමුන් වයස මාස 12 දී, බෝල වීසි කිරීමට උනන්දු වේ. වයස අවුරුදු 2 දී, බෝලයට පයින් ගැසීමටත් හැකි වේ.

තල්ලු කිරීම් සහ ඇදීම: මාස 12 සිට කුඩා දරුවන් තල්ලු කිරීම සහ ඇදීම ආදී ක්‍රියාවන්ට ඇලුම් කරන්නට පටන් ගනී.

වයස මාස 12 – 18 දක්වා අතර කාලයේදී, ඔබේ දරුවාට දණහිස නැමීමෙන් වාඩිවීමට දිරි ගැන්විය හැක.

1

නැගීම : දෙවෙනි අවුරුද්දේදී, බොහෝ කුඩා දරුවන් කුමන හෝ උස් දෙයක් මතට නැගීමට පෙළඹේ. මෙය ඉතා වැදගත් ක්‍රියාකාර කමකි.

ඇවිදීම : මාස 12 – 18 දක්වා වයසැ’ති කුඩා ළමුන් ඔවුන්ගේ පළමු පියවර තැබීමට උත්සුක වේ. ඔබේ බබාට ස්වභාවිකව ඇවිදීමට ඉගෙන ගැනීමට උදවු කරන්න.  ඔහුට වෝකර් (walker – බබාට ඇවිදීමට උදවු කරන උපකරණය) එකක් මිළ ඳී ගන්න එපා.  බොහෝ බබාලා ලී බඩු ආදිය අල්ලා ගැනීමෙන් ස්වාභාවිකව ඇවිදීමට ඉගෙන ගනී.

ළමා මුත්‍ර භාජනයට (පොටී) හුරු කිරීම: වයස මාස 24 දී පමණ, ඔබේ බබා මුත්‍ර භාජනයට හුරු වීමට කැමතිය.  ඔබ බබාගේ සාමාන්‍ය සංඥාවන් දැනගත්  විගස, “අපි පොටී (potty) එකට යමු පුතේ/දුවේ” කියමින් ඔහුව/ඇයව එයට හුරු කරන්න.

තනිවම ආහාර ගැනීම: මාස 12 දී පමණ මෙය පුරුදු කළ හැක. ඔබේ බබා තනිවම හොඳින් ඉඳගැනීමට පුරුදු වූ පසු,  ඔබේ දරුවාට තනිවම ඔහුගේ/ඇයගේ අතේ ඇඟිලි වලින් හෝ හැන්දකින් ආහාර ගැනීමට සලස්වන්න.

2

#motherandbaby #baby #babygrow #babyhealth

notice.png low

You may also like
උකුණන්ගෙන් ඔබේ දරුවාගේ හිස පරිස්සම් කරගන්න
බබාගේ වැඩීම සහ වැදගත් සිද්ධීන්
අපේ ඇති වැරදි වලට නොපිපුණු මල් කැකුලක් පොඩිකර ලන්නේ මන්ද?
ඔබේ දරුවාගේ දත් රැක ගන්න