Home > දෙමාපිය දැනගැනිම පිණිස > හොඳ වචන වලින් ආදරය පතුරුවන්න.

හොඳ වචන වලින් ආදරය පතුරුවන්න.

කතා කිරීමට ප්‍රථම දෙවරක් සිතන්න. මොකද? ඔබේ වචන අනිත් කෙනාගේ සිතේ ජයග්‍රහණය පිළිබඳ සිතිවිලි හෝ අසාර්ථක සිතිවිලි රෝපණය කිරීමට උත්සුක වනු  ඇත”

 නැපෝලියන් හිල්-

දෙමව්පියන් වශයෙන් කරුණාබර සහ ආදරබර වචන කතා කිරීම අත්‍යවශ්‍ය කාරණයකි

හොඳ සහ ශක්තිමත් ඥාති සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා වචන ඉතා හොඳ කාර්යභාරයක් ඉටු කරනු ලැබේ.  ඒවාගේම, පරෙස්සමින් හොඳ වචන තෝරා ගෙන කතා නොකිරීම නිසා සම්බන්ධකම් කැඩී බිඳී යාම ඇසිපිය ගසන සැණින් සිදු වීමටද ඉඩකඩ ඇත.  දරුවන් සහ දෙමව්පියන් අතර ඇති සම්බන්ධයටද මේ සිද්ධාන්තය බල පෑ හැක.  ඔබ එදිනෙදා කතා කරන වචන මාලාව නිසා, ඔබේ දරුවාගේ ළමා කාලයට  පමණක් නොව ඔහුගේ/ඇයගේ අනාගතයට ද, බලපෑම් එල්ල කෙරේ.

දරුවන්ට හොඳ වචන කතා කිරීම නිසා, ඔබේ දරුවා තුළ සදාචාරය, ආත්ම විශ්වාසය සහ   සමාව දීම නමැති හොඳ ගතිගුණ රෝපණය කෙරේ.

දෙමව්පියන් වශයෙන් අපි අපේ දරුවන් කීකරු වීම, අපි ඔවුන්ගේ ඉල්ලා සිටින දේ එකවර කිරීම සහ අපිට අවශ්‍ය විධියට කතා කිරීම ආදී දේ බලාපොරොත්තු වෙනු  නිසැකය.  නමුත් යථාර්ථය නම්, මෙය සත්‍යයක්  නොවේ.  ඔබ දෙමව්පියන් වශයෙන් පියවර තබන මෙම ජීවිත ගමනේදී, ඔබේ මේ සිහිනය සැබෑවක් කර ගැනීමට ඔබේ යහපත් වචන උදව් වේ.

සමහර අවස්ථාවල දී අපි අපේ දරුවන්ට ඉතා සැර පරුෂ වචන වලින් කතා කරන්නේ, අපේ දරුවන්ගේ මල් පෙති වැනි මුදු මොළොක් හදවත් ඉරි තැලී යන බව හොඳින් තේරුම් ගනිමිනි. නමුත්, සමහර අවස්ථාවලදී, අපේ කාර්යබහුල බව නිසා, දරුවන්ව පාසල් රථයට ගෙන යාම සඳහා නිකරුනේ දරුවන්ට කෑ ගසන අවස්ථා ද නැතුවා නොවේ. පැය අටක සේවයෙන් පසුව  ඉතාම මහන්සියෙන් අපි නිවසට පැමිණෙන විටත්, දරුවන්ට තද පරුෂ වචනයෙන් කතා කිරීමට පෙළඹීම හොඳ ගතිගුණයක් නොවේ.  ඔබේ වචන වලින් දරුවන්ව ප්‍රබෝධයෙන් කුල්මත් කිරීමටත්,  අපේක්ෂා භංගත්වයට පත් කිරීමටත්  හැකි බැව්, හොඳින් මතක තබා ගන්න.

ඔබේ වචන පිළිබඳව බුද්ධිමත්ව සිතන්න 

ඔබේ දරුවන්ට කතා කරන විට, වචන ප්‍රවේශමින් යොදන්න උත්සහ කරන්න.  ඔබේ දරුවන්ගෙන් ඔබේ යම් කාර්යයක් ඉටුකර ගැනීමට  ඉල්ලා සිටින විට දී, ඉතා කරුණාවෙන් එය ඉල්ලා සිටින්න.  ඔබ ඉල්ලා සිටි දේ ඔවුන් ඉටු කළ පසු, ඔවුන්ට ඉත සිතින් ස්තුති කරන්න.  ඔබේ දරුවන්ගේ ජයග්‍රහණ පමණක් නොව, ඔවුන් ජයග්‍රහණ ලබා නොගත්තත්,  ඒ කළ උත්සහයන් ද, ඉදිරිපත් වීමද, අගය කරන්න.  එමඟින්  ඔබේ දරුවා තුළ  ආත්ම විශ්වාසය ඇති කරන්න.  හැකි සෑමවිටම, ඔබේ දරුවන්ට ආදරයෙන් කතා කරන්න, එය ඔබේ දරුවාගේ සිහින සැබෑ කර ගැනීම සඳහා දරුවාව උනන්දු කරවීමට ඉවහල් වේ.

ඔබේ දරුවන්ට “මම පුතාට/දුවට ආදරෙයි” යනුවෙන් කියන විට, ඔවුන් වැළඳ ගනිමින් හෝ ඔවුන්ගේ දෙකම්මුල් සිප ගනිමින් කියන්න.  එවිට, ඔබ එම වචන හදවතින්ම කියන බව ඔවුන් වටහා ගනීවි.  අපේ දරුවන් අපිට මුළු ලෝකයම තරම්  විටනා සම්පතකි.  නමුත්, එය නිතර ඔවුන්ට කීමට අපිට අමතක වේ.

කරුණාවෙන් කතා කිරීම කරදරකාරී කාර්යයක් නොවේ.  එය අධික මිළෙන් යුක්ත දෙයක් නොවන අතර, එය ඉතා වෙහෙසකාරී දෙයක් ද, නොවේ.  අපේ කුඩා දරුවන් පෝෂණය කිරීම සඳහා අපේ වචන තෝරා ගැනීම සඳහා කල්පනාකාරී විය යුතුය.  අදම පටන් ගන්න.  ආදරබර සහ දයාභරිත වචනවල විශ්මය හඳුනා ගන්න!

දෙමව්පිය කටයුතු හොඳින් කිරීම සඳහා උණුසුම් සුභ පැතුම්!     

#motherandchild #goodswords #happywords #promoteloveingoodwords

You may also like
දරුවන් මුළුතැන්ගෙටහුරු කරමු !
මුල් අවධියේ ඉගෙන ගැනීමේ නිපුණතාවය
error: Content Protected © mummypages.lk