Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > හොඳ ආහාර පරිභෝජනය කරන්න

හොඳ ආහාර පරිභෝජනය කරන්න

මුල් අවධියේ සිටින දරුවන්ට පළතුරු සහ එළවළු

කුඩා අවධියේ සිටින දරුවන්ට පළතුරු සහ එළවලු කෙසේ ප්‍රයෝජන වේද?  පළතුරු සහ එළවළු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට ගැනීමෙන්, හැදෙන වයසේ දරුවන්ට බලපාන අයුරු:

  • පෝෂ්‍යගුණය වැඩි වේ
  • ස්ථුල භාවයට පත්වීමෙන් වැළකේ
  • පාසැල් කටයුතු වලදී වඩා හොඳින් ක්‍රියාකාරී වේ

ලාංකික දරුවන් අවශ්‍ය ප්‍රමාණයට පළතුරු සහ එළවළු පරිභෝජනයට නොගනී.  සමබර පෝෂ්‍යගුණයක් ලබා ගැනීම සඳහා, තමන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණයෙන් තුනෙන් එකක් පළතුරු සහ එළවළු වලින් පරිපූර්ණ විය යුතුයි.

බොහෝ පළතුරු සහ එළවළු වර්ග අමුවෙන් ආහාරයට ගැනීමෙන් එම ද්‍රව්‍යවල අඩංගු පෝෂ්‍යගුණය නියාමාකාරයෙන් ලබා ගත හැක.

පළතුරු සහ එළවළුවල ඇති පෝෂ්‍යගුණය

මුල් අවධියේ දරුවන්ගේ වැඩීමට සහ මොළයේ වර්ධනය සඳහා අමතර පෝෂ්‍යදායක දේ අවශ්‍ය වේ.  නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ දේදුනු පැහැයෙන් යුතු විවිධ වූ මිහිරි රසයෙන් යුතු පළතුරු සහ එළවළු  අධික පෝෂණ ගුණයෙන් යුක්ත වේ.

  • පැඟිරි කුලයේ පලතුරු : විටමින් සී (Vitamin C) අඩංගු දොඩම් සහ නාරං යුෂ මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය උද්දීපනය කළ හැක
  • විටමින් ඒ (vitamin A) : කැරට්, විටමින් ඒ ඉතා අධික ලෙස ඇති එළවළුවකි. විටමින් ඒ යනු ඇස් පෙනීමට  සහ හොඳ සමක් සඳහා අවශ්‍ය විටමිනයකි.  රත් පැහැයෙන් යුත් පළතුරු සහ එළවළු ආහාරයට ගන්න.
  • කොළ පැහැති මැල්ලුම් වර්ග වලින් යකඩ, ඛනිජ වර්ග සහ විටමින් වැඩි වශයෙන් ළමයින්ට ලබා ගත හැකිය.
  • ගස්ලබු, අඹ සහ බෙලි  වැනි පළතුරු ශරීරය විජලනයෙන් වළක්වන අතර, ආහාර හොඳින් දිරවීමට ද, උපකාරී වේ.
  • පිපිඤඤා සහ දිවුල් වැනි පළතුරු වර්ග වලින් ඌෂ්ණ කාලගුණය ඇති කාලයේදී ශරීරය සිසිල් කරන අතර ඒවා නොයෙකුත් විටමින් වර්ග වලින් පෝෂිතය.

ඔබේ දරුවාට හැකි පමණ විවිධ පැහැයෙන් සහ රසයෙන් යුත් නැවුම් පළතුරු සහ එළවළු පරිභෝජනය කිරීමට සැලැස්වීමෙන්, ඔවුන්ට විශේෂිත පෝෂණයක් ලබා දිය හැක.

#goodfood #helthyfood #foodcare #vitaminA # vitaminC

note

You may also like
කෘතිම ආහාර යනු මොනවාද ?
ආහාර අසාත්මිකතාවයක් යනු කුමක්ද?
ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක
මව්වරුන්ට සහ මව්වරුන් වීමට සිටින කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ්