ආරම්භක අවස්ථාවේදී දරුවාට සුප වර්ග පිළියෙල කිරීමේදී කවුපි, පරිප්ප වැනි ධාන්‍ය වර්ගයකින් හැන්දක් දෙකක් පාවිච්චි කිරීම සුදුසුය. පසුව එයට පලා වර්ග එකතුකර ගත හැකි සේම එය ඝණකම කිරීමට අර්තාපල් කැරට් හෝ වට්ටක්කා ආදිය යොදාගත හැකිය. සති දෙකකට පමණ පසුව කුඩා මා`ඵ වර්ග,වියළි හාල් මැස්සන් වැනි දේ යොදාගත හැකිය. වියළි හාල් මැස්සන් වල ලුණු හොඳින් ඉවත් කර සුප් එකට යොදා ගතයුතුය. වියළි හාල් මැස්සන් පෙර දින රාත්‍රීයේදී වතුරේ පෙඟෙන්නට දමා පසුව හොඳින් සෝදන්න. පසුව අව්වේ වේලා ගත් පසු හොඳින් අඹරා වියලි කුඩු ස්වභාවයෙන් සකස් කර සුළං නොවදිනසේ වියළි පිරිසිදු භාජනයක අසුරා තබාගත් විට සුප් පිළියෙළ කරන විට එයින් හැන්දක් හෝ දෙකක් එකතු කරගත හැකිය. අවශ්‍ය නම් පොල් තෙල් වැනි වර්ගයක් හෝ ලුණු අඩංගු නොවන බටර් සුප් එකට එකතු කිරීමට හැකිය. එවිට එහ වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වන නිසා දරුවාගේ ඉක්මන් වර්ධනයට එය උපකාරී වෙයි. සති දෙකක්වත් යන තුරු දරුවාගේ ආහාර වේල ඝණකම් දියරයක් ආකාරයට ලබා දෙන්න. මෙහිදී මව්වරුන් හට ලබා දෙන වැදගත්ම අවවාදය දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන තුරු කිසිසේත්ම ලුුණු භාවිතා නොකළ යුතු බවයි. වසරක පූරණය වූ පසුවද ලුණු හැකිතාක් ප්‍රමාද කර ඉතා සු`ඵ වශයෙන් ආහාරයට එක් කිරීම ඉතා වැදගත්ය.

#6monthbabyfood #babyfood #foodcare #helathyfood #howshouldIstartfeedingafterthesixmonths

note

You may also like
පාසල් යන ඔබේ දරුවාගේ යකඩ අවශ්‍යතාවය ගැන ඔබ දැනුවත්ද?
කෙසෙල් (බනානා) අයිස් ක්‍රීම්
බාබාට මාස හය සම්පූර්ණ වු පසු අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුත්තේ කෙසේද?
කෘතිම ආහාර ගැන දැනුවත්ද
error: Content Protected © mummypages.lk