සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබීම ලේ දන් දෙන්න බාධාවක් නොවෙයි. දරුවා ලැබී අවුරුද්දක් ගිය පසු ලෙ දන් දෙන්න පුලුවන් .අපි දන්නවා කොහොමත් සැත්කමකට මුහුණ දුන් පසුත් කොහොමත් අවුරුද්දක කාලයක් සිටිය යුතු බව
ගර්භනී කාලයේදී නීරෝගී කාන්තාවන්ට වුනත් රුධිර පීඩනය , දියවැඩියාව ඇති වෙන්න පුලුවන් .. එම කාන්තාවන්ට ලේ දන් දීමට නොහැකිද ?
අපි දන්නවා නීරෝගී කාන්තාවකට ගර්භනී කාලයේදී ඇතිවන අධි රුධිර පීඩනය , දියවැඩියාව වැනි රෝග ඇතැම් විට ගර්භනී කාලය අවසන් වූ පසු එනම් දරු ප්‍රසූතියෙන් පසු නැතිවී යන බව.ත් ඇතැම් විට දරු ප්‍රසූතියෙන් පසුවද දිගටම පැවතිය හැකි බවත්.
දරු ප්‍රසූතියෙන් පසුව එම රෝග තත්ව නැතිවී යන කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් අවුරුද්දකට පසුව රුධිරය දන් දෙන්න පුලුවන් කිසිම බධාබකින් තොරව.
නමුත් දරු ප්‍රසූතියෙන් පසුවත් එම රෝග තත්ව පවතින , දිගටම ප්‍රතිකාර තුල සිටින කාන්තාවන්ට රුධිරය දන් දෙන්න පුලුවන් ද යන්න තීරණය වන්නේ ඇය රෝගය හොදින් පාලනය කරගෙන සිටිනවාද, ප්‍රතිකාර නිසියාකාරව කරනවාද, එම රෝග තත්වයේ සන්කූලතා පැමිණ තිබෙනවාද හ එම මොහොතේ ඇයගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ පරීක්ෂා කිරීමෙන් අනතුරුව වේ.එම රෝගයන් ගෙන් පෙලුනත් ඉතා හොඳින් රෝගය පාලනය කරන හොද සෞඛ්‍ය තත්වයෙන් සිටීනම් ලේ දන් දිය හැකිය
ඔසප් සිදුවූ දිනයන් වල ලේ දන් දීමට හැකිද ?
ඔසප් සිදුවූ විට කාන්තාවන් ගේ රුධිර වහනය නිසා ඇතැම් කාන්තාවන් රක්තහීනතා තත්වයෙන් පෙලීමට පවා ඉඩ ඇත.. .
එසේම ඔසප් දිනවල යටි බඩ රිදීම , කොන්දේ වේදනාව , ශරීරික අප්‍රාණික භාවය වැනි තත්ව බොහෝ විට කාන්තාවන්ට ඇතිවිය හැක..
එවැනි කාන්තාවන් ඔසප් දිනවල රුධිරය දන් දුන්නහොත් පසුව ශරීරය තවත් දුර්වල විය හැකිය. .නමුත් සෞඛ්‍ය සම්පන්න , නීරෝගී රුධිරයේ හිමොග්ලොබින් මට්ටම හොදින් පවතින කාන්තාවන්ට ඔසප් දින වලද රුධිරය දන් දිය හැකිය .. නමුත් සියලුම කාන්තාවන් ඔසප් දිනවල රුධිරය දන් දීමෙන් වැලකී සිටිනවානම් වඩා යහපත් වේ. එ වෙනුවට ඔබ වෙනත් දිනයක් තෝරා ගැනීමෙන් ඔබට සිදුවිය හැකි අපහසුතා මග හරවා ගැනීමට මෙන්ම සාර්ථක රුධිර පරිත්‍යාගයකට යොමු වීමටද ඔබට හැකිවනු ඇත.
#duringpregnancy #pregnancy #pregnancycare #pregnancycheckup #pregnancypain #pregnancytime #pregnancytips #pregnantmother #pregnantwomen #mothercare #pregnancyarticleinsrilanka