Home > Lifestyle > ගමන් > සිතුල් පව්ව

සිතුල් පව්ව

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමන සිහිවීම සඳහා ආගමික උත්සව පැවැත්වෙන ප‍්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වශයෙන් සැළකිය හැක්කේ සිතුල් පව්වයි. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇති මේ පුද බිම “චිත්තපබ්බත” චිතලපවන” යන නම් වලින්ද හැඳින්වේ. පර්වතය මත ඉදි කළ චෛත්‍යයකි. මේ පුදබිම තනවා ඇත්තේ රුහුණු රට රජ පැමිණ රට කරවූ කාවන්තිස්ස රජතුමාය. මේ ස්ථානයේ දාන ශාලා ධර්ම ශාලා , උපෝසථ ශාලා, ගිමන්හල් සක්මන් මළු ආදිය කරවු එතුමා දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩමවාගෙන සත්දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සඟ සතු කර පූජා කළ බවද කියැවේ.

සිතුල් පව්ව, මහ සිතුල් පව්ව සහ කුඩා සිතුල්පව්ව යනුවෙන් කොටස් දෙකකි. මෙහි අතීතයේ මහ රහතන් වහන්සේට සෙවණ දුන් ගුහා සිය ගණනක් හමුවී ඇත.රාජ්‍ය වර්ෂ පූර්ව 161 දී (බු.ව. 383) අනුරාධපුර රාජධානියේ රජ පැමිණ වසර තුනක් රට කරවූ ගාමිණී අභය (දුටුගැමුණු) රාජ්‍ය වර්ෂ පූර්ව 137 දී (බු.ව. 407 ) එම රාජධානියේ රජ පැමිණ වසර දහ අටක් රට කරවූ සද්ධාතිස්ස රාජ්‍යවර්ෂ 65 දී (බු.ව.608) එම රාජධානියේ රජ පැමිණි වසර හතළිස් හතරක් රට කරවූ වසභ රාජ්‍ය වර්ෂ 109 දී (බු.ව. 652 ) එම රාජධානියේ රජ පැමිණ වසර තුනක් රට කරවූ වංකනාසික තිස්ස , රාජ්‍ය වර්ෂ 134 දී (බු.ව 677) එම රාජධානියේ රජ පැමිණ වසර හයක් රට කරවූ මහල්ලක නාග (මහළුනා ) රාජ්‍ය වර්ෂ 140 දී (මු.ව. 683 ) එම රාජධානියේ රජ පැමිණ වසර විසිහතරක් රට කරවූ දෙවන භාතියතිස්ස රාජ්‍ය වර්ෂ 164 දී (බු.ව. 707 ) එම රාජධානියේ රජ පැමිණ වසර විසි අටක් රට කරවූ කණිට්ඨතිස්ස (කණිටුතිස්) ආදී රජවරු සිතුල්පව්වට පැමිණි වැඳපුදා ගෙන ඇත. වසභ රජතුමා සිතුල්පව්ව පුදබිමේ කරවූ පිරිවාර චෛත්‍ය තුනක නටබුන් ආරක්‍ෂා කර ඇත. එතුමා කරවූ ගල් කැටියක්ද මෙහි ඇත. හතරැස් අඩි හතරක පමණ භ®මියක පිහිටි මේ ගල් කුළ ඉහළට විහිදී යන නිසා” ගල්කූඩය “ යනුවෙන් නම් කර ඇත.රාජ්‍ය වර්ෂ 134 දී (බු.ව. 677) අනුරාධපුර රාජධානියේ රජ පැමිණ වසර හයක් රට කරවූ මහල්ලක නාග (මහළුනා) රජතුමා මෙම පුද බිමේ ප‍්‍රාසාදයක් කරවා ඇත. රාජ්‍ය වර්ෂ 827 දී (බු.ව. 1370 ) බෙරමිණි පාය ) රාජධානියේ රජ පැමිණ වසර දාසයක් රට කරවූ (3 – 4 ) දප්පුල රජතුමා මෙම පුදබිමට “ගොන්න විට්ඨි” නම් ගමක් පූජා කර ඇත.

දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩ සිටි මෙම ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරය අද අලි , කොටි, වලසුන්ගෙන් ගහණ මහ වනයක් මැද පිහිටා ඇති විහාරයක් බවට පත් වී තිබේ. මෙහි පිහිටීම සැලැස්ම සහ නිර්මාණය පුරාවිද්‍යාඥයින්ගේ දැඩි අවධානයට යොමු වූ තිබේ.

ගාමිණී අභය (දුටුගැමුණු) රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් පළමුවැනියා වූ නන්දිමිත‍්‍ර සහ හත්වැනි යෝධයා වූ වේළුසුමන යන යෝධයන් දෙදෙනා විසින් කරවා පූජා කරන ලද ලෙන් දෙකක් මෙහි ඇත. දුටුගැමුණු රජතුමාගේ තමත් යෝධයකු වූ ඵස්සදේව යෝධයා, සිතුල්පව්ව ගමේ වැසියෙකි.භාණක මලියදේව නම් හිමිපාණන් වහන්සේ නමක් සිතුල්පව්ව විහාරයට වැඩම කොට ජජක්ක සූූත‍්‍රය දෙසීමෙන් පසු, වයස සැට වසරක් සපිරි තෙරුන් වහන්සේ සැට නමක් රහත් ඵලය ලබා ඇත.

මෙම පුදබිමේ පුරාවිද්‍යාත්මක අතින් වැදගත් වටිනාකමක් ඇති පැරණි , ස්ථූප ලෙන් විහාර බෝධි සත්ව පිළිම ආදිය දක්නට ලැබේ. ප‍්‍රජා ශාලාවක නටබුන් ද වේ. මෙහි ඇති චිත‍්‍ර සීගිරි සිතුවම් වලට වඩා පැරණි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.රාජ්‍ය වර්ෂ පූර්ව 104 දී (බු.ව. 440 ) අනුරාධපුර රාජධානියේ රජ පැමිණි වට්ට ගාමිණී අභය (වළගම්බා) රජතුමා රාජ්‍ය වර්ෂ පූර්ව 88 (බු. ව. 455) එම රාජධානියේම දෙවන වරටත් රජ පැමිණි වසර දොළහක් රට කරවීය. එම රාජ්‍ය සමයේ ඇති වූ වැමිණිටියා සාගතය නිසා මෙහි වැඩ සිටි දොළොස් දහසක් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සිතුල්පව්ව පුදබිම පරිහානියට පත්වන්නට විය.

ඉන්පසු කරුණු සොයා දැනගත් ගාල්ලේ යටිගල මහා විහාරාධිපතිව වැඩ වාසය කළ පූජ්‍ය කළහේ ශීී‍්‍ර රතනජෝති හිමිපාණන් වහන්සේ ඝන වනයට පිවිසි මෙම පුද බිම වර්ෂ 1927 දී එවකට පැවැති මහා බි‍්‍රතාන්‍ය රජයෙන් අවසර ගෙන වැඩි දියුණු කිරීම ආරම්භ කළහ.

උපුටා ගැනිමකි sinhalamsg