Home > Latest Articles > සිඟිත්තාගේ ආහාර වේල පිලිබඳවයි

ad-banner2

පැටියාට ආහාර ලබාදීමට උපදෙස්

ඔබේ දරුවා ආහාර ගන්නා අවස්ථාවේදී ප්‍රමාණයට වඩා ජලය පානය කරන්නට දෙන්න එපා.  එවිට දරුවාට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමට නුපුළුවන් වේ.  සම්පුර්ණ ආහාර ප්‍රමාණය අනුභව කළ පසු පමණක් වතුර පානය කිරීමට දෙන්න.

ඔබේ දරුවාගේ ආහාර කුඩා කැබලිවලට කපා වෙන් කරන්න. එවිට ඔවුන්ට එය හැපීමට සහ   ගිලීමට පහසු වේ.

මාස 12 පමණ වනවිට බොහෝ දරුවන්ට හැන්ද (spoon) හැසිරවීමට හැකි වේ. ඔබේ දරුවාට තනිවම ආහාර ගැනීමට හුරු කරන්න.  එවිට දරුවා තුළ ස්වයං හැකියාව සහ ආත්ම සංයමය නිතැතින්ම ඇති වේ.

දරුවන්ට ඉතා කුඩා සහ ඉතා තද ගතියෙන් යුක්ත (උදාහරණයක් වශයෙන් සමහර ටොෆී වර්ග) ආහාර වර්ග දෙන්න එපා.  ඒවා දරුවන්ට නොදැනුවත්වම ගිලී හුස්ම හිරවිය හැක.

ආහාර ගැනීමෙන් පසු වතුර වීදුරුවක් බීමට අනුබල දෙන්න. එමඟින් ආහාරය හොඳින් ජීරණය වේ.  මාස 6න් පසු බබාට වතුර පානය කිරීමට සුදුසු කුඩා කෝප්පයකින් (එනම් කුඩා කෙමියක් -කටක් සහ අල්ලා ගැනීමට ආධාරකයක් සහිත කෝප්පයකින්) පානය කිරීමට හුරු කරන්න.  එවිට කිසිවෙකුගේ ආධාරයක් නොමැතිව ජලය හෝ වෙනත් බීම වර්ගයන් බීමට බබා හුරු වේ.

කෑමට හැකි ප්‍රමාණයේ ආහාර පමණක් බබාගේ පිඟානට බෙදන්න. අනවශ්‍ය අයුරින් ආහාර පිරවීමෙන්,  ආහාර අපතේ හැරීමක් සිදුවේ.

විශේෂයෙන් අවුරුදු 1 – 3 දක්වා දරුවන් දවස පුරා ප්‍රධාන කෑම වේල් 3 ගැනීමට වඩා, කුඩා ප්‍රමාණයේ ආහාර වැළඳීමට කැමතිය. බබාට ආහාර අවශ්‍ය වූ විට දීමට පලතුරු සහ එළවළු කුඩාවට කපා පිරිසිදු භාජනයක තබන්න.

හොඳ ආහාර ගැනීමේ පුරුදු

කුඩා කාලයේ සිටම දරුවන්ට ආහාර ගැනීමේදී පිලිපඳින හොඳ පුරුදු පුහුණු කළ යුතුයි. (එනම්, කතා කිරීමට පෙර ආහාරය ගිලීම, බඳුනක් තමන් ලඟට දෙන්න කියා ආචාරශීලීව ඉල්ලන්න)  ඔබද එම හොඳ පුරුදු අනුගමනය කළ යුතුයි.

දරුවන් යම් අළුත් ආහාරයකට කැමති හෝ අකමැති වීමට පෙර අඩු ගණනේ එම ආහාරයෙන් කටවල් 5ක් වත් රස බැලිය යුතු බව කියා දෙන්න.

දරුවන්ට ආහාර ගැනීමට බල කරන්න එපා. නමුත් නීරෝගී වැඩිහිටියෙක් වීම සඳහා පෝෂ්‍යදායක ආහාර ගත යුතු බව ඔවුන්ට වටහා දෙන්න.

ආහාර ගැනීමෙන් පසු තම පිඟන් සේදීම සඳහා සින්ක් එක වෙත ගෙන යාමටත්, ආහාර ගත් ස්ථානය පිරිසිදු කිරීමට ඔබට උදවු කිරීමටත් දරුවන් පුහුණු කරන්න.

ආහාර නාස්ති කිරීමට අනුබල දෙන්න එපා. ඔබේ දරුවාට කෑමට හැකි ආහාර ප්‍රමාණය පමණක් තම බඳුනට බෙදා ගැනීමටත්, එම කොටස ඉතිරි නොකර අනුභව කිරීමටත් දරුවන්ව ධෛර්යමත්  කරන්න.

ආහාර නිෂ්පාදනය කිරීමට, ප්‍රවාහනය කිරීමට සහ එම ආහාර මිළඳී ගැනීමට කෙතරම් මහන්සි වූවාද යන්න ගැන දරුවන්ට කියා දෙන්න.  එසේම ලෝකය පුරා ආහාර නැති ළමුන් කෙතරම් ප්‍රමාණයක් සිටීදැ’යි ඔවුන්ට වටහා දෙන්න.

දරුවන් ඔවුන් බෙදාගත් සියළුම ආහාරය අනුභව කළවිට සහ ඔවුන් කෑම මේසයේදී හොඳට හැසිරුණ විට, ඔවුන්ව දිරි ගැන්වීමට පැසසුම් කරන්න.  ඒ වාගේම, දරුවන් කෑමට කැමති පැණිරස අතුරුපසක්  දරුවන්ට දී ඔවුන්ව සතුටු කරන්න

 #aboutnutrition #nutrition  #healthyfood #goodfood #childfoods #childrenfoodcare #realfood #babyhealthfood #foodcare  #breakfast #morningbreakfast.

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න

You may also like
කෘතිම ආහාර යනු මොනවාද ?
ආහාර අසාත්මිකතාවයක් යනු කුමක්ද?
දරැවාගේ කෑම පෙට්ටියේ ඇත්තේ සෞඛ්යට හිතකර ආහාරයක්ද? අහිතකර ආහාරයක්ද?
ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක