Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > සිඟිත්තාගේ ආහාර වේලාව ගැන ඔබ දැනුවත්ද?

සිඟිත්තාගේ ආහාර වේලාව ගැන ඔබ දැනුවත්ද?

පුංචි පැටියා සතුටින් තැබීමට සුවැති ආහාර

1. ) කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, විටමින් වර්ග, ඛනිජ ලවණ සහ සෞඛ්‍ය සම්පන්න මේදය අඩංගු සමතුලිත ආහාර ඔබේ දරුවාට ලබා දෙන්න.

2. ) විටමින් ඩී සහ කැල්සියම් විශාල ප්‍රමාණයක් අඩංගු කිරි ඔබේ දරුවාගේ ආහාරය සඳහා ඉතා ගුණදායකය. එනමුත් දිනකට කිරි කෝප්ප 3 කට වඩා ඔබේ දරුවාට ලබා නොදෙන්න. එයට හේතුව, මෙමඟින් අනෙකුත් ක්‍රමානුකූල ආහාර සඳහා ඔබේ බබාට  ආහාර රුචිය ඇති නොවීමයි.

3. ) අවුරුදු 12 ට අඩු වයසැ’ති දරුවන් සඳහා එළකිරි සුදුසු නැත. එහි ඇති සියළුම ද්‍රව්‍ය දරුවාට ජීරණ නොවීම එයට හේතුවයි.  අවුරුදු 2 කට පසු, මේදය අඩු හෝ සාමාන්‍ය ප්‍රමාණයෙන් ඇති කිරි වර්ග බබාට සුදුසුය.

4. ) ඉක්මණින් පිළියෙළ කළ නුසුදුසු ආහාර වර්ග, කෙටි ආහාර, පැණි රස ආහාර සහ පැණි බීම ආදිය ළමයින්ට නුසුදුසුය.  මෙම ආහාර වර්ගයන්හි, සීනි, මේදය, සහ කෘතිම රසකාරක අඩංගු වේ.  ඒවා ඔබේ බබාට ශරීර සෞඛ්‍යට ඍණාත්මකව බලපායි.

5. ) ඔබේ බබා නියමිත මාත්‍රාවෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරයි නම්, ඒ පිළිබඳව බබාගේ ළමා වෛද්‍යවරයා හමු වී, ආහාර පාන වලින් බබාට නොලැබෙන සියළුම විටමින් සහ ඛනිජ වර්ග අඩංගු විටමිනයක් ලබා දෙන්න.

6. ) අද අපි ආහාරයට ගන්නා පලතුරු, එළවළු සහ මස් වර්ගවල ශරීරයට නුසුදුසු, කෘමිනාශක සහ වර්ධන හෝර්මෝන අඩංගු වේ.  පලතුරු සහ එළවළු හොඳින් සෝදා ආහාරයට ගන්න. එලෙසෙම හැකි සෑමවිටම කාබනික නිෂ්පාදනයන් මිළ දී ගන්න.

ආදර්ශමත් වන්න : ඔබ එළවළු අනුභව නොකරයි නම්, ඔබේ දරුවාට එළවළු ආහාරයට ගැනීමට පුරදු කළ නොහැක.

#babyfood #babyfoodtime #babyhealthyfood #healthyfood

note

You may also like
අධි බර කොටසට අයත් දරුවෙකුගේ ආහාර පාලනය කළ යුත්තේ කෙසේද ?
සුප් වර්ග
බාබාට මාස හය සම්පූර්ණ වු පසු අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුත්තේ කෙසේද?
කෘතිම ආහාර ගැන දැනුවත්ද
error: Content Protected © mummypages.lk