Home > අලුත උපන් ළදරැවා > සිඟිත්තන්ගේ ඉගෙනීමේ ක්‍රියාකාරකම්

සිඟිත්තන්ගේ ඉගෙනීමේ ක්‍රියාකාරකම්

සිඟිත්තන්ගේ ඉගෙනීමේ ක්‍රියාකාරකම්

ඔබේ බබාගේ වීසි කිරීමේ, ඇල්ලීමේ සහ පයින් ගැසීමේ ක්‍රියාකාරකම වැඩිදියුණු කිරීම සඳහා සැහැල්ලු බෝලයක් යොදා ගෙන, ඔබත් ඔහු/ඇය සමඟ සෙල්ලම් කරන්න.

බබාගේ දණහිස් නවා ඉඳ ගැනීමේ ක්‍රියාව දිරිමත් කිරීම සඳහා සෙල්ලම් බඩු බිම තබා සෙල්ලම් කිරීමට දීමෙන් ඔහුට/ඇයට ඉඟ (waist) නැමීම ආදී ක්‍රියාවන්ට හුරු විය හැකිය.

උස ස්ථාන වලට නැගීමේ ක්‍රියාවන්ට අනුබල දීම සඳහා, හිතකර එළිමහන් ළමා උද්‍යානවල හෝ  ඔබේ නිවස තුළ ආරක්ෂා සහිතව, ඔබේ පරීක්ෂාව යටතේ ඔහුට/ඇයට සුදුසු ස්ථානයක් පිළියෙළ කර දෙන්න.

සම වයසේ යහළුවන් සමඟින් සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න.  මෙවැනි ක්‍රියාකාරකම් නිසා දරුවාගේ සාමාජීය හැඳියාව දියුණු වේ.

නිවසේ ඉවත දමන ද්‍රව්‍ය වන පත්තර, කාඩ්බෝඩ්, නිවසේ සෑදු ඇලෙන සුළු ද්‍රව්‍ය,  පාට හුණු ආදිය දරුවාට දී, ඔවුන්ගේ නිර්මාණශිලිත්වය සහ චිත්‍ර ඇඳීමේ හැකියාව ඇති කරන්න.

දරුවා කැමති කවි, සිංදු ආදිය ඔබ සමඟ හවුල් වී ගායනා කිරීමට සලස්වන අතර, ඔබ මඟදී ගායනය නතර කර, ඔහුට/ඇයට තනිවම එම ගායනය දිගටම කරගෙන යාමට උනන්දු කරවන්න.  මෙමඟින් දරුවාගේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කළ හැක.

ඔබේ දරුවාට නිදහසේ කුරුටු ගෑමට ස්ථානයක් පිළියෙළ කර දෙන්න.  ඒ අතර සෑම තැනකම කුරුටු ගෑමෙන් වළකින  ලෙස දරුවාව දැනුවත් කරන්න. දරුවාට  කුරුටු ගෑම සඳහා, ඉවතලන හිස් කොළයක් බිත්තියේ ඇලවීමෙන් දරුවාට එය මත පමණක් කුරුටු ගෑමට කියා දෙන්න.

සිඟිත්තාගේ ඉගැනීමට උදවු කරන සෙල්ලම් බඩු

ඔබේ දරුවාට කුඩා නූල් සහ රෝද සහිත සෙල්ලම් බඩු රැගෙන දීමෙන්, ඒවා චලිත වන අතර ඇදීමට සහ තල්ලු කිරීමට ඉගෙන ගනී.

පාට සහ හැඩ තල සහිත සෙල්ලම් බඩු සහ ප්‍රහේළිකා ආදී ද්‍රව්‍ය යොදා ගෙන  සෙල්ලම් කිරීමට දීමෙන්, ඔවුන්ගේ මුල් අවධියේ ප්‍රඥාව දියණු වීමට ඉවහල් වේ.

බොහෝ දරුවන් දීප්තිමත් පාට වලින් යුත් ගොඩනැගිලි නිර්මාණ කැට යොදා ගනිමින් තනිවම උස කුළුණු සෑදීමට ඉතා කැමැතිය.  මෙයින් ඔවුන්ගේ පරිසර අවකාශය පිලිබඳ දැනුම ඇතිවේ.

ඔබේ දරුවාට සෙල්ලම් තුවක්කු, පිහි සහ කැටපෝල ආදී දේ දීමෙන් වළකින්න. මෙවැනි දේ දරුවාට ලබා දීමෙන්, සාහසික ක්‍රියා කිරීමට දරුවා පෙළඹේ.

දරුවාට සෙල්ලම් කිරීමට බෝනික්කන් ලබා දෙන්න.  මෙමඟින් ඔහුට/ඇයට ඇති කාර්ය භාරය වටහා දෙන්න.  කුඩා දරුවන්ට පහසුවෙන් පාලනය කළ හැකි  ලොකු බෝනික්කන්ව දෙන්න.

ඔබේ බබාට මූලික අධ්‍යාපනය ලබා දීම සඳහා, ශබ්ද සහ ස්පර්ශ කර දැනීම් ලබා ගැනීමේ  මූලිකාංග  ඇති පොත් දරුවාට ඉතා වැදගත්ය.   මෙමඟින් විවිධ ශබ්ද සහ විවිධ ස්වභාවයන් හඳුනා ගැනීමට හැකිය.

දරුවාගේ අත් යොදා ගනිමින්  නිර්මාණශිලි දේවල් තැනීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා නිවසේ සෑදූ පාන් පිටි ඉතා ලාබදායක සහ ඉතාම සුදුසු ද්‍රව්‍යයකි.

#kidslearningactivities #activities #kidactivites #kidspalytimenote