Home > Latest Articles > සෑම ළමයෙකුටම අවැසි පෝෂ්‍යය ද්‍රව්‍ය ගැන මව්වරැන් දනුවත් ද ?

සෑම ළමයෙකුටම අවැසි පෝෂ්‍යය ද්‍රව්‍ය ගැන මව්වරැන් දනුවත් ද ?

ad-banner2

දෙමව්පියන් වශයෙන්, අපි අපේ දරුවන් සෞඛ්යසම්පන්නව සිටීම සඳහා අත්යවශ් විටමින් සහ පෝෂ්යදායක ආහාර මොනවාදැයි සිතමින් පසුතැවෙමුරෝගවලින් තොර සෞඛ් සම්පන්න, ශක්තිසම්පන්න සහ ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීම සඳහා සමතුලිත ආහාර ගැනීම අවශ් වේනමුත් සඳහා අවශ් විටමින් සහ පෝෂ්යදායක ආහාර වර්ග මොනවාද?

දරුවන්ට දිනපතා සෞඛ් සම්පන්නව සිටීම සඳහා අත්යවශ් පෝෂ්යදායක දේවල් කිහිපයක් පහත සඳහන් වේ.

ICON

ප්‍රෝටීන් – මෙය දරුවන්ගේ ශරීරයේ ඇති සෛල සෑදීම, ආහාර වලින් ශක්තිය ඇති කිරීම, රෝගකාරක විෂබීජ සමඟ සටන් කිරීම සහ ඔක්සිජන් ශරීරයේ එහා මෙහා ගෙන යාමසඳහා  උපකාරී වේ.  ප්‍රෝටීන් බොහෝ වශයෙන් ඇති ආහාර වනුයේ, මාංශ වර්ග, කුකුළු මස්, මාළු, දෘඩඵල (කජු, රටකජු, ආමන්ඩ් වැනි දෑ), කිරි සහ බිත්තර වේ.

කාබෝහයිඩ්රේට් – මෙය ශරීර ශක්තිය ඇතිකරන බොහෝ වැදගත් මුලාශ්‍රයක් වන අතර,  දරුවාගේ ශරීරයේ ඇති මේදය සහ ප්‍රෝටීන් යොදා ගෙන පටක අලුත්වැඩියා කිරීමට ද උපකාරී වේ.     කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වනුයේ, පාන්, බත්, ධාන්‍ය වර්ග, පැස්ටා සහ අල වර්ග වේ.

මේදය  – දරුවාගේ පෝෂණය සඳහා ඉතා අවශ්‍ය දෙයකි.  එය දරුවාගේ ශරීර අස්ථි ශක්තිමත් කරන අතර, කුඩා සිරුරු කොටස් අවශෝෂණය කිරීමටත්, අනිකුත් පෝෂ්‍යදායක දේ ප්‍රයෝජනයට ගැනීමට ද, උදව් වේ.  මේදය විශාල වශයෙන් අඩංගුවන්නේ  මාංශ, මාළු, කිරි මිශ්‍රිත නිෂ්පාදන සහ දෘඩඵලවැනි ආහාර වර්ගවල වේ.

කැල්සියම් – මෙය දරුවන්ට ඉතා අවැසි පෝෂ්‍යදායක දෙයක් වේ.  මෙයින් දරුවාගේ අස්ථි සහ දත් ශක්තිමත් කරන අතර, රුධිරය කැටි ගැසීමසඳහා සහ ස්නායු, මාංශපේශි සහ හෘද ක්‍රියාකාරිත්වයට උපකාරී වේ.  කැල්සියම් වැඩි වශයෙන් ඇති ආහාර වර්ග වනුයේ, කිරි, කිරි වලින් නිෂ්පාදිත ද්‍රව්‍ය, ටෝෆු (මෙය පිළියෙළ කරන්නේ මුදවා ගත් සෝයා කිරි වලිනි), බ්‍රොකොලි සහ නිවිති වැනි ආහාර වර්ගවල අන්තර්ගත වේ. .

යකඩ – දරුවන්ගේ ශරීරය තුල ඔක්සිජන් එහා මෙහා ගෙනයන ශක්තිමත් රතු රුධිර සෛල සෑදීම සඳහා ඉවහල් වේ.  රතු මාංශ වර්ග, කුකුළු මස්, සිප්පි බෙල්ලන්, බෝංචි සහ දෘඩඵල  වැනි ආහාරවල වැඩි වශයෙන් යකඩ අඩංගු වේ.

තන්තු – මෙය මඟින් දරුවන්ගේ බඩවැල්වල ක්‍රියාකාරිත්වය ඇති කිරීම සහ වැඩිහිටියෙකු බවට පත් වූ පසු හෘද රෝග සහ පිළිකා රෝගවලින් වැළැක්වීම සිදු කරයි.  වැඩි වශයෙන් කෙඳි සහිත ආහාර වර්ග අඩංගු වනුයේ, ධාන්‍ය වර්ග, පරිප්පු සහ කඩල වැනි ආහාර ද්‍රව්‍යවල වේ.

විටමින් (A)  – ළමයින්ගේ ඇස් පෙනීම දියුණු කිරීම, සම සෞඛ්‍ය සම්පන්න ලෙස තබා ගැනීම සහ රෝගකාරක විෂබීජ වලින් ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලැබේ.   කැරට්, ස්කොෂ්, බ්‍රොකොලි සහ ගෝවා වැනි ආහාර ද්‍රව්‍යවල විටමින් Afood වැඩිපුර අඩංගු වේ.

විටමින් බී (B)  – විටමින් බී සංකීර්ණය අඩුවීම නිසා දරුවන් තුල ඇනීමියා (රුධිරයේ ඔක්සිජන් එහා මෙහා ගෙනයාම සඳහා රතු රුධිරානු අඩුවීම) නමැති රෝගය සැදීමට බොහෝ දුරට ඉඩ ඇත.  විටමින් B අඩංගු ආහාර වන්නේ මාළු, කුකුළු මස්, පලා වර්ග, කිරි නිෂ්පාදන සහ ධාන්‍ය වර්ග වේ.

විටමින් සී (C)  – මෙමඟින් සෙම්ප්‍රතිශ්‍යාව සමඟ සටන් කිරීමේ හැකියාව ලැබෙන අතර, ශරීර සෛල එකිනෙක එකට බැඳ තැබීමට උදවු කිරීම, රුධිර නාලවල බිත්ති ශක්තිමත් කිරීම, ශරීරයේ ඇතිවන තුවාල සුවකිරීම, අස්ථි සහ දත් ශක්තිමත් කිරීමට ද උපකාරී වේ.  මෙම විටමිනය ඇඹුල් (සිට්‍රස් අම්ලය) ඇති පලතුරු, තක්කාලි, අර්තාපල් සහ අඹ වැනි පලතුරුවලත් අඩංගු වේ.

විටමින් ඩී (D) – කැල්සියම් වැනි ඛනිජ ලවණ ශරීයට උරා ගැනීමට උදව් කරන අතර, දත් සහ අස්ථි ශක්තිමත්  කිරීමටද, උපකාරී වේ.  විටමින් D අඩංගු ආහාර වශයෙන් බිත්තර, කෙලවල්ලා මාළු, ආරක්ෂා සහිතව සකසන ලද කිරි ආහාරවල ඇති අතර, උදෑසන හිරු එළියෙන්ද ලබා ගත හැකිය.

විටමින් (E)  – සෞඛ්‍ය සම්පන්න සෛල විනාශ කරන ධාතුවලින් හටගන්නා නිදහස් අංශුවල වර්ධනය සීමා කරන අතර, ප්‍රතිශක්ති පද්ධතියට වැදගත් වන අතර, DNA ප්‍රතිසංස්කරණය කරන අතර,  පරිවෘත්තීය ක්‍රියාවලියට උපකාරී වේ.  විටමින් E අඩංගු ආහාර අතර, ආමන්ඩ්, සූරියකාන්ත බීජ (හෙවත් ඇට), පිපිඤඤ ඇට සහ නිවිති ආදිය සඳහන් කළ හැක.

අතවශ්‍යය මේද අම්ල (EFAs) – සෛලවල වැඩීම ප්‍රකෘතිමත් කිරීම, මොළයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම, කඩිසරකම ඇති කිරීම, සියලුම කුඩා සිරුරු කොටස්වලට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පධාර්ථ අන්තර්ග්‍රහණය කිරීමට උදව් කෙරේ.  මෙම අත්‍යවශ්‍ය මේද අම්ල අඩංගු වන ආහාර වශයෙන් සැමන් සහ බලමාළු/කෙළවල්ලා මාළු, දෘධඵල, බීජ වර්ග (ඇට), අලිගැටපේර සහ ඔලිව් තෙල් සඳහන් කළ හැක.

ඔබේ දරුවාගේ දිනපතා ආහාරයට ඉහත සඳහන් අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ පෝෂ්‍යයදායක දේ අඩංගු කිරීමට උත්සුක වන්න!]

#babyfood #healthyfood #babycare #childrenfood #childrenfoodcare #foodforchildren,

notice.png low

 

You may also like
ජාන විකෘතිතාවය යනු
මව්වරුන්ට සහ මව්වරුන් වීමට සිටින කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ්
අලුත උපන් බිලිඳුන්ව සෞඛ්යම සම්පන්න ලෙස තබා ගන්නා අයුරු
නිර්මාංශ ආහාර පරිභෝජනය කරන, ගර්භනී මාතාවන්ට අවශ්‍යය පෝෂණය