කෑම මේසයේදී හැසිරිය යුතු හොඳ පුරුදු දරුවන් දැනගෙන සිටීම ඉතා වැදගත් දෙයකි. දෙමව්පියන් වශයෙන් ඒවා දරුවන්ට කුඩා කළ සිටම ඉගැන්වීම අපටඅයත් විශේෂ කාර්යයකි. නිවසේ කෑම මේසයේ සිට වැඩිහිටියන් වූ පසු රැකියාවේ නියුතු කාලයේදී අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වන කාමරයට යනතෙක් සමූහයක් සමඟ කෑම ගැනීම දරුවන්ගේ මුළු ජීවිත කාලය පුරා සිදුවන අත්‍යවශ්‍ය සිද්ධියකි.. එහිදී හැසිරෙන අයුරින් අන් අය දරුවන් කෙරෙහි දරන ආකල්ප ධනාත්මක හෝ සෘණාත්මක විය හැක. නිවසේ දී එම හොඳ ගතිගුණ පුරුදු කිරීමට අපහසුතාවයක් ඇති නොවේ. නිවසේදී හොඳ ගතිගුණ සහ හොඳ පුරුදු ඉගෙනගත් ළමයින් කොහේ ගියත්, ඔවුන්ව කාගේත් පැසසුමට ලක්වීම පුදුමක් නොවේ. ශ්‍රී ලංකාවේ සමහර දෙමව්පියන් දරුවන්ට ආහාර දෙනවිට, කෑම මේසයකදී නොදී, ගෙවත්තේ, පාරේ ඇවිදිමින් ආහාර කැවීම සිරිතක් කරගෙන තිබේ. මේ ක්‍රමයේදී දරුවන්ට කෑම මේසයේ හැසිරිය යුතු පිළිවෙළ නිසි අයුරුන් හුරු නොවී, එයට හාත්පසින්ම වෙනස් පුරුදු ඉගෙන ගනී
දරුවන් කෑම මේසයේදී ඉගෙන ගත යුතු හොඳ පුරුදු පහත සඳහන් වේ.
- දරුවන් ආහාරය අනුභව කිරීමට ප්‍රථම තම දෙඅත් සෝදා ගත යුතුය.
- සෙල්ලම් බඩු කෑම මේසයට ගෙන නොආ යුතුය.
- දරුවන් කෑම මේසයේ ඉඳගත් පසු, ඔවුන්ගේ උකුළ මත අත්පිස්නාව දමා ගැනීමට අනුබල දිය යුතුය. එය හොඳ පුරුද්දක් ලෙසම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත
- ආහාර ගැනීම පටන් ගැනීමට, සියළු දෙනාම කෑම මේසයට එනතෙක් සිටිය යුතු බව කියා දෙන්න.
- ආහාර බඳුනක් හෝ පිඟානක් ඉල්ලීමේදී “කරුණාකර” කියා ඉල්ලන්නත්, එය ලැබුණු පසු “ස්තුතියි” කියන්නත් හුරු කරන්න.
- ළමයින් ආහාර අනුභව කිරීමේදී කතා කිරීමෙන් වැළකිය යුතුය.
- කෑම එකවිට කට පුරා ගත යුතු නැත. ළමයින් කෑම ගත යුත්තේඉතා කුඩා ප්‍රමාණයක් පමණි.
- දරුවන් ආහාර හැපීම තම මුඛය වසාගෙන කළ යුතුය.
- කෑම උණු නම්, ඒවාට පිඹිය යුතු නැත. එය නිවුණු පසු, ක්‍රමයෙන් පිඟාන කෙළවරේ සිට ආහාර ගැනීමට සූදානම් විය යුතුයි.
- ඔවුන් භාවිතා කරන හැඳි, ගෑරුප්පු ආදිය එහාට මෙහාට වනන්නට පුරුදු විය යුතු නොවේ.
- ළමයින් කෑම සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතුය.
- ආහාර ගැනීමේදී තම පුටුවේ, ශරීරය කෙළින් තබාගෙන හිඳ සිටිය යුතු බව ඔවුන්ට උගන්වන්න.
- කෑම මේසයෙන් අනිත් අයට පෙර නැඟිට යාමේදී, “සමාවන්න” කියන්නට පුරුදු කරන්න
- ඔවුන් ආහාර අනුභව කර අවසන් වූ පසු, ඔවුන් ආහාර ගත් පිඟාන මුළුතැන්ගෙට ගෙන යාමට සහ ටිකක් වැඩුණු ළමයින් නම්, තම පිඟාන තමන්ම සේදීමට උපදෙස් දෙන්න.
- දරුවන් කෑම මේසයේදී, තම නාසය පිස දැමීමට පුරුදු නොවන්න කියා දෙන්න. එසේම ආහාර හැපීමේදී, පිටතට ශබ්ද නොනැගෙන්නට හපන්නට කියා දෙන්න.
- දරුවන් කෑම මේසයට පැමිණෙන විට, නිතරම තම හිසකෙස් හොඳින් පීරා යෝග්‍ය ලෙස ඇඳුම් ඇඳ පැමිණිය යුතුයි.
දරුවන්ට කෑම මේසයේ හැසිරිය යුතු පිළිවෙළ පමණක් නොව, සමාජ ආචාර ධර්ම පුරුදු කිරීම දෙමව්පියන් වශයෙන් අපට අයත් යුතුකමකි. ආගම් නායකයින් හැරුණු කොට, මෙලොව කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැත. එමනිසා, ඔබේ දරුවන්ට කෑම මේසයේ දී හැසිරිය යුතු පිළිවෙළ, එක සතියක් ඇතුළත ඉගැන්වීමට උත්සහ කළ යුතු නොවේ. එමනිසා, ඔබ ක්‍රමයෙන් කාලය ගෙන මෙම හොඳ පුරුදු ඔවුන්ට ඉගැන්විය යුතු වේ. දරුවන්ට කෑම මේසයේ හැසිරිය යුතු පිළිවෙළ ඉගැන්වීමට කාලය වැය කිරීම කිසිවිටක අපතේ යන දෙයක් නොවේ.
#kids #children #tablemanners #srilankankids #goodhabit