Home > දෙමාපිය දැනගැනිම පිණිස > ස්වෙච්චා සේවාවේ ඇති අධ්‍යාත්මික ගුණය

ස්වෙච්චා සේවාවේ ඇති අධ්‍යාත්මික ගුණය

තමන් පිළිබඳව හොඳ අවබෝධයක් ලැබීමට කළ හැකි හොඳම දේ නම්, තමාව අතහැර අන් අයට සේවය කිරීමයි!

 මහත්මා ගාන්ධි –

සෑම වසරකම ලෝක ව්‍යාප්ත “ජාත්‍යාන්තර ස්වෙච්චා දිනය” ලෙස දෙසැම්බර් 5 වෙනිදා නම් කර ඇත.  ලෝකය තුල මෙයට වඩා හොඳ පරිසරයක් ගොඩ නැඟීම සඳහා ස්වෙච්චාවෙන් වැඩ කිරීම මිළ කළ නොහැකි කර්තවයකි.  මේ වසරේ – 2015 –  මෙම ස්වෙච්චා දිනයේ තේමාව වනුයේ  “බොහෝ දෙනා විසින් පාලනය කිරීම” යන්නයි.  බොහෝ දෙනෙක් එකතු වූ විට සෑහෙන වෙනසක් කළ හැකි බව සත්‍යයකි.  මෙම දිනයේ ස්වෙච්චා සේවකයින්ට, ඔවුන් ජීවත්වන ප්‍රදේශයට, රටට සහ ලෝකයට කළ ස්වෙච්චා වැඩ පිළිබඳව පෙන්වා දිය හැක.  එයට අමතරව, ලෝකයේ සෑම ස්ථානයකම සිටින ස්වෙච්චා සේවකයින්, ඔවුන් ලෝකයට කළ මෙහෙය අගය කිරීමක් ද, සිදු කෙරෙනු ඇත.

ස්වෙච්චා සේවය යනු කුමක්ද?

කෙනෙකුගේ දක්ෂතාවය හෝ කාලය වැය කර, තවත් කෙනෙකුගේ ජීවන මට්ටම නඟා සිටුවීම ස්වෙච්චා සේවයේ එකම අභිලාෂයයි.  පෙරට වඩා වර්තමාන ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතී.  දුප්පත් පොහොසත් භේද, අඩු ආදායම් ලාභීන් ඇති රටවල මිනිසුන් මුහුණ පාන නොයෙකුත් දුෂ්කරතා, අධ්‍යාපනය ලබා ගැනීමේ දුෂ්කරතා, සම්පත් නොමැතිවීම, ස්වභාවික විපත් පිළිබඳව සොයා බලා අවශ්‍ය පහසුකම් සැපයීම පමණක් ත්‍යාගශීලී කාර්යයන් නොවේ.  ස්වෙච්චා සේවයේ යෙදෙන තනි පුද්ගලයින් හැරුණු කොට, නොයෙකුත් ආයතන තම සේවක මණ්ඩලයද සහභාගී කරගෙන සිදු කරන සාමූහික ක්‍රියාදාමයන් ඇත.

ස්වෙච්චා සේවයේ ඇති ප්‍රබලත්වය

ස්වෙච්චා සේවය සමාජ සංවර්ධනය සඳහා තම ප්‍රජාව එකතු කරගැනීමෙන් බලවත් මාධ්‍යයක් ඇති කර ගනී.   එයින් උදව් අවශ්‍ය අය සහ ඔවුන්ට ස්වේච්චාවෙන් උදව් කිරීමට කැමති අය අතර සම්බන්ධතාවයක් ඇතිවේ.  ස්වෙච්චා සේවකයින් නිරතුරුවම තමා අවට පරිසරෙයේ ඇති නොයෙකුත් අවශ්‍යතාවයන් සොයා බලා, ඒවා සම්පූර්ණ  කිරීමට ස්වෙච්චාවෙන් ඉදිරිපත් වේ.  ශ්‍රී ලාංකික ස්වෙච්චා සේවකයින්ගේ මූලික අභිප්‍රායයන් වන්නේ, දරිද්‍රතාවය පිටුදැකීම, ළමයින්ගේ සුභසාධනය, සියළුම දෙනාට ජීවත්වීමට උචිත පරිසරයක් ගොඩනැගීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මය ගොඩ නැංවීම සහ වෙනස් ජාතීන් අතර සහයෝගිතාවය ඇති කිරීම සඳහා මෙහෙවර කිරීමයි.  තනි පුද්ගල ස්වෙච්චා සේවකයින් සහ ආයතනික ස්වෙච්චා සේවකයින් රජයේ ආයතන, රජයේ නොවන ආයතන, විද්වතුන් සහ පුද්ගලික ආයතන හරහා  ජාලීකරණය (networking) සහ ක්‍රියාකාරකම් වැඩසටහන් හරහා සමාජය තුල සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමට උත්සහ කරනු ලැබේ.

ඔබ කැමැත්තෙන් ඉදිරිපත් වී වැඩ කළ යුත්තේ ඇයි?

ඔබ ස්වෙච්චාවෙන් ඔබගේ හැකියාවන් සහ කාලය යොදා වැඩ කිරීමෙන්, ඔබට මිළ කළ නොහැකි ප්‍රයෝජන ලැබෙනු ඇත.  පහත සඳහන් වන්නේ, ඔබ ස්වේච්චාවෙන් නොයෙකුත් ව්‍යාපෘති සඳහා ඉදිරිපත් වීමෙන් ඔබට අත්කර ගත හැකි ප්‍රතිලාභ කිහිපයකි.

  • තම කැමැත්තෙන් ඉදිරිපත් වී යම් වැඩකට ඔබගේ දායකත්වය පුද කිරීමෙන් ඔබේ කරුණාවන්ත භාවය විද්‍යා දැක්වේ.
  • අනුන්ගේ ප්‍රශ්ණ පිළිබඳ සලකා බලා, ඒවාට හැකි අයුරින් උදව් වීම අත්‍යවශ්‍ය මනුෂ්‍ය වටිනාකම් වේ. එමනිසා, ස්වෙච්චාවෙන් ඉදිරිපත් වීම නිසා, ඔබේ මනුෂ්‍යත්වයට සහ ඔබේ ජීවිතයට යම් අරමුණක් එකතු වේ.
  • ස්වෙච්චාවෙන් වැඩ කිරීම නිසා අලුත් සම්බන්ධකම් ඇතිවීම සහ තිබූ සම්බන්ධකම් වැඩි දියුණු වීම සිදුවේ.  වෙනත් ජන කොට්ඨාශ සමඟ සමඟිතාවයක් ගොඩනඟා ගැනීමට අමතරව, අනෙක් ස්වෙච්චා සේවකයන්, රජයේ ආයතන, රජයේ නොවන ආයතන සන ජාත්‍යන්තර ආයතන හා සම්බන්ධ වීමටද ඉඩ ලැබේ.   
  • ඔබ සමාජයේ ඉතා වැදගත් කටයුත්තකට සහභාගී වීම හේතුවෙන් ඔබේ ආත්මාභිමානය වැඩි දියුණු වේ.
  • ඔබේ දැනුම සහ කුසලතා යොදමින් ඔබ ස්වෙච්චාවෙන් වැඩ කටයුතු වලට හවුල් වීම නිසා, ඔබට වෘත්තීය පළපුරුද්ද ඇති කරගැනීමට ද, අවස්ථාවක් ලැබේ.
  • ස්වෙච්චා කටයුතු මගින් රටට ආර්ථික ලාභයක් ලැබේ.

ශ්‍රී ලංකාවේ ස්වෙච්චා සේවකයින්ට සහභාගී වීමට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපෘති ඇත.  ඔබටත් ඒවාට සහභාගී වීමෙන් අප සියළු දෙනාට එකට එකතු වී කාගේ හෝ ජීවිතයක යම්කිසි ධනාත්මක වෙනස් කිරීමක් කිරීමට හැකියාව ඇත!

ස්වෙච්චාවෙන් ඉදිරිපත් වී, ගමට, රටට, ජාතියට සහ මුළු ලෝකයටම වැඩදායි පුද්ගලයෙකු වීමට ඔබට වාසනාව ලැබේවා!

#service #thespiritualityofvolunteering #whatisvolcanoservice

note

error: Content Protected © mummypages.lk