Home > වට්ටෝරු > ස්පයිසි චිකන් වඩේ

ස්පයිසි චිකන් වඩේ

අවශ්‍ය  දේවල්

චිකන් – 250g
කුඩුකරගත් කොත්තමල්ලි, සූදුරු – මේස හැඳි 01ක්
බී ලූණු – 50g ක්
බිත්තර – 01ක්
ආටා පිටි – 50g ක්
කරපිංචා ස්වල්පයක්
සීසන් පවුඩර් – තේ හැඳි 1/2 ක්
බැදීමට තෙල්
සාදා ගන්නා අයුරු:

මුලින්ම කුකුල්මස් වල කටු ඉවත් කරගෙන සිහින්ව කපා ගන්න. ඉන්පසු, බී ලූණු, අමුමිරිස්, කරපිංචා සිහින්ව කපා ගෙන සීසන් පවුඩර්, කොත්තමල්ලි, සූදුරු, ආටා පිටි, තුන පහකුඩු හා බිත්තර සමග හොදින් මිශ්‍ර කරන්න. එයට මස් ද දමා හොදින් මිශ්‍ර කරන්න. ඉන්පසු මිශ්‍රණය බෝල ලෙස හදා අල්ලෙන් එය පැතලි අයුරින් සාදා ගෙන ගැබුරු තෙලේ බැද ගන්න.