Home > අධ්‍යාපනය > ශ්‍රි ලංකාවේ ළදරැවන්ට ධනාත්මක විනයක් ඇති කරමු

ශ්‍රි ලංකාවේ ළදරැවන්ට ධනාත්මක විනයක් ඇති කරමු

ශ්‍රී ලංකාවේ බොහෝ ළමුන් දෙමව්පියන්ගේ කීම ගණන් නොගතහොත්, ඔවුන්ව ගණන් නොගෙන හෝ බැනීමෙන් හෝ තරවටු කිරීමෙන් මට්ටු කිරීමට බැලීම බොහෝ දෙමව්‍පියන්ගේ සිරිතකි.  ළමුන්ගේ හොඳ චර්යාව, ඔවුන්ව වැරදි මාර්ගයෙන්වැළැක්වීමට ඉතා වැදගත්ය.  තවද, ඔවුන් තමන්වම පාලනය කිරීමට(ආත්ම දමනය) ද, ටිකෙන් ටික ළමයාව හුරු කල යුතු වේ.  කෙසේ නමුත්, ළමයාට බැනීමෙන් හෝ තරවටු කිරීමෙන් ඔවුන්ගේ නරක ක්‍රියාවන් නැති  කිරීමට තැත් නොකළ යුතුය.  ඒවායින් දරුවාගේ ආත්ම සංයමය ඇති කල නොහැක.  නොකඩවා බැණ වැදීමෙන් සහ ශාරීරික වධ හිංසා වලින් දරුවාගේ වැඩීමට සහ මනසටද, අහිතකර බලපෑම් ඇති විය හැක.

 

ක්‍රියා මාර්ග වලින්දරුවාට හොඳ හැසිරීමක් සහ ඔහුගේ හෝ ඇයගේ නරක ගතිගුණ ඇත්නම්,   දරුවාට වචනයෙන් සහ ශාරීරිකව දඬුවම් නොකර, ඒවා ඉවත් කළ  හැක.  අවාසනාවකට, ශ්‍රී ලංකාවේ, ධනාත්මක අයුරින් දරුවාගේ හැසිරීම හොඳ මාර්ගයට ගැනීමේ ප්‍රයත්නයන් ඉතාමත් සීමිතය.  එයට හේතුව ශ්‍රී ලංකාවේ දරුවන්ට තරවටු කිරීම, හොඳ දෙමව්පියන්ගේ ක්‍රියාවක් බව තහවුරු කර ඇති නිසයි.

 

ඔබේ දරුවාට හොඳ ගතිගුණ පුරුදු කිරීමට නොයෙකුත් ක්‍රම ඇත

  • දරුවාගේ නොහොබිනා හැසිරීමට මුල් වූ හේතුව සොයන්න – සමහරවිට දරුවාට ඔබේ වැඩි අවධානයක්  අවශ්‍ය වී ඇති විය හැක.  තවද, ඔහුට හෝ ඇයට මහන්සියක්, බඩගින්නක් හෝ අසනීපයක් ඇති වී, ඒ ගැන ඔබට කියන්නට නොහැකියාවක් ඇති විය හැක.  ශ්‍රී ලංකාවේ ළමුන්ගේ  මෙවැනි අසහනකාරී ක්‍රියාවන් ගැන අවදානය යොමු කිරීම අඩුය.
  • තමන්ගේ ආත්ම දමනය ආරක්ෂා කර ගන්න – සෑමවිටම සන්සුන් සහ සාධාරණ අයුරින් විසදුම්, තීරණ ගන්න.
  • පැහැදිලි කරන්න – ඔබේ දරුවාගේ හැසිරීම හොඳ නැත්තේ ඇයිද යන්න ඔබේ පැහැදිලි කිරීම දරුවා තේරුම් ගත්තාදැ’යි කියා සැක දුරු ගන්න.
  • ඔබ ආදර්ශමත් වැඩිහිටියෙක් වන්න  – දරුවන් ඉගෙන ගන්නේ වැඩිහිටියන් දෙස බලාගෙනයි.  ඔබේ දරුවාගේ හොඳ හැසිරීම බලන්න නම්, ඔබ ධනාත්මක හැසිරීමක් ඇති පුද්ගලයෙකු විය යුතුයි.
  • ස්ථිර සහ නොනැමෙන සුළු පුද්ගලයෙකු වන්න – ඔබ ඔබේ දරුවාගේ යම් හැසිරීමක් අනුමත කල නොහැකි නම්, ඔබත් ඒ විධියේ හැසිරීමක් නැති කෙනෙක් විය යුතුයි.
  • අගය කරන්න – දරුවාගේ හොඳ ගුණාංග ඇත්නම්, ඒවා හඳුනාගෙන, අගය කරන්න.
  • අසාධාරණ ඉල්ලීම් ඉවත දමන්න – ඔබ සැලකිල්ලට ගන්නේ දරුවාගේ ශිෂ්ට සම්පන්න සහ සාධාරණ ඉල්ලීම් පමණක් බව දරුවාට මතක් කර දෙන්න.
  • නරක ක්‍රියාවක ප්‍රති විපාක තේරුම් කර දෙන්න – නරක ක්‍රියාවකින් සිදුකිරීම (උදාහරණයක් වශයෙන්, යම් දෙයක් අවුල් කල හොත්, ඒවා නැවත පිළිවෙලට තබන්න)  අශිෂ්ට හැසිරීමක් බව පෙන්වා දෙන්න.
  • ප්‍රශ්න විසදීමට උනන්දු කරවන්න -නැවත යථා තත්ත්වයටම, එම දේවල් ගෙන එන්නේ කෙසේද කියා දරුවාට ආදරයෙන් කියා දෙන්න (උදා: සමාව ඉල්ලීමෙන් හෝ කැඩුන දෙයක් නැවත තිබූ ලෙසම සෑදීමෙන්)
  • ටික වේලාවක් තනිවම නිදහසේ සිටීමෙන්-විශේෂයෙන්ම කුඩා දරුවන්ව සන්සුන් කිරීමට මෙම ක්‍රමය ඉතා සුදුසුය. දරුවා නැවත හොඳින් හැසිරීමට සුදුසු තත්ත්වයකට එනතෙක්, විනාඩි  2 – 3 ක් තනියම කාලය ගත කිරීමට, යම්කිසි සුදුසු ස්ථානයක දරුවා ස්ථාපනය කරන්න.

ධනාත්මක හැසිරීම නිසා දරුවා එකිනෙකාට ගෞරව කිරීමට සහ විශ්වාසයක් ඇති කර ගැනීමට පුරුදු පුහුණු වෙයි.  මෙය ඔබට ඉතා වැදගත් වේ.  දිගු කාලීනව බැලුවහොත්, මෙම ක්‍රමය දරුවාගේ ආත්ම දමනයක් ඇති කිරීම පමණක් නොව, සමාජීය හැසිරීමේ හුරුවද, ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාවද ඇති කරයි. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ධනාත්මක  හැදියාව දියුණු කිරීමෙන්, අපි අපේ ළමයින්ට  සැඟවුණු කුසලතා වර්ධනය කර ගැනීමටත්, ක්‍රියාකාරී වීමටත්, සමාජයට වැඩදායක, උගත්, බුද්ධිමත්, වැඩිහිටියන් වීමටත් උදව් කරමු!

error: Content Protected © mummypages.lk