ශ්‍රි ලංකාවේ ගමේ ආහාර

ශ්‍රී ලංකාවේ පුරාණ කාලයේ සිටි අපේ මුතුන්මිත්තන් ඉතා හොඳ ශරීර සෞඛ්‍යයයෙන් හෙඹි මනුෂ්‍ය කොට්ඨාශයක් මෙන්ම, ඔවුන් ඉතා දිගු ආයුෂ කාලයක් ගත කළ බව අපි අසා ඇත්තෙමු.  අප  අසා ඇති පරිදි, ඔවුන්ට වැළඳුනේ ඉතා සුළු අසනීප පමණකි.  එයට හේතුව වශයෙන් දැක්විය හැක්කේ ඔවුන් පරිභෝජනයට ගත්තේ ගමේ ආහාරය.   අද පවතින ආර්ථික රටාව අනුව, බොහෝ මව්වරුන් රැකියාවන්හි නිරතවන අතර, ඉතා දිගු කාර්යබහුල දහවල් කාලයක් තම කාර්යාලයේ ගත කර, එයින් ඉතා විඩාවට පත්ව, සවස ගෙදර යාමේදී, නිවසේ සිටින තම දරුවන්ගේ බඩගිනි නිවීමට ඔවුන් ගෙනයන්නේ ආපනශාලාවලින් මිළ දී ගත්, ක්ෂණික ආහාර වේ.  මෙය ඔවුන්ට ඉතා පහසු කටයුත්තක් වුවද, දිගුකාලීනව බැලුවහොත්, මෙය ශරීර සෞඛ්‍යයට හිතකර නොවේ.

ශ්‍රී ලංකාවේ ඇති සෞඛ්‍යසම්පන්න දේවලින් පෝෂ්‍යදායක ආහාරයක් පිළියෙළ කර ගැනීමට ඔබ කැමතිද?  එසේ නම්, ලෙහෙසියෙන් නිවසේ සාදා ගත හැකි පහත සඳහන් ආහාර පිළිබඳ සොයා බලමු.

කොස්

ශ්‍රී ලංකාවේ ගම්බද පළාත්වල ජීවත්වන පවුල්, ඔවුන්ගේ ගෙවත්තේ ඇති කොස් ගස් නිසා කිසිදිනක බඩගින්නේ මියැදුණේ නැත.  කොස්  ව්‍යංජනයක් ලෙසද, මැල්ලුම් ලෙස හෝ තම්බා, පොල් හෝ හොඳි සමඟින් ආහාරයට ගත හැකිය.  ශ්‍රී ලාංකික ආහාර අතර කොස් (jack fruit)  ප්‍රධාන ස්ථානයක් ගනී.

කොස්වල  තන්තු, විටමින් (ප්‍රධාන වශයෙන් බී සහ සී) සහ ඛනිජ (විශේෂයෙන් මැග්නීසියම් සහ පොටෑසියම්) අඩංගු වේ.  එහි මේදය අඩංගු නොවන අතර,  ශක්ති පදාර්ථ ක්ෂණිකව ශරීරයට ලබාදේ.  තවද, එහි ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍ය ඇන්ටි – ඔක්සිඩන්ට්  විශාල වශයෙන් අන්තර්ගතය.  කොස් වලින් මලබද්ධය වැළැක්වෙන අතර, එමඟින් මහාන්ත්‍රයේ ඇතිවන පිළිකා සෛල සැදීම සහ  හදවත් ආශ්‍රිත රෝග නිවාරණය කිරීම ද,  අස්ථි ශක්තිමත් කිරීම ද සිදු කරනු ලැබේ.  පොළොස් ඇඹුල ඉතා මිහිරි රසැ’ති  ව්‍යංජනයක් වන අතර, ගමේ ගෙවිලියන් තම ස්වාමියාට දහවල් ආහාරය කුඹුරට ගෙනයාමේදී, පොළොස් වාරයට නොවරදවාම පොළොස් ඇඹුල ගෙන යන ආහාරයකි.

ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට පොළොස් ව්‍යංජනය නිරතුරුව ආහාරයට එකතු  කරන්නේ, එමඟින් ඔවුන්ගේ ශරීරයේ ක්ෂීරය වර්ධනය වන බව අප සමාජයේ පවතින මතයක් නිසාය.  ඉඳුණු කොස් හෙවත් වරකා, මේදය සහ සීනි රහිත ඉතා රසවත් අතුරුපසකි.

මඤ්ඤොක්කා

මෙම අල කෑලි කපා, පොතු හැර, හොඳින් සෝදා, ලුණු සහ කහ එකතු කර, භාජනය  නොවසා තම්බාගෙන, පොල් සහ ලුණු මිරිස් සමඟ ඉතා රසැ’ති උදේ ආහාරයක් ලෙස පිළියෙළ කර ගත හැක.  එය විටමින්, ඛනිජ සහ තන්තු අඩංගු ආහාරයක් වන අතර, එහි පිළිකා සෛල මර්ධනය කිරීමේ හැකියාවක් ඇති බවටද, රාවයක් ඇත.

ධාන්‍ය ඇට වර්ග

තම්බා ගත් මුං ඇට, කව්පි ආදිය අපේ මුතුන්මිත්තන් උදේ ආහාරය සඳහා නිතර පිළියෙළ ගත්  ආහාර වේ.  ඒවා පොල් සහ බැඳ ගත් වියළි මිරිස් සමඟ මිශ්‍ර කර ගත් කළ කටට රසැ’ති මෙන්ම, හොඳ පෝෂ්‍යදායක ආහාරයක් ද වේ.  මේවායේ ප්‍රෝටීන්, තන්තු සහ විවිධ විටමින් වර්ග සහ ඛනිජ බොහෝ සෙයින් අඩංගු වේ.  ඒවායේ ද, පිළිකා සෛල මර්ධනය කිරීමේ හැකියාව ඇත.

කොළ කැඳ (ඖෂධීය කැඳ) 

මෙම කැඳවලට බත්, පොල්කිරි සහ ගුණදායක පලා වර්ග වන ගොටුකොළ, මුකුණුවැන්න, හාතාවාරිය වැනි දේ එකතුකර පිළියෙළ කර ගත හැක.  මෙයට, ළුණු, අමු මිරිස්, දෙහි යුෂ සහ උම්බලකඩ දමා පරිභෝජනයට ගැනීමෙන් අමතර ප්‍රෝටීන් ශරීරයට එක්කර ගත හැක.

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස්  වෛද්‍ය වෘතීයවේදියෙක් හෝ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍ය උපදේශකයෙක් හෝ නොවේ.  මෙම වෙබ් අඩවියේ ඇති කරුණුඔබේ සාමාන්‍ය දැනුම සඳහා පමණි.  මෙය වෛද්‍ය උපදේශයක් හෝ ඒ හා සම්බන්ධ ආදේශිතයක් ලෙස නොසළකන්න.  මෙම වෙබ්අඩවියේ ඇති කරුණු ඔබේ  රෝග ලක්ෂණයක් හඳුනා ගැනීමට හෝ රෝගයට පිළියම් කිරීමට යොදා නොගන්න.  යම්කිසි රෝගලක්ෂණයක් කෙරෙහි ඔබට යම්කිසි සැකයක් ඇත්නම්, කරුණාකර ඔබේ වෛද්‍යවරයා හෝ වෛද්‍ය සහයකයා හමුවන්න

You may also like
සෑම ළමයෙකුටම අවැසි වැදගත් පෝෂ්යඳදායක ද්‍රව්‍ය මොනවාද?