Home > ගර්භනී > ලංකාවේ ගර්භනී මාතාවන්ට ගුණාත්මක භාවයෙන් යුත් ඇඳුම්

ලංකාවේ ගර්භනී මාතාවන්ට ගුණාත්මක භාවයෙන් යුත් ඇඳුම්

සතුටුදායක ගර්භනී අවස්ථාවකට මුහුණ දීම සඳහා ලක ලැහැස්තිවීම වෙනුවෙන් අලංකාර මෝස්‌තර සහිත පහසු ඇඳුම්

ගර්භනී අවස්ථාවේදී විශේෂිත ඇඳුම් වලින් සැරසී සිටීම ඉතා වැදගත් සාධකයකි.  එම අවස්ථාවේදී ඔබේ ශරීරයට සරිලන ඉතා අලංකාර ඇඳුම් බොහොමයක් ඇත.  ඉතින්,  ක්‍රමයෙන් ඉදිරියට  නෙරා එන ඔබේ ගර්භය සහිත ශරීරය එම විසිතුරු  ඇඳුම් පැළඳුම් වලින් හැඩ ගන්වන්න.

ඔබ තවදුරටත් පැරණි ඇඳුම් ආයිත්තම් වලින් සැරසිය යුතු නොවේ.  දැන් ඔබට, ගර්භනී අවස්ථාවේ දී වුවද, සැරසීමට නොයෙකුත් වර්ගයේ නවීන විලාසිතා  වලින් යුත් ඇඳුම් පැළඳුම් ලබා ගත හැකිය.  මෙම ඇඳුම් නිර්මාණය කර ඇත්තේ ඔබේ දරුවා ලැබුනායින් පසුවත් ප්‍රයෝජනයට ගත හැකි අයුරිනි.  එනම්, මේ ඇඳුම් නිර්මාණය කිරීමේදී, ඔබේ බබාට මව්කිරි දීමට වුවද පහසු අයුරින් සකසා ඇත.  මෙම ඇඳුම් අතර, ඔබට පහසු ලෙස ඇඳිය හැකි කලිසම්, ලෙගින්ස්, ජීන්ස්, ගවුම්,  බ්ලවුස්, සායවල්, කමිස, බෙඩ් ජැකට්, රාත්‍රියට අඳින ඇඳුම් සහ පිජාමා ඇඳුම් ද ඇත.

මීට අවුරුදු කීපයකට පෙර, ගර්භනී මාතාවක් ලස්සන කලිසමකින් හෝ ලෙගින් කලිසමකින් සැරසී සිටිනු දුටුවහොත්, අපි සියළු දෙනාම පුදුමයට පත් වන්නේ, එයින් ශරීරය නිසි ලෙස ආවරණය කරගත නොහැකි හෙයිනි.  නමුත්, අද තත්ත්වය එයට හාත්පසින්ම වෙනස්ය.  අද එම ඇඳුම් නිර්මාණය කර ඇත්තේ, ඉතා සියුම් ලෙස නිමවූ, දීප්තිමත් වර්ණ, කදිම මෝස්‌තර සහ නියම හැඩයෙන් මෙන්ම ගැබිණි මාතාවකට නිසි ලෙස ශරීරය ආවරණය කරගත හැකි අයුරුනි.  ක්‍රමයෙන්  ඔබේ ඉදිරියට නෙරා එන උදරය  ආවරණය වනසේ  ඉලාස්ටික් පටියක් ඔබට පහසු අයුරින්  බඳ වටා අල්ලා, ශරීරයේ ඉතිරි කොටස මනා ලෙස විදහා දැක්වෙන සේ මෙම ගර්භනී කලිසම්  නිමවා ඇත.   මෙවැනි ඇඳුම් ඔබව නවීන විලාසිතාවන්ගෙන් සරසනවා පමණක් නොව, එමඟින් ඔබට විශාල ලෙස ඉතිරියක් ද ඇති කර දේ.  එනම්, මෙම සියළුම ඇඳුම් නිර්මාණය කර ඇත්තේ ඔබට බබා ලැබුණු පසුව  වුවද, මෙම ඇඳුම් වලින් ඉතා මනහර ලෙස සැරසී සිටීමට හැකි වන සේය.

#matinitydress #pregnancyware #pregnancycloths

note