Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > ශරීරයට ගුණ දෙන වට්ටක්කා
මේ දිනවල ලෝකයේ පවතින වෛරස් වසංගත තත්වයෙන් ආරක්ශා වීමට නම්, ඔබ නිවසට වී ආරක්ශිතව සිටිනවාට අමතරව, ඔබගේ ශරීරයේ ප්රත්ශක්තීකරණය වඩවන ආහාර ද නිතර ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි. මීට අමතරව දීප ව්යාප්ත අයුරින් දියත්වන ප්රත්ශක්තීකරණ වැඩසටහන් ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලාධාරීන් විසින් දියත්කරනු ලැබේ.
වට්ටක්කා කියන්නේ මේ දිනවල තරමක් සුලබව දකින්නට ලැබෙන, තරමක් ලාබෙට ගන්න පුලුවන් එලවලුවක්. නමුත් හැමදාම එකම ක්රමයට පිසගෙන කන්න ගියාම කෑමට ඇති රුචිය අඩු වෙනවා. ඒ නිසා අපට විවිධ ක්රම වලට වට්ටක්කා පිලියෙල කරගන්න පුලුවනි. එවැනි ආකාර 2 ක් අද මම පහත දක්වා තියෙනවා. කෑම රුචිය වැඩෙන ආකාරයට වට්ටක්කා පිලියෙල කරගන්න පෙර අපි බලමු එහි ඇති ගුණ – අගුණ මොනවාද කියලා….
• ශරීරයේ බර අඩු කර ගැනීමට
මාසයක් විතර ගෙදරටම වෙලා ඉදලා, දැන් කට්ටියගේ බරත් වැඩි වෙලා ඇති😉. වට්ටක්කා කියන්නේ කෙදි බහුල ආහාරයක්. ඒ නිසා අනෙක් ආහාර වලට වඩා එහි දිරවීමේ ක්රියාවලිය සිදුවන්නේ හෙමින්. මේ නිසා ඔබ ගත් ආහාරය වැඩි වේලාවක් ආහාර ජීරණ පද්ධතිය තුල ක්රියාකාරීව පවතිනවා. මේ නිසා කුසගින්න දැනීම ප්රමාද වෙනවා.
• අඩු කැලරි ප්රරමාණයකින් යුතු වීම
ශරීරයේ බර වැඩි වීම ගැන සැලකිලිමත් අයට ගොඩාක් වැදගත්.
• ඇස් පෙනීම වර්ධනය කරයි
විටමින් A අන්තර්ගත නිසා එයට ඇසේ දෘෂ්ටිවිතානය මත යහපත් බලපෑම් ඇතිකල හැක.
• ප්රතිශක්තිය වර්ධනය කිරීම
මෙහි අඩංගු විටමින් A සහ C මගින්, ශරීරයට වැලදෙන විවිධ ආසාදන, වෛරස සහ බැක්ටීරියා මගින් වැලදෙන රෝග වලට එරෙහිව සටන් කිරීම සදහා ශරීරයේ ප්රතිශක්තීකරණ පද්ධතියට උදව් වීමත්, සෙම්ප්රතිශ්යාව වැනි තත්ත්ව වලට සහනය ගෙනදීමත් සිදු වේ.
• පිළිකා අවදානම අඩු කරයි
• සමෙහි තරුණ බව රැක දේ
වට්ටක්කා වල අඩංගු ප්රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් මෙම ගුණය ලැබේ.
🌷🌷~~~~ වට්ටක්කා සුප් ~~~~🌷🌷
අවශ්ය ද්රව්ය;
•වට්ටක්කා අවශ්ය පමණ
•රතු ලූනු ගෙඩි 4-5 ක්
•සුදු ලූනු බික් 5-6 ක්
•ගම්මිරිස් කුඩු ස්වල්පයක්
•ලුනු කුඩු ස්වල්පයක්
•කරපිංචා ඉත්තක් ( සිහින්ව කපා ගත්)
සාදන අයුරු;
සියල්ල භාජනයකට දමා, වතුර ද දමා වට්ටක්කා තැම්බෙන තෙක් පිසගන්නා. තැම්බුනු වට්ටක්කා නෑඹිලියට දමා පොඩිකර ගෙන නැවතත් භාජනයටම දමා හොදින් කලවම් කර ගන්න. ඉන්පසු මද උණුසුමින් රස විදින්න.
🌷🌷~~~~ වට්ටක්කා ව්යංජනය ~~~~🌷🌷
අවශ්ය ද්රව්ය;
•වට්ටක්කා අවශ්ය පමණ
•වට්ටක්කා ඇට ටික සහ සාමාන්යයෙන් ඉවත් කරන කොටස
•තරමක බී ලූනු ගෙඩියක්
•සුදු ලූනු බික් 7-8 ක්
•කරපිංචා ඉත්තක්
•රම්පෙ කෑල්ලක්
•ගම්මිරිස් කුඩු ස්වල්පයක්
•ලුනු කුඩු ස්වල්පයක්
•ගා ගත් පොල් කෝප්පයක්
•කුරුදු පොතු කැබැල්ලක්
•සූදුරු කුඩු ස්වල්පයක්
•අමු මිරිස් කරල් 3-4 ක්
සාදන අයුරු;
සාමාන්ය ආකරයට වට්ටක්කා කැබලි කපා, පොල් කිරෙන් තුනපහ,කහ කුඩු,මිරිස් කුඩු,බී ලූනු කොටසක්,රම්පෙ කරපිංචා යනාදිය දමා පිසගන්න. ගොඩාක් හිදෙන්න දෙන්නෙපා.එය මද ගින්දරේ පිසෙන අතරතුර, වංගෙඩිය ගෙන වට්ටක්කා ඇට සහ ඉවත් කරන කොටස කොටන්න. පසුව එයට සුදු ලූනු දමා හොදින් තලා ගන්න. එයටම ඉතිරි බී ලූනු ටික දමා කොටන්න. ඉන්පසු අමු මිරිස්, කුරුදු පොත්ත, ගම්මිරිස්, සූදුරු කුඩු, ලුනු කුඩු ස්වල්පයක් දමා කොටා, අවසනට පොල් ටික ද දමා හොදින් කොටාගන්න. වට්ටක්කා හොදින් තැම්බී, තරමක් ඉස්ම ඇති විට, ඉහත කොටාගත් මිශ්රණය එයට එක් කර හොදින් පිසගන්න. ආහාර රුචිය වඩවන ප්රණීත සුවදක් ද ඇත.