Home > දෙමාපිය දැනගැනිම පිණිස > වෙස්වළා ගෙන ආ දේව දුතියන් – ආත්තම්මලා

වෙස්වළා ගෙන ආ දේව දුතියන් – ආත්තම්මලා

“අම්මාගේ හෝ තාත්තාගේ ආදරණීය වයස් ගත මවට දරුවන්ආදරයට අමතන්නේ “ආත්තම්මා” යනුවෙනි.  ශ්‍රී ලංකා ජන සමාජයේ සිටින මෙම ආත්තම්මා යනු,  බුද්ධිමත් සහ ඉතා කරුණාවන්ත චරිතයකි.  එසේම, ඔවුන්ගේ ජීවිත කාලය තුළ මුහුණ දුන් අසීමිත අත් දැකීම් සම්භාරය මත, ඉතා ආශ්චර්යමත් කතා කීමට ඕනෑම වෙලාවක සෑදී පැහැදීසිටී.  තවද ඇය,  දයානුකම්පාවේ ප්‍රතිමුර්තියකි.  එමනිසාආත්තම්මලා, ශ්‍රී ලංකාවේ දරුවන්ට දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක්බව කිසිම සැකයක් නොමැතිවකිව හැක.”

දරුවන් බලා ගන්නා ආත්තම්මලා

අද ශ්‍රී ලංකාවේ පවතින  අයහපත් ආර්ථික රටාව අනුව, මව්පියන් දෙපක්ෂයම රැකියාවන් කළ යුතු වේ.  එවිට, ඔවුන්ගේ දරුවන් – එනම් මුණුබුරු මිණිබිරියන් බලා ගැනීමේ කාර්යය ආත්තම්මලාගේ දෑතට පත් වේ.  දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉතා හොඳ නමුත්, ඒවාට අමතරව ඊළඟට තිබෙන අනිත් හොඳම මාර්ගය වන්නේ දරුවන් ආත්තම්මලා අතට පත් කිරීමයි.  ඔබ ඔබේ දරුවන් බලා ගන්නා ආකාරයෙන්ම ආත්තම්මලාද, ඔබේ දරුවන්ව බලා කියා ගනී.  මෙම අවස්ථාවේදී,   දරුවන්ගේ මව්වරුන් නොමැති අඩුපාඩුව පිරිමසන්නේ ආත්තම්මලා විසිනි.  ඔවුන් දරුවන්ගේ කෑම කැවීමේ සිට, නෑවීම, දරුවන් විනෝදයට පත් කිරීම ආදී දරුවන්ගේනොයෙකුත් අවශ්‍යතාවයන් ආත්තම්මාගේ දෑතින් සිදු වේ.  අනිත් කරුණ වන්නේ, ආත්තම්මලා අතට දරුවන් පත් කිරීමෙන්, දරුවන්ගේ ආරක්ෂාව, ඇතුළු සියළු දේමනා ලෙස ඉටු වීමයි.

දරුවන්ගේ මුල් කාලයේ දරුවන්ගේ වැඩීමට පෝෂ්‍යදායක ආහාර පාන අත්‍යවශ්‍ය දෙයකි. ආත්තම්මගේ භාරයේ සිටිනා දරුවන්ගේ වැඩීම ඉතා හොඳින් සිදු වන බවත්, දරුවන් සතුටින් සිටින බවත්, කවුරුත් දන්නා පොදු කරුණකි.  ඔබට ඔබේ ආත්තම්මාව මතකද?  ආත්තම්මලා දරුවන්ගේ බත් පිඟානේ තිබෙන අන්තිම බත් ඇටයත් කන තෙක්, විවේක ගන්නේ නැත.  එමනිසා, ඔබේ දරුවාගේ පෝෂණය පිලිබඳ ඔබ කරදර විය යුතු නැත.

ආත්තම්මා කියන කතාන්තර අසමින්, ඇය අසලින්ම බිම වැතිර සිටිය අයුරු මට තවමත් සිහියට නගා ගත හැක.  දරුවන්ගේ ඉදිරි අනාගතයට මෙම කතාන්තර මහත් සේ උපයෝගී වේ.  ඉතිහාසය, අපේ සංස්කෘතියේ මූලාරම්භය, ආගම සහ සාරධර්ම ආදිය මෙම කතාවල ගැබ් වී ඇති තේමාවන් වේ.   මේවා දරුවාගේ ජීවිතයේ පැවැත්ම සඳහා බොහෝ ප්‍රයෝජනවත් වේ.  නිතරම කෙරෙන කතාබහ, දරුවාගේ භාෂා හැකියාව දියුණු වීමට සහ ඔවුන්ගේ මුල් අවධියේ ඇතිවන මෙම වාග් මාලාව දරුවන්ගේ අධ්‍යාපනයට, චරිතයේ හැඩ ගැන්වීමට, සදාචාරාත්මක ආචාර විධි ආදිය ඉගෙනීමට ඉවහල් වේ.

ඔබේ දරුවා ආත්තම්මට ඕනෑවටත් වඩා ලැදිද?

ලෝකයේ සෑම දෙසින්ම දෙමව්පියන්ගෙන් නැගෙන චෝදනාවක් වනුයේ, දරුවන්ගේ ශික්ෂණය ගොඩ නැංවීමට යද්දී, ආත්තම්මලාගේ හුරතලය නිසා දරුවන් මුරණ්ඩු වී ඇති බවයි.  මෙම අවස්ථාවලදී බොහෝ විට ඇඟිල්ල දිගු වන්නේ ආත්තම්මලා වෙතටයි.  මෙම සීමාව ඉක්ම වූ හුරතලය නිසා, දරුවන් තම දෙමව්පියන්ටත් වඩා ලං වනුයේ ආත්තම්මලාට යන්නද, නන් දෙසින් ඇසෙන නෝක්කඩුවකි.  එමනිසා, දරුවන් ආත්තම්මලාට සහ ඔබට ඇති සම්බන්ධය සමබරව තබා ගැනීමට ඔබ උත්සහ ගත යුතුයි.

ආත්තම්මලා යනු වෙස්වළාගෙන දරුවන් වෙතට පැමිණි සුර දූතිකාවන් වේ.  දරුවන්ගේ ආරක්ෂාව, කෑම  බීම සහ  හැදියාව පිලිබඳ බලා ගැනීමට, දෙමව්පියන් ලඟට ඇති හොඳම දෑත වනුයේ ආත්තම්මලා වේ.  කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ ආත්තම්මලා දරුවන්ව හොඳින් ඇති දැඩි කිරීමේ කාර්යයට ඉතා විශාල මෙහෙවරක් ඉටු කරනු ලැබේ.  ඔවුන්ගෙන් සිදු වන මෙම මිළ නොකළ හැකි සේවය ලබා ගෙන, දරුවන් යහමඟට  ගැනීමට දෙමව්පියන් ඥානවන්ත විය යුතුයි.

#grandmother #kidz # motherinlaw #fatherinlaw

note

You may also like
උකුණන්ගෙන් ඔබේ දරුවාගේ හිස පරිස්සම් කරගන්න
ඔබත් ලමයින්ට දැඩිව අවවාද කරනවාද? එනම් මොහොතක් මේ ගැන සිතන්න
error: Content Protected © mummypages.lk