Home > Uncategorized > වෙන්වීමේ අපහසුතාවයට මුහුණ දීම

වෙන්වීමේ අපහසුතාවයට මුහුණ දීම

කුඩා ගයාන් මොන්ටිසෝරි යන මුල් දිනයේදී අම්මාගේ ඇඟේ එල්ලී හඬන්නට පටන් ගත්තා.  මොන්ටිසෝරියේ අනෙක් ළමයින් එම අවස්ථාවට තැන්පත්ව මුහුණ දුන්නත්, කුඩා ගයාන්ට නම් එතැන තමන්ට අනාරක්ෂිත බවක් දැනුනා. ඔහුට අම්මාගෙන් වෙන්වීම දරා ගැනීමට නොහැකි උනා.

වෙන්වීමේ අවිනිශ්චිත භාවය 

ශ්‍රී ලංකාවේ දරුවන්ට ඇතිවන වෙන්වීමේ අවිනිශ්චිත භාවය සම්පුර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයකි.  පුංචි කාලයේ ඉඳලම දරුවන්, තමන්ගේ ළඟම සිටිනා, තමන්ව බලා ගන්න කෙනා සමඟ  ඉතා දැඩි සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම සාමාන්‍ය දෙයකි.  බොහෝ වෙලාවට එම සම්බන්ධය ඇතිවන්නේ අම්මා සමඟයි.  මෙම සම්බන්ධය ඉතා තදින් සිදු වන්නේ, බබා ක්‍රමයෙන්  වැඩී පාසැල් යන අවධියට පත් වන අවස්ථාවෙදීයි.

කඳුළු පිරි සමු ගැනීම්, කෝපයෙන් හඬා වැටීම් සහ අනෙක් ළමයින් හා එක්වී සෙල්ලම් කිරීමට මැළි වීම, අම්මාගෙන් දරුවා වෙන්වීමේදී ඇතිවන සාමාන්‍ය ලක්ෂණ වේ.  එය කාලයාත් සමඟ යථා තත්වයට පත් වේ.

අම්මාගෙන් වෙන්වීමේදී ඇතිවන අවිනිශ්චිත භාවය ඉතා දැඩි නම්, එය සාමාජයීය, මානසික සහ ශාරීරික ආබාධයන් මවට හෝ දරුවාට ඇති විය හැක.   මෙම අවස්ථාවේදී professional diagnosis –http://en.wikipedia.org/wiki/Separation anxiety Disorder#Criteria  for diagnosis වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු වේ.

ඔබේ දරුවාව පාසැලට යැවීම

ශ්‍රී ලංකාවේ අපි හැමෝම දරුවන්ව මුලින්ම පාසැලට යැවීමේදී ඇතිවන උද්වේගකර අවස්ථාව ගැන අත්දැකීම් විඳ ඇත.  පන්ති භාර ගුරුවරයා කොතරම් හොඳ වූවත්, පන්ති කාමරය කෙතරම් සතුටුදායක වූවත්, ඔබේ සුරතල් දඟ පැටියා කොච්චරවත් ඔබේ ඇඟේ එල්ලීමට මාන බලයි.

1. ඔබේ දරුවාව එම අවස්ථාවට පිළියෙළ කරන්න

  • පෙර පාසැලේ සතුට අත්දැකීමට ඉඩ සලසන්න! ඔබේ දරුවාට පාසැල් යාමේ උනන්දුවක් ඇති කරන්න.  අළුත් කෑම පෙට්ටියක්, බෝතලයක් සහ පාසැල් බෑගයක් මිළ දී ගන්න.
  • සෙල්ලම් කිරීමට ක්‍රීඩා කියා දෙන්න. ඔබට ඇත්තේ එක දරුවා නමේ,  එයා අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට පෙළෙඹවීම තරමක් අමාරු කාර්යයක් විය හැක.
  • නැවත නැවතත් දිරිමත් කරන්න.
  • ඔබේ දරුවාට කාලය පිලිබඳ හැඟීමක් නොමැති විය හැක. නමුත් දවල් කෑම වෙලාවට  ඔහු හෝ ඇය ගෙදර එන බව කියා දෙන්න.
  • ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පලවෙනි දින පාසැල් යනවිට ඇතිවන අවිනිශ්චිත භාවය සාමාන්‍ය දෙයකි. නමුත්, ඔබ කිවූ වචනය ඇත්ත බව දරුවාට හැඟුණ විට, ඔවුන් එම අවස්ථාවට හැඩ ගැසේවි.
  • ඔබේ දරුවා පාසැලට හුරු වනතෙක්, ඔහු හෝ ඇයව පාසැලෙන් පසු නිවසට ගෙන ඒම ප්‍රමාද කරන්න එපා.

 

  1. ඔබ ඉතා ආස කරන ආභරණයක් හෝ පින්තුරයක් ඔබේ දරුවාට ඔබ මතක සිටීමට සිහිවටනයක් වශයෙන් දෙන්න. ඔබේ දරුවා ඉතා හොඳ බව සනාථ කිරීමට, ඔහු හෝ ඇය කැමති සෙල්ලම් බඩුවක් අරගෙන දෙන්න.  සමහර පාසැල් මෙය අනුමත නොකරයි.  මෙම අවස්ථාවේදී, ඔබේ දරුවා කැමති දෙයක පින්තුරයක් ඇඳීමට දෙන්න.
  2. දරුවා පාසැලට හුරු වනතෙක් ටික දවසක් පාසැල ළඟ රැඳී සිටින්න.
  • බොහෝපාසැල්ටිකදවසක්පාසැලඅසලරැඳීසිටීමටපහසුකම්සලසාදේ
  • ඔබ ඈතින් සිටින්න. නමුත්, දරුවාට පෙනෙන මානයේ සිටින්න.
  • පාසැල නිම වන තෙක්, දරුවාට නොපෙනෙන තැනකට නොයන්න.

වෙන්වීමේ අවිනිශ්චිත භාවයෙන් මිදීමට අවශ්‍ය උපදෙස්

දරුවා

  • දරුවා සමඟ හැංගිමුත්තන් සෙල්ලන් කරන්න.
  • නෑදෑයන්ගේ ගෙවල් වල ගිය විට, දරුවාව අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට යොමු කරන්න. නමුත් දරුවා ලඟින් සිට අන් ළමයින් හා සෙල්ලම් කිරීමට පොළොඹ වන්න
  • ඔබේ දරුවාට අලුත් වටපිටාවකට හුරු වීමට සහය වන්න. දරුවා තුල නිර්භීත භාවයක් ඇති කිරීමට උත්සහ ගන්න.  විචක්ෂණ නුවනින් ඔබේ දරුවා පසුපස යන්න.  ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දරුවන් බය කිරීමේ උපක්‍රමයක් වන “බිල්ලා” නමැති අනවශ්‍ය බය කිරීම් වලින් වලකින්න.

අම්මා

  • දරුවාව බලා ගැනීමට රැකියාවෙන් හෝ නිවසේ රාජකාරී වලින් තාවකාලිකව ඉවත් වී, දරුවා සමඟ ඇති බැඳීම තහවුරු කර ගන්න. බොහෝ මවුවරුන් දරුවන්ව පාසැලේ දමා යද්දී ඉතා හැඟුම් බර වෙති.  විශේෂයෙන් හඬා වැටෙන දරුවන් දමා යද්දී මෙය සිදුවේ.  නමුත්, වැඩිහිටියෙක් වශයෙන්, නැවත ඔබේ දරුවා ඔබ ලඟට පැමිණෙන බව තේරුම් ගත යුතුයි.
  • දරුවා නොයෙක් අලුත් දේවල් ඉගෙන ගන්න බව ඔබ වටහා ගත යුතුයි.
  • ඔබ තනියම ගත කරනා කාලය ප්‍රීතියෙන් ගත කරන්න.
  • විනෝදාංශයක් තෝරා ගෙන එය රස විඳින්න

 

ඔබේ බබා ක්‍රමයෙන් වැඩෙන අයුරු බලා සතුටු වන්න !

#kidz#kidztime#kidzandmother#kidzfeeling#perschool#sinhalaarticle#kidzarticle#srilankankidz

You may also like
ගර්භණී සමය සහ පවුලේ සහයෝගය
ඔබේ දරුවා නිරෝගීව බිහිවීමට නම්
පොඩිත්තාට විනෝදජනක ඉගැනීමකට පුංචි උපදෙස් කීපයක්
පුංචි පැටියා මුල් කාලින මිතුරන් සමග බැඳීම