ඔබේ දරුවාට ඒ සමඟ සටන් කිරීමට උගන්වන්න.

ජනිත් ගෙවත්තේ සෙල්ලම් කිරීමට ඉතා කැමතියි.  ඔහු පස්වලින් කෝම්පිට්ටු සාදන අතර, පස්වල සිටින ගැඩවිල්ලන් ඇල්ලීමට ද පසුබට නොවෙයි.  ඔහු නිවසට ඇතුල්වීමේ දී, ඔහුට ඇසෙන්නේ “පුතා, අත් දෙක සෝදාගන්න” කියා අම්මා කෑ ගසන හඬයි.  මෙය ඉතා කාර්යබහුල සරත්ට දරා ගත නොහැකි කරදරයකි.

ඔහුගේ අම්මා නිවැරදි බැව් ඔබ දන්නවා නේද?  ඒ මොකද? අසනීප වලින් වැළකීමට ඉතා හොඳම ක්‍රමය අත් සෝදා හොඳින් පිරිසිදු කර ගැනීමයි.

ළමයින්ට විෂබීජ ඇසට පෙනෙන, අතින් ඇල්ලීමට හෝ ශරීරයට දැනෙන දෙයක් නොවේ.  එසේ නම්, අපි අපේ දරුවන්ට විෂබීජ වලින් වැළකීම පිළිබඳව උගන්වන්නේ කෙසේද?

      1. ඔවුන් දැනුවත් කරන්න

මේ ඉතා පහසු ක්‍රමය මඟින් ඔබේ දරුවන්ට විෂබීජ යනු කුමක්දැයි පහදා දෙන්න

විෂබීජ ඉතා කුඩා, ඇසට නොපෙනෙන ජීවීන් විශේෂයක් වන අතර, ඔවුන් අප වටා ඇති සෑම තැනකම ඇත.  එනම්, පස්, වැසිකිළි, සෙල්ලම් පිට්ටනි, පාසැල්, සතුන් සහ පැලෑටි මත, මිනිසුන්ගේ ශරීරයේ ද,  ඇත.  ඔවුන් ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවීන් වන අතර, අපේ ඇසට නොපෙනේ.

නමුත්, ඔවුන්ට අපේ ශරීරය තුළට රිංගා, මොළය, හදවත, පෙනහළු සහ වකුගඩු යන ස්ථානවල පවා නොයෙකුත් ලෙඩ රෝග පැතිරවීමට හැකියාව ඇත.  විෂබීජ මඟින් සාමාන්‍ය උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇස් රෝග, දද  කුෂ්ඨ ආදියද ඇති කළ හැක.   ඔවුන්ට  අපව  රෝගී කර, අපව ඇඳ මත තැබීමට පවා හැකියාව ඇත.

      2. විෂබීජ අපව ආක්‍රමණය කරන්නේ කෙසේද?

ඔවුන් අපට ඇසට නොපෙනෙන බැවින්, නොසේදූ පළතුරු, පිරිසිදු නොකළ අත් සහ සෙල්ලම් බඩු  මාර්ගයෙන් ඔවුන් අපේ මුඛය හරහා ශරීරයට ඇතුල් වේ.   ඉන්පසු ඔවුන් අපේ ශරීරය පුරා ව්‍යාප්ත වන අතර, අප රෝගී වූ විට පමණක් ඔවුන් අප ශරීරය තුළට ඇතුල් වී ඇති බැව් අපට දැනගත හැක.

      3. අත්‍ සේදීමේ වැදගත්කම

අත් සේදීමේ වැදගත්කම ඔබේ දරුවන්ට පුරුදු පුහුණු කරන්න.  ඔවුන්ට එය කිරීමට අණ කිරීමෙන් පමණක් නොනැවතී, ඔවුන් නිරතුරුව අත් සෝදනවාදැ’යි සුපරීක්ෂාකාරී වන්න.   එවිට ඔවුන් :

  • අත් අපිරිසිදු වූ විට
  • ආහාර ගැනීමට පෙර – පළතුරු වැනි දේ ඇල්ලීමට පෙර
  • වැසිකිළියට ගිය විට
  • කිඹුහුම් (කිවිසුම්) ගිය විට හෝ කැස්ස ඇති වූ විට
  • සතුන් සමඟ සෙල්ලම් කළ විට
  • අසනීපයෙන් පෙළෙන කෙනෙකු බැලීමට ගොස් පැමිණි විට
  • එළියේ සෙල්ලම් කළ පසු

අත් සේදීමට පුරුදු වේ.

අත් සේදීම වැනි ඉතා සුළු දෙයකින්, බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා විය හැක.  කුස්සියේ සහ වැසිකිළියේ විෂබීජ නාශකයක් තබන්න.  මෙය විනෝදය සඳහා යොදා ගන්න; කෑමට පෙර හොඳින් අත් සෝදා ගත්  දරුවන්ට තෑග්ගක් පිරිනැමීමෙන් ඔවුන් අත් සේදීමට ඉතා කැමැත්තෙන් නැඹුරු කරවිය හැක.

      4. හොඳින් අත් පිරිසිදු කරන අයුරු ඔවුන්ට පෙන්වන්න

දරුවන්ට හොඳින් අත් සෝදන  අයුරු පෙන්වන්න. බොහෝ විට, කුඩා දරුවන් අත් සේදීම කරනුයේ, විනාඩි කීපයක් ජලනලයට අත් අල්ලා සිටීමෙන් පමණකි.  එමනිසා, ඔවුන් හොඳින් අත් සෝදා ගන්නේදැ’යි පරීක්ෂා කරන්න.

      5. දරුවන්ට විෂබීජ වලින් ආරක්ෂා වන අයුරු උගන්වන්න

අයාලේ යන බල්ලන් ඇල්ලීමෙන් සහ නොසේදූ පළතුරු කෑමෙන් සිදුවන අවදානම් තත්ත්වය දරුවන්ට උගන්වන්න.

      6. ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති කර ගැනීම සඳහා සමතුලිත ආහාර

දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීමෙන් බැක්ටීරියා විනාශ කළ හැකි අන්දමත්, ඒ සඳහා අවශ්‍ය පෝෂණය ලැබීමට නම්, සමබර ආහාර ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කරන්න.

විෂබීජ පැතිරෙන අයුරු දරුවන්ට කියා දීමට හැකි විනෝදජනක ක්‍රියාකාරකමක් :

  1. ඔබේ එක් අතක් දියරයකින් පොඟවන්න. ඔබේ අත්ල මතට දිලිසෙන කුඩු වර්ගයක් දැමීමට දරුවන්ට කියන්න.  එම දිලිසෙන ද්‍රව්‍ය අත පුරා  පැතිරෙන අයුරු පෙන්වන්න.
  2. අත්පුඩි ගසන්න – එය අනිත් අතට පැතිරෙන අයුරු පෙන්වන්න
  3. එය පත්තර කැබැල්ලකින් පිස දමන්න – නමුත් එය තවමත් තිබෙනවා නේද?
  4. එම දිලිසෙන ද්‍රව්‍ය යනු විෂබීජ ලෙස පෙන්වන ද්‍රව්‍යයයි. මෙය කොපමණ ඉක්මණින් අවට පැතිරෙනවාද කියා දරුවන්ට පෙන්වන්න.

විකෘති ලෙස හැසිරෙන්න එපා. දරුවන් එය අනුකරණය කරමින් සෙල්ලම් කිරීමට පටන් ගනීවි.  ක්‍රමයෙන් විෂබීජ වලින් වැළකීම සඳහා අත් සේදීමේ වැදගත්කම පහදා දීමෙන් ඔබට ඉතා නීරෝගී සහ කෙළිලොල් දරුවෙක් ලබා ගත හැක.

#helthcare #babycare #motherkids #germs #

note

You may also like
නිවස තුළ ළමා ආරක්ෂාව සැපයීම
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
බාබාට විවිධ ආහාර හඳුන්වා දීම
Protect Your Child’s Head!
error: Content Protected © mummypages.lk