Home > Latest Articles > විදුරුමස් දියවීම

විදුරුමස් දියවීම

ඊට බලපාන හේතු – මුඛ ආස්තරණයේ හා විදුරුමස් වල ලේ නහර වැඩිවීම, රුධිර සංසරණය වැඩිවීම, ඉදිමීම හා තුවාල වීමේ හැකියාව වැඩිවීම නිසා ගර්භනී සමයේදී විදුරුමස් වලින් ලේ ගැලීමට ඇති හැකියාව වැඩි කරයි. ගර්භනී සමයේදී සිදුවන හෝමෝනමය වෙනස් කම් නිසා මුඛ උල්ලොගම්, විදුරුමස් දියවීම, ඉදිමීම, රතුවීම, තුවාල වීම හෝ ලේ ගැලීමට ඇති හැකියාව වැඩිවේ. (මෙය විදුරුමස් ප්‍රදාහය හෝ විදුරුමස්රෝග ලෙසද හදුන්වයි.

පාලනය කිරීම

පහත සදහන් දේ පිළිබද දැනුවත් වීමෙන් හා ඒවා ක්‍රියාවට නැංවීමෙන් ගර්භනී සමයේදී විදුරුමස් රෝග වලින් වැළකීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

  • ගර්භනී සමයේදී වැඩි දුරටත් ඔබේ දත් හා මුඛ සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වන්න.-ෆ්ලෝරයිඩ් සහිත දන්තා ලේපයක් භාවිතා කරමින් දවසට දෙවරක් දත් මදින්න. එමෙන්ම මේ සදහා මෘදු කෙදි සහිත දත් බුරුසුවක් භාවිතා කරන්න. දත් මැදීමෙන් පසු හොදින් කට සෝදන්න.
  • සංවේදී දත් සදහා ඇති විශේෂ දන්තාලේප භාවිතා කරන්න. මෙමගින් ඔබේ විදුරුමස් වල කැක්කුම අවම කරයි.
  • දත් මැදීමෙන් පසු සංවේදී බව අඩු කිරීමට භාවිතා කරන ද්‍රව්‍ය වලින් නිතර නිතර උගුර සේදීම අවම කරන්න .
  • විශේෂයෙන්ම මද්‍යසාර අඩංගු මුඛ දොවන (mouth washes)භාවිතයෙන් වලකින්න. මුඛ දුර්ඝන්දය අවම කිරීමට, මද රස්නේ ජලයට ලුණු දමා උගුරසේදීම සිදු කල හැකිය.
  • දන්ත වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න. විදුරුමස් ප්‍රදාහය සදහා නියමිත ලෙස පිළියම් නොකිරීම දත් බුරුල් වීම, අධිකව විදුරුමසින් ලේ ගැලීම වැනි දීර්ඝ කාලින ගැටළු ඔබට ඇති කරනු ඇත. මේ නිසා විදුරුමසේ තුවාල හෝ ලේ ගැලීම සිදුවන්නේනම් ඉක්මනින් ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවන්න. ඔබේ ගර්භනී බව ඔහුට/ඇයට දැන්වීමට අමතක නොකරන්න. දන්ත වෛද්‍යවරයා විසින් ඔබේ දත් පිරිසිදු කිරීමෙන් මුඛ උල්ලොගම් ඇති වීම වලක්වනු ඇත. ගර්භනී කාලයේදී මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීමට උපදෙස් දන්ත වෛද්‍යවරයාගෙන් ඔබට ලබා ගත හැක. දත් වල “X” කිරණ ඡයා රූප ගැනීම හා දත් පිරවීමෙන් වලකින්න. (එය ඉතා අත්‍යවශ්‍ය නොවේනම් ) මේ පිළිබද දන්ත වෛද්‍යවරයා විසින් උපදෙස් ලබා දෙනු ඇත.
  • පැණිරස කෑම හා බීම වර්ග භාවිතයෙන් වලකින්න. විශේෂයෙන්ම ආහාර වේල් අතර තුර කාලයේදී.
  • දුම් මෙන් වලකින්න. දුම් බිම විදුරුමස් රෝග ඇති කරනු ලැබේ .
  • ඔබ ඔක්කාරයෙන් පීඩා විදිනම් වමනය කිරීමෙන් පසු හොදින් මුඛය සෝදන්න. ඔබට උදැසන ඇති වන අපහසුතා හා වමනය ඇති වේ නම් වමනය කිරීමෙන් පසු පිරිසිදු වතුරින් මුඛය හොදින් සෝදන්න. නැතහොත් අමාෂයික යුෂ තැම්පත් වීම නිසා දත් දිරාපත් වීම සිදුවිය හැකිය. වමනය කල විගස දත් මැදීම නොකරන්න. මන්ද අමාෂයික යුෂ නිසා ඒවා තව දුරටත් මෘදු විය හැකිය.

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න.  මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.