Home > ගර්භනී > වමනය හා ගැබ් සමයේ ඇතිවන අපහසුතා

වමනය හා ගැබ් සමයේ ඇතිවන අපහසුතා

හේතු : ගර්භනී සමයේ මුල් සති කිහිපයේදී උදෑසන අපහසුතා හා වමනය ඇතිවීම බොහෝ කාන්තාවන්ට ඇතිවන තත්වයකි. සමහර කාන්තාවන්ට අප්පිරියාව හා වමනය යන තත්ත්ව දෙකම බලපාන අතර තවත් කොටසකට වමනය ඇති නොවන අතර කෑම අරුචිය ඇතිවේ. අධික ලෙස වමනය යාම Hyper emesis Gravidanm ලෙස හදුන්වයි.

4

උදෑසන අපහසුතා සාමාන්යයෙන් සති 9 දී පමණ ඇතිවන අතර මුල් මාස 3න් පසුව එය සමනය වේ. කාන්තාවන්ගෙන් 10% පමණ මෙම තත්වය සති 20 පසුත් පැවතීම දක්නට ලැබේ.

මෙය උදෑසන අපහසුතා ලෙස හැඳින්වුවද ගර්භනී කාන්තාවන්ට උදෑසන මෙන්ම රාත්‍රියේද මෙම තත්වය ඇතිවිය හැක. සමහර කාන්තාවන්ට දවස පුරාම ඔක්කාරය ඇතිවිය හැක. සමහර අවස්ථාවල මෙම තත්වය ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් පවත්වාගෙන යාමට පවා අවහිරයක් වේ. ගර්භනී සමයේ මුල් කාලයේදී සිදුවන හෝමෝනවල වෙනස්කම් මේ සඳහා මුලිකව බලපායි. එමෙන්ම විටමින් …… අඩුවීමද මේ තත්වය වැඩිවීම සඳහා බලපායි.

උදෑසන අපහසුතා වැඩිවීමට බලපාන සාධක :

  • පවුලේ අනෙකුත් අයට මේ තත්වය ඇතිවී ඇත්නම්
  • මෙය ඔබේ ප්රථම ගැබ්ගැනීම නම්
  • පෙර ගර්භනී සමයේත් මෙම තත්වය ඇතිවී තිබුනේ නම්
  • ඔබට ගැහැණු දරුවකු පිළිසිඳ ඇත්නම්
  • උපත් පාලන භාවිතයේදී ඔබට ඔක්කාරය ඇතිවුයේ නම්
  • ඔබ තරබාරු නම්
  • ඔබට නිවුන් දරුවන් ලැබීමට සිටින්නේ නම්

ඉහත හේතු මෙම තත්වය වැඩිවීමට බලපානු ඇත.

පාලනය කිරීම

පහත උපදේශ පිළිපැදීමෙන් උදෑසන ඇතිවන අපහසුතාවල තීව්‍රතාව අවම කරගැනීමට හැකියාව ලැබේවි.

  • අලුයම අවදිවන විටම ඔබට මෙම තත්වය ඇතිවේනම් ඇඳෙන් නැගිටීමට පෙර ක්‍රීම් ක්‍රැකර් වැනි බිස්කට් වර්ගයක් ආහාරයට ගන්න. කලබලයෙන් එකවරම දෛනික ක්‍රියාවල නිරතවීමෙන් වලකින්න.
  • ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. වතුර බෝතලයක් ළඟ තබාගනිමින් නිතර නිතර කුඩා ප්‍රමාණයෙන් වතුර පානය කරන්න.
  • සැහැල්ලු කුඩා වෙල් විටින් විට ගන්න. බත් හා පාන් වැනි කාබෝහිද්රේට් අඩංගු ආහාර ගන්න. තෙල් සහ මේදය අඩංගු ආහාර අවම කරන්න. පෙපර්මින්ට් හෝ පැණිරස දෙයක් තොල ගෑමෙන් මේ තත්වය සමහර කාන්තාවන් මග හරවා ගනී.
  • ආහාර වේල් විටමින් …. වලින් පරිපුර්ණ කරගන්න. කුකුළු මස්, අල හතු හා බ්‍රොකොලි වැනි විටමින් …. වලින් ආහාර ගැනීමෙන් මෙම ලක්ෂණ අවමකරගත හැක.
  • සැහැල්ලු ඇඳුම් භාවිතා කරන්න.
  • ඉගුරු තේ හා ඉගුරු යුෂ අඩංගු පාන වර්ග මගින් ඔක්කාරය අවමකරගත හැක. ඉගුරු යුෂ හෝ ඒවා අඩංගු කරල් භාවිතයෙන් අධික වමනය අවමකරගත් හැකි බව පරීක්ෂණවලින් තහවුරු කර ඇත.

#Vomitingandearlymorningsicknessproblems #Vomiting #Pregnancymorningsicknessproblems

error: Content Protected © mummypages.lk