Home > දෙමාපිය දැනගැනිම පිණිස > ලිහිලන අභ්‍යාස (Simple Relaxation) මගින් ආතතිය පාලනය කරමු

ලිහිලන අභ්‍යාස (Simple Relaxation) මගින් ආතතිය පාලනය කරමු

වර්තමාන සමාජය තුල ජිවත්වන විට විවිධ ආතතිමය තත්වයන්ට මුහුණ දිමට සිදුවෙි. මෙසේ අධිකව ආතතියට පත්වන විට ඔබෙි මානසික යහපැවැත්ම ක්‍රමානුකූලව අඩපණ වෙි. එසේම මෙම ආතතිමය තත්වය ඔබෙි චිත්තවෙිගික සමබරතාවයට මෙන්ම කායික සෞඛ්‍යයට විශාල හානියක් සිදුකරයි. විශේෂයෙන්ම ගර්භණී සමයේ ආතතියට ලක්විම ගැබිණි මවට මෙන්ම ළදරුවාටද ඉතාම අහිතකරය. ගැබිණි මවක් සෑම විටම මානසික සංයමයකින් මෙන්ම සැහැල්ලුවකින් සිටිය යුතුය.
දෛනික ජීවිතයේ දි විවිධ ආතතිමය කාංසාමය තත්වයන්ට ඔීනෑම පුද්ගලයෙක් පත්විය හැකිය. මෙවැනි අවස්ථාවන් පාලනය කර ගැනිම තුලින් කායික මනසික සමබරතාවය පවත්වා ගැනිමට හැකියාව ඔබට ලැබෙි. කායික මානසික සමබරතාවයක් නොමැති විම අප ලෙඩ රෝග වලට මානසික පිඩනයන්ට ලක් විමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇත. ආශ්වාසය පාලනය කිරිම, ප්‍රාස්වාසය පාලනය කිරිම, මාංශ පේෂින් ලිහිල් කිරිම විවිධ කායික මානසික සංයම අභ්‍යාසයන් සහ මියුරු සංගිත ඛණ්ඩයන් ක්‍රමානුකූලව ලිහිලන අභ්‍යාසයන් සදහා යොදා ගැනිම තුලින් ඔබ එදිනෙදා ජිවිතයේදි පත්වන ආතතීන් මෙන්ම කාංසාමය තත්වයන් මනාව පාලනය කර ගැනිමට හැකිය. එසේම
ලිහිලන අභය්‍යාස මගින් ඔබ තුල ඇතිවන ආතතිමය ලක්ෂණ අඩුකරමින් ඉතා ඵලදායි ජීවිතයක් ගත කිරීමෙි ඔබට හැකියාව ද ලබා දේ. ලිහිලන අභ්‍යාස ආතති කළමණාකරනය සදහා ඉතා හොද ක්‍රමවෙිදයකි. මෙම ලිහිලන අභ්‍යාසයන් මනස සංසුන් කරන ක්‍රියාවක් හෝ විනෝදාංශයක් පමණක් නොවෙි. එනමි විශේෂයෙන්ම ආතතිය නිසා ශාරීරිකව හා මානසිකව ඇති වන බලපෑම ලිහිලන අභ්‍යාස මගින් අවම කරයි. එසේම ලිහිලන අභ්‍යාසයන් එදිනෙදා ජීවිතයේදි ඔබට අත්විදිමට සිදුවන ආතතිමය තත්වයන් කළමණාකරනය කරයි.
මෙම සරල ලිහිලන අභ්‍යාස මගින් ඔබෙි ආතතිය අවම වෙනවා පමණක් නොව ඔබෙි චිත්තවෙිගයන් පාලනය කර ගැනීමෙි හැකියාව ද ඔබ තුල වර්ධනය වෙි. එසේම මානසික ශක්තිය දරා ගැනීමෙි හැකියාව රෝගාබාධ වලට ලක්විමෙි ප්‍රවණතාවය අවම විම ආදිය ක්‍රමවත්ව පුහුණු කරන ලද ලිහිලන අභ්‍යාස වලින් ලැබෙන තවත් ප්‍රතිලාභයකි.
මෙම ලිහිලන අභ්‍යාසයන් නිසි පරිදි ජීවිතයට එකතු කිරිමෙන් සමබර මනසක් සුවදායක ජිවිතයක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙි.

ලිහිලන අභ්‍යාස වල ප්‍රතිලාභ
ලිහිලන අභ්‍යාසයන් ජීවිතයට පුරුදු පුහුණු කිරීම තුලින් විවිධ වු ප්‍රතිලාභයන් ජීවිතයට එක්කර ගත හැකිය. එනමි,

01 හෘද ස්පන්ධනය අඩු විම
02 රුධිර පිඩනය අඩු විම
03 ආශ්වාස ප්‍රාශ්වාස වෙිගය අඩුවිම
04 ආහාර ජීර්ණය පහසු කරයි
05 රුධිරයේ සීනි මටිටම පාලනය කරයි
06 ආතතිය ඇතිකරන හෝමෝන පාලනය කරයි
07 මාංශපේෂී වලට රුධිර වහනය වැඩිකරයි
08 මාංශපේෂි වල අපහසුතා මෙන්ම වෙිදනා අවම කරයි
09 අවධානය සහ මනෝභාවයන් වර්ධනය කරයි
10 නින්දේ සුවපහසුව වැඩිකරයි
11 ශරීරයේ විඩාබර බව අවම කරයි
12 කේන්තිය සහ ඉචිඡාභංගත්වය අවම කරයි
13 ආත්ම විශ්වාසය හා ගැටළු නිරාකරණය කිරිමෙි හැකියාව වැඩිකරයි

මෙි ආකාරයෙන් කරුණු විමසිමෙිදි සාධනීය ලෙස ආතති කළමණාකරනය කිරිමෙන් ඔබෙි ජිවිතයට විශාල සහනයක් අත්විදිය හැක. එනමි ඔබට සෞඛ්‍ය සමිපන්න ලෙස සිටිමට, සතුටින් සිටිමට සහ ඵලදායි ලෙස ජිවත්විමට නමි ඔබ ආතතියෙන් තොරවිය යුතුය. යහපත් අන්තර් පුද්ගල සබදතා, කාලකළමණාකරනය, සැනසිම හා සතුට අප අපේක්ෂා කලද ජිවත් විමෙිදි අපට මුහුණ දිමට සිදුවන විවිධ අභියෝගයන් හා පීඩනයන් කිසිවිට මගහැරිය නොහැක. එවැනි අවස්ථා වලට අනුගත විමට නොහැකි වු විට බොහෝ දෙනෙකු ආතතියට පත්වෙි. එනිසාම ඔවුන් කායික මානසික සමාජිය වශයෙන් පිඩනයට හා පසුබෑමකට ලක්වෙි. එවැනි ආතතිමය අවස්ථා වලට ශක්තිමත්ව මනා සංයමයකින් යුතුව මුහුණ දිමට නමි ඔබට ඉතා හොදින් ආතතිය කළමණාකරනය කරගැනිමට හැකිවිය යුතුය. මෙසේ ආතතිය කළමණාකරනයට මෙන්ම පාලනය කර ගැනිමට ලිහිලන අභ්‍යාස ඔබ මහගු පිටිවහලක් වෙි.
නිරෝගි වාසනාවන්ත දරු උපතක් අපේක්ෂිත ඔබ අනිවාර්යෙන්ම ඔබෙි මානසික යහපැවැත්ම පිළිබද අවධානය යොමුකල යුතුය. එසේම පාසැල් වියේ දරුවන්ට අධ්‍යාපන කටයුතු පහසු කර ගැනිමට, නව යොවුන්වියේ දරුවන්ට, වැඩිහිටියන්ට මෙන්ම ඔිනෑම වයසක අයෙකුට ආතතියෙන් මිදිමට මෙම ලිහිලන අභ්‍යාස ඉතා වැදගත් වෙි. එසේම මෙවැනි අභ්‍යාසයන් පුහුණුව ලත් විද්වත් වෘත්තිකයෙකු යටතේ නිවැදිව හා ක්‍රමානුකූලව පුහුණු විම ඉතා වැදගත් වෙි.
ඉදිරි ලිපි වලින් ලිහිලන අභ්‍යාසයන් පිළිබද තවදුරටත් සාකචිඡා කරමු.

#sinhalaarticle #srilankanarticle #healthyarticle #simplerelaxation #simplerelaxationsinhalaarticle

You may also like
ගැබිණි මවකගේ ආතතිය වැඩි කරන හේතු
ගර්භණී සමය සහ පවුලේ සහයෝගය
ඔබේ දරුවා නිරෝගීව බිහිවීමට නම්
පොඩිත්තාට විනෝදජනක ඉගැනීමකට පුංචි උපදෙස් කීපයක්