Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > ලාවුළු ගැන දැනුවත් වෙමු
~ ලාවුළු ~
අද වෙළදපලේ ඇති අපි වැඩි මිලක් ලබා දී මිලදී ගන්නා කාබයිඩ් යොදා ඉදවූ පළතුරු වලට වඩා දස දහස් ගුණයකින් පෝෂ්යදායී බවින් ඉහළ ,වස විස නැති,ස්වභාවිකවම ඉදුණු,ගමේ ගොඩේ තියෙන මේ පළතුර අපට ඉතාම අඩු මිළකට මිළදී ගන්නත් පුලුවනි.
ලාවුළු ඉදුණු පසු තැම්බූ බිත්තර කහ මදය මෙන් දිස්වන නිසා,”බිත්තර පළතුර”(Egg fruit) ලෙස ද හදුන්වනවා.
ශ්රී ලංකාව වගේම, ඉන්දියාව,පිලිපීනය,බ්රසීලය,තායිවානය,වියට්නාමය වගේ රටවල ද වැවෙන මේ ලාවුළු වල උපත දකුණු මෙක්සිකෝව හා මධ්යම අමෙරිකාව යි.
මේවා පළතුරක් විදියටම නෙමෙයි,
ඉදුණු ලාවුලු ව්යාංජන,ජෑම්,මාමලේඩ්,අයිස් ක්රීම්,කස්ටඩ්,ෆෑන් කේක් ආදිය සැකසීමටත් භාවිතා කරන්න පුලුවනි.
ලාවුළු වල ගුණ මොනවද කියලා අපි දැන් බලමු…..
විටමින් A,B හා C බහුලව අඩංගුයි.
කාබෝහයිඩ්රේට,යකඩ,කැල්සියම් වැඩිපුර අඩංගුයි.
අනිත් තැඹිලි පාට පළතුරු වල මෙන්ම ලාවුලු වල ද බීටා කැරොටින් අඩංගුයි.
කෙදි බහුල ආහාරයක්.
පොටෑසියම් බහුලයි.
පිළිකා සෛල නසයි.
විටමින් A මගින්,,,,
• ශරීරයේ නිසි කායික වර්ධනයට
• රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව(ප්රතිශක්තිය)වර්ධනයට
• පෙනීම ලබා දීමට
• සම,හිසකෙස් හා ශරීරයේ විවිධ කොටස් වල නීරෝගී පැවැත්මට
• ප්රජනක සෞඛ්ය රැක දීමට ඉවහල් වෙනවා.
යකඩ,,සමස්ත සෞඛ්ය වර්ධනයට ඉතාමත් ප්රයෝජණවත් වන අතර,රක්තහීනතාව ඇතිවීමේ අවදානම වළකා ගැනීමට උපකාර වෙනවා.
මොළයේ සෞඛ්ය තත්වය වැඩි දියුණු කරන නිසා,ලංකාවේ බහුලවම නැතත් යුරෝපයේ ප්රචලිත ඇල්සයිමර් රෝගය හා ඩිමෙන්සියාව වගේ ස්නායු පද්ධතියේ ආබාධ අවධානමෙන් වළකාගන්නට උපකාර වෙනවා.
රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පහළ දැමීමේ හැකියාවෙන් යුක්තයි.
විටමින් C අධිකව තියෙන නිසා, අපේ ප්රතිශක්තීකරණ පද්ධතිය රැක ගැනීමට උදව් වෙනවා.
කෙදි සහිත ආහාරයක් බැවින්,ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත ගැටළු වළකාලන්න උපකාර වෙනවා.
නමුත් නිතර බඩපිපුම තියෙන අයට මෙන්ම වකුගඩු රෝග වලින් පෙළෙන අයට නම් මෙහි පොටෑසියම් බහුලව ඇති නිසා,ආහාරයට ගැනීම එතරම් ගුණදායක නැහැ.
පැහැපත් නීරෝගී සමක් මෙන්ම නීරෝගී කෙස් කලඹක් වර්ධනය කරගැනීමට ද මේ ලාවුළු උපකාර වෙනවා.
ඒ වගේම අඩුවෙන් නින්ද යන අයට මානසික සුවය ලබා දෙමින් යහපත් නින්දක් ලබා දෙන්නටත් කදිමයි.
අවසාන වශයෙන් වර්තමානයේ බෝනොවන රෝග (NCD’s)අතුරින් අග්ර ස්ථානයක පිහිටන පිළිකා රෝගය ද නසන ගුණයෙන් යුතු නිසා නිතර නිතර මේ පළතුර ආහාරයට එක්කර ගන්නේ නම් ඉතා අගනේය.
දත්ත ; අන්තර්ජාලය සහ වෛද්ය පොත පත