Home > දෙමාපිය දැනගැනිම පිණිස > ලංකාවේ ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන්

ලංකාවේ ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන්

ගැහැණු දරුවන්ගේ සහ පිරිමි දරුවන්ගේ මොළයේ  ක්‍රියාකාරිත්වයේ ඇති වෙනස්කම්

ගැහැණු දරුවන්ගේ සහ පිරිමි දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයන්වල සැළකිය යුතු ප්‍රමාණයේ වෙනස්කම් ඇති බව සමීක්ෂණ වලින් වාර්ථා වී ඇත.  මෙම වෙනස්කම්  සිදුවන්නේ කළල අවස්ථාවේදීමය.  නියාමාකාරයෙන්ම, ගැහැණු මොළයේ යම් ස්ථානයන්හි, පිරිමි මොළයට වඩා වැඩි නියුරෝන් ප්‍රමාණයක් අඩංගුය. එහි ප්‍රතිපලයක් ලෙස, ගැහැණු මොළයේ නියුරෝන් වලින් වෑස්සෙන ඊස්ට්‍රොජන් ප්‍රමාණය, පිරිමි  මොළයේ නියුරෝන් වලින් වෑස්සෙන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයට වඩා අධිකය.  එමඟින්, ඉපදීමට පෙර මොළයේ ව්‍යූහයේ සමහර ස්ථානයන්හි වෙනස්කම් සිදුවන අතර, අපි සියලු දෙනාගේම මොළයේ ව්‍යුහය  එකිනෙකාට වෙනස් පරිදි  රැහැන් ගත වී ඇත.

ගැහැණු සහ පිරිමි ළමුන්ගේ වර්ධනය එකිනෙකට වෙනස් කාල පරිච්චේදයක් තුල සිදුවන අතර, මෙයට මූලිකව බලපාන්නේ, ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්  වේ.  උදාහරණයක් වශයෙන්, ගැහැණු ළමුන්ගේ මොළයේ දෙපැත්තේම භාෂා සැකසුම් නියුරෝන් පිහිටා ඇති අතර, පිරිමි ළමුන්ගේ මොළයේ එම නියුරෝනය පිහිටන්නේ දකුණු පැත්තේ පමණි.  මෙම හේතුව නිසා, ගැහැණු දරුවන් පිරිමි දරුවන්ට වඩා ඉක්මණින් භාෂාව හසුරුවීමටත්, ලිවීමටත් පටන් ගනී.  ගැහැණු දරුවන්ට අවකාශය පිළිබඳව පිරිමි දරුවන්ට වඩා අඩු අවධානයක් ඇති අතර, බොහෝ පිරිමි දරුවන්ට වඩා කළින් ගැහැණු දරුවන්ගේ ශාරීරික ක්‍රියාකාරිත්වය ඉක්මණින් සිදුවේ.  පිරිමි දරුවන් අවකාශය පිළිබඳ අවධානය යොමු කිරීම ගැහැණු දරුවන්ට වඩා වැඩි  බව, බොහෝ දෙමව්පියන් අවධාරණය කර ඈත.

ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් භාෂාවන්ට සහ චිත්තාවේගවලට ප්‍රතික්‍රියා දැක්වීම වෙනස් වේ.  ඔබේ පිරිමි දරුවන්ට වඩා, ගැහැණු දරුවන් හැඟීම්බර වේ.  එමෙන්ම ගැහැණු දරුවන් ශබ්ද සහ කටහඬේ ස්වරය පිළිබඳ පිරිමි දරුවන්ට වඩා සංවේදී වන අතර, ඔබේ කටහඬ ස්ථාවර වූ විට, ඔබ ඔවුන්ට දොස් නඟන බව ඔවුන්ට වැටහේ.

ගැහැණු දරුවන්ගේ මතකය, අවධානය, සිතිවිලි සහ භාෂාව ආදී  ක්‍රියාවන් මොළයේ මස්තිෂ්ක වල්කය (cerebral cortex) මත රඳා පවතී.    ගැහැණු දරුවන්ගේ ශාස්ත්‍රීය සහ වාචික මතකය සඳහා  මොළයේ හිපොකැම්පස් (hippocampus) නමැ’ති කොටස පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන්ගේ ඉක්මණින් වර්ධනය වේ.  පිරිමි දරුවන්ගේ මොළයේ මස්තිෂ්ක වල්කය වැඩි වශයෙන් වර්ධනය වී ඇත්තේ කාර්මික කාර්යාවලියන්ට සහ අවකාශය කෙරෙහිය.  එමනිසා, පිරිමි දරුවන් සරළ වචන වලට වඩා සංචලනය සහ දෘෂ්ඨිය මාර්ගයෙන් ඉගෙන ගැනීමට දක්ෂ වේ.

ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් අතර ජෛවරසායනික වෙනස්කම් ද, ඇත.  පිරිමි දරුවන්ට සෙරෝටනින් සහ ඔක්සිටොසින් නැමැ’ති හොර්මෝනයන් ගැහැණු ළමයින්ට වඩා අඩුවෙන් ගලා ඒම නිසා, පිරිමි ළමයින් ගැහැණු ළමයින්ට වඩා කලබලකාරී සහ ආවේග සහිතව කටයුතු කරනු ලැබේ.  කෙසේනමුත්, ශ්‍රී ලාංකික ළමයින් සහ පිටරට ළමයින්ට අතර වෙනසක් නොමැත.

ඉතින්, ශ්‍රී ලාංකික දෙමව්පියන් වශයෙන් ඔබට කළහැක්කේ කුමක්ද?  පිරිමි ළමයින්ව කියවීම සඳහා උනන්දු කරවීමෙන් සහ ඔවුන් සමඟ කතාබහ කිරීමෙන් සහ ක්‍රියාකාරකම් වලින් ඔවුන්ගේ හැකියාවන් දියුණු කළ යුතු අතර, ගැහැණු ළමයින්ව ගණිතය සහ විද්‍යාව වැනි දෙයට උනන්දු කළ යුතුයි.  තවද, ගැහැණු ළමයින්ගේ විශේෂ ක්‍රියාකාරකම් දියුණු කිරීම සඳහා ක්‍රීඩා කිරීමටත්, චෙස් වැනි ක්‍රීඩාවන්හි නිරත කිරීමටත් උනන්දු වන්න

boys and girls#changesinthebrainfunctionofboysandgirls#children#childrencare

note

 

You may also like
දරුවන් අතර ඇති ස්ථූලභාවය
බබාලා පොදුවේ පෙන්වන අපහසුතාවන් ගැන ඔබ දැනුවත්ද?
ඔබත් කාර්යය බහුල මවක්ද? පියෙක් ද?
සෑම දරුවෙක්ම දැනගත යුතු කෑම මේසයේ හොඳ පුරුදු
error: Content Protected © mummypages.lk