Home > දෙමාපිය දැනගැනිම පිණිස > මුදල් ඉතිරි කරන අම්මා

අම්මා යනු නොයෙක් දේ කිරීමෙහි දක්ෂයෙක් වුවත්, කිසි දෙයක ස්වාමියා නොවේ. මව් පදවිය ඉතා බලගතුය. එයට රැකියාවක් කරන මවක්ද, නැත්නම් ගෙදර සිටින මවක්ද යන්න බලපාන්නේ නැත.  මවකට ඇති වගකීම ඉතා විශාලය.  ඇය සියලුම ලෞකික කාර්යයන් සිදු කරන අතර, තවත් වගකීම් කර පින්නා ගැනීමට පසුබට නොවේ.

ශ්‍රී ලංකාවේ බොහෝ රැකියාවන් කරන මව්වරුන් සිටී.  ඔවුන් තම සැමියන් සමඟ කරට කර නිවසේ වියදම් දරා ගැනීමට සමත් වේ.  පුරාතන යුගයේ, කාන්තාවන් නිවසේ වියදම් සම්බන්ධයෙන් උර දුන් බව අපට අසන්නට ලැබී නැත. තවද, ඔවුන් තම සැමියන් නිවසට ගෙනා වැටුප කීයක් වේදැ’යි නොදනී.  අද එම තත්ත්වය වෙනස් වී ඇත.  කාන්තාවන්ටද නිවසේ වියදම් වල බරට උර දීමට සිදුව ඇත. සමහරවිට එය ඉතා බරපතල අවස්ථාවක් විය හැක.  එයින් එක් දෙයක් නම්, විශේෂයෙන් මෙම කාන්තාවන්ට නිවසේ වියදම තනිවම කිරීමට පවා සිදු වී ඇත.  මව්වරුන් මුහුණ දෙන විශාල අවදානම වනුයේ, නිවසේ වැඩිපුර වියදම් කපා හැරිය යුත්තේ කොතනද, කොහොමද යන ප්‍රශ්නයයි. පවුලේ අනිසි වියදම් කපා හැරීමට නොයෙකුත් ක්‍රම ඇත.

ඔබේ නිවසේ අය වැය පාලනය කර ගැනීමට උදව් වෙන කරුණු කීපයක් :

  • පළමුවෙන්ම, මාසයේ වියදමට ඔබ කොතරම් ප්‍රමාණයක් යොදවනවාදැ’යි තීරණය කරන්න.
  • වියළි ආහාර ද්‍රව්‍ය තොග මිළට ප්‍රාදේශීය තොග කඩයකින් මිළට ගන්න. එම ආහාර ද්‍රව්‍ය ඔබේ සුපිරි වෙළඳ සැලේ ඇති ඒවාම වුවත්, සුපිරි වෙළඳ සැලේ මෙම ද්‍රව්‍ය මිළෙන් වැඩි විය හැක.
  • ඔබේ දිනපතා වියදම් වල ගණන් හිලව් පොතක සඳහන් කර ගන්න. දවස අවසානයේ, එදිනෙදා වියදම් වල මුදල් අයපත්, ඔබේ අය වැය ලේඛනයට ඇතුළත් කරන්න.  දවසින් දවස මෙම ක්‍රියාවලිය කල් දම දමා සිටියහොත්, පසුව ඔබට මුදල් වැය වූ ආකාරය අමතක වී යාවි.
  • මාස 3කට පසු ඔබ නොදැනුවත්වම මාසයේ අය වැය ප්‍රමාණය ගැන දැනුවත් වේවි.  එසේම ඔබ එදිනෙදා වියදම ගණනය නොකරනවා නම්, අය වැය ලේඛණයක් තබා ගැනීම ප්‍රයෝජනවත් නොවේ.  ඔබේ එක් ක්‍රියාවලියකට මුදල් මදි වුවොත්, අන් වැඩකට වෙන් කල මුදලින් ස්වල්පයක් ගන්න. එසේ නොමැති නම් “නැත” යනුවෙන් යොදන්න.
  • සමහර දේවල් වලට ඔබට “නැහැ” කියන්නට සිදු වේවි. උදාහරණයක් වශයෙන්, යහළුවන් සමඟ රාත්‍රී කෑමකට නොයා, ඔබට අවශ්‍ය ව්‍යායාම් මැෂිමක් මිළට  ගත හැක.  එය ඔබේ ස්වපාලනයට සහ කැපවීමට ප්‍රයෝජනවත් වේවි.
  • සිල්ලර බඩු වලට මුදල් වෙන් කිරීම වැඩි කරන්න (විශේෂයෙන් ඔබේ පවුලේ සාමාජිකයන්ගේ වැඩි වීමක් තිබේ නම්).
  • ඔබේ අවශ්‍යතාවන් සියල්ල සපිරීමට අවශ්‍ය මුදල් සම්බන්ධ ප්‍රවෘත්ති ඇති අන්තර් ජාල වෙබ් අඩවි පිලිබඳ සොයාබලන්න. මෙය අය වැය සම්බන්ධව ඉතා පහසු ක්‍රමයකි.
  • අය වැය පාලනය ඉතා අපහසු කාර්යයකි. එමනිසා ඔබ එය නිදහසේ කළ යුතුයි.  එමනිසා දිනුම් කණුවක් තබා ගන්න.  ඔබ එය වෙත ගිය හොත්, ඔබටම ප්‍රශංසා කර ගන්න. දිනුම් කණුව වෙත යාමට උත්සහ කරන්න.
  • ඔබට අවශ්‍ය සහ අනවශ්‍ය ද්‍රව්‍යවල ලැයිස්තුවක් සාදා ගන්න. ඔබට අත්‍යවශ්‍ය සහ අවශ්‍ය දේවල් වල වෙනසක් තිබිය යුතුයි.  එමඟින් ඔබේ වියදම් ස්වභාවය පාලනය කර ගත හැක.

ශ්‍රී ලංකාවේ බොහෝ මව්වරුන් මුදල් පරිහරණය ඉතා කල්පනාකාරීව කරනු ලැබේ.  නිවසේ මුදල් පරිහරණය සඳහා කුඩා උපකාරයක් සහ නම්‍යතාවයක් අවැසිය.  පවුලේ ජීවන රටාවට හානියක් නොකර, සුළු මුදලක් ඉතිරි කර ගැනීමට නොයෙකුත් ක්‍රම සහ විධි ඇත.

#women #saving #mothersaving #mothersavingmoney #savingarticleinsrilanka #savingsinhalaarticleinsrilanka #sinhalaarticle

note

You may also like
පෝෂ්යදදායක උදෑසන ආහාරයක් ගෙන ඔබේ දවස පටන් ගන්න!
ඔබ දැඩි මවක් හෝ පියෙක්ද?
කුඩා දරුවන්ගේ පෙරළිකාර වයස
ඔබ දන්නවාද? මව්කිරි ගැන
error: Content Protected © mummypages.lk