Home > වට්ටෝරු > මුං ඇට කිරිබත්

මුං ඇට කිරිබත්

අවශ්‍ය  දේවල් 

කැකුළු හාල්/ බාස්මති – කෝප්ප 3ක්
මුං ඇට – කෝප්ප 1ක්
පොල් කිරි – කෝප්ප 2 1/2ක් – 3ක්
රස අනුව ලුණු

සාදා ගන්නා අයුරු

ඔයා හෙට දවසේ මේ මුං ඇට කිරිබත් හදන්න ඉන්නවනම්, අද රෑට මුං ඇට වතුරේ පෙගෙන්න දමන්න. නමුත්, ඔයාට ක්ෂණිකයෙන්ම මෙය සාදා ගන්න අවශ්‍ය නම්, මුං ඇට වෙනමම තම්බා ගන්න. දැන් මුලින්ම සහල් සෝදා අවශ්‍ය පමණට වතුර දමා ලිපේ තබන්න. එයට ලුණුද එක් කරන්න. බත් එක හොදින් ඉදිගෙන එනවිට එයට මුං ඇට එක් කරන්න. ඉන්පසු මෙම මිශ්‍රණයට පොල් කිරිද එක් කරන්න. දැන් මෙය හොදින් කලවම් කර තව මිනිත්තු කීපයක් ලිපේ තිබෙන්නට හරින්න. ඉන්පසු, රසය අනුව, අවශ්‍ය නම් ලුණු නැවතත් එක් කර ගන්න.
ඉන්පසු එය ලිපෙන් බා, පැතලි තැටියක හෝ පලගනාවක දමා කොටු හැඩයට කැබලි කපා ගන්න.  ලුණු මිරිස් හෝ මාළු ඇබුල් තියල් සමග හෝ කට්ට සම්බෝල එක්ක කෑමට පිළිගන්වන්නට පුළුවන්.

error: Content Protected © mummypages.lk