Home > Latest Articles > මාපිය කටයුතු හොඳින් කිරීමට අවශ්‍යය උපදෙස්

මාපිය කටයුතු හොඳින් කිරීමට අවශ්‍යය උපදෙස්

“පුතා ගණන් වලට මෙච්චර අඩු ලකුණු ගත්තේ ඇයි?  ඔයා පුතාගේ පාඩම් වැඩ ගැන බලන්නේ නැද්ද?” අසමින් පැතුම් ඔහුගේ බිරිඳට බැණවැදුනේ, පුතාගේ ප්‍රගති වාර්ථාව අතේ තබා ගෙනයි.

ශ්‍රී ලංකාවේ පවතින මෙවැනි වාතාවරණයක් තුල ඔබේ ජීවිතයේ යම් දවසක අත්දැකීම් විඳින්නට ලැබී ඇතිනේද?

මාපිය කටයුතුවල යෙදීම කණ්ඩායමක් සේ කළ යුත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ මව්වරුන් සහ පියවරුන් අතර ඇත්තේ වෙනස් මාදිලියේ ශෛලියකි.  නමුත් ඔබේ දරුවන්ව උස් මහත් කිරීම දෙදෙනාගේ එකමුතුකමින් කළ යුතු වැදගත් කාර්යයකි.  දරුවන් වැඩීමේදී දෙමාපියන් අතර ඇතිවන අඬදබර, හැලහැප්පීම් සහ දෙදෙනා අතර  නිරතුරුව පවතින අසමගිකම් දරුවන්ගේ මනසට බලපානු ලැබේ. දෙමව්පියන් අතර සහයෝගීතාවයක් නැතිවීම පිළිබඳව දරුවන් සංවේදී වේ. මෙම අසමගිය දරුවන්ගේ ජීවිතවල අස්ථිර භාවයක් ඇති කරයි.

ඔබේ දරුවන්ව ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය ඉතා ප්‍රයෝජනවත් කරුණුකීපයකි මේ:

  • සහය දීම – මාපිය කටයුතු වලදී, යම් දේවලට ඔබ එකඟ නොවුනත්, එකිනෙකාගේ අදහස් වලට සහය දැක්වීම ඉතා වැදගත් කාරණයකි.  දරුවන් ඉදිරියේ බහින්බස් වීම නිසා, ඔබ දෙදෙනාට එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් ඇති බව දරුවන් දැන ගනී.
  • සාකච්ඡා කරන්න – ඔබේ දරුවන් කුමන ආකාරයෙන් උස් මහත් කරන්නේදැ’යි තම බිරිඳ/ස්වාමියා සමඟ නිතර සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය කාරණාවකි. ඔබේ දරුවන්ගේ විනය, සාරධර්ම සහ කුමක් කළ යුතුද, නොකළ යුතුදැ’යි තීරණය කිරීම පිළිබඳව එකිනෙකා අතර එකඟතාවයක් ඇතිවිය යුතුය. මාපිය කටයුතු ඉතා හොඳින්කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කරන්න.
  • දරුවන්ගේ කටයුතු දෙදෙනා අතර බෙදා හදා ගන්න – දරුවන් සම්බන්ධයෙන් ඇති කටයුතු, එනම් පාසැල් වැඩ කටයුතු, ඉගෙනීමට පරිබාහිරව ඇති නොයෙකුත් ක්‍රියාකාරකම්, සාමාජීය සම්බන්ධතා දියුණු කිරීම සහ නිවසේ වැඩ කටයුතු ඔබ දෙදෙනා අතර බෙදා හදා ගන්න. ශ්‍රී ලංකාවේ මාපිය කටයුතු යනු, දෙමව්පියන් දෙදෙනාටම පැවරුණු වගකීම් වේ.
  • පවුලක් වශයෙන් ඒකරාශී වන්න – සෑමවිටම ඔබේ දරුවා සහභාගී වන විවිධ ප්‍රසංග සහ අනිකුත් ක්‍රියාකාරකම් සඳහා දෙමව්පියන් දෙදෙනාම සහභාගී විය යුතුය. ශ්‍රී ලංකාවේ දරුවන්,  මව්පියන් දෙදෙනාම ඔවුන්ගේ ක්‍රියාකාරකම් නැරඹීමට පැමිණීම පිළිබඳව ඉතා ආඩම්බර වේ !
  • හදිසි තීරණ ගන්න එපා – ඔබේ දරුවා යම්කිසි දෙයකට ඔබේ අවසරය පතයි නම්, ඒ සඳහා තීරණ ගැනීමට ඉක්මන් විය යුතු නොවේ. ඔබේ සහකරු ඒ පිළිබඳව වෙනස් මතයක් දරයි නම්, ඒ සඳහා ඔබ ඔහුගේ/ඇයගේ පියා/හෝ මව සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ඔබේ දරුවාට පහදා දෙන්න.
  • ගරු කරන්න – ඔබ දෙදෙනා යම් දෙයක් කෙරෙහි වෙනස් මත දරයි නම්, ඔබේ සහකරු/සහකාරියගේ තීරණයට ගරු කරන්න. ඔබේ දරුවන් වෙනුවෙන් ගත ගත යුතු හොඳම තීරණය දෙදෙනා අතර මත භේදයකින් තොරව, සමඟි සම්මුතියකට පැමිණෙන්න.
  • සහය පිළිගන්න – ඔබේ දරුවන්ගේ වැඩ කටයුතු කෙරෙහි ඔබේ සහකරු/සහකාරිය ලබාදෙන සහය ප්‍රශංසාවෙන් යුතුව පිළිගන්න.  ඔබේ දරුවන්ගේ අනාගතය උදෙසා, ඔබේ සහකරු/හෝ සහකාරිය ලබා දෙන සහය අගය කරන්න.
  • බුද්ධිමත් වචන පාවිච්චි කරන්න – ඔබ ඔබේ අකමැත්ත ප්‍රකාශ කරන විට, ඔබේ වචන ඉතා සීරුවෙන් තෝරා ගන්න. හිතුවක්කාර නොවී, නම්‍යසුළු වන්න.
  • බෙදාහදා ගන්න – පාසලේදී ඔබේ දරුවාගේ කාර්ය සාධනය සහ ඔහුගේ/ඇයගේ දිනපතා ක්‍රියාකාරකම් පිළිබඳ ඔබේ අත්දැකීම් ඔබේ සහකරු සමඟ බෙදාහදා ගන්න. ශ්‍රී ලංකාවේ සමහර පියවරුන් දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි තොරතුරු නොදනී.
  • අමාරු කාර්යයන් හැඳින ගන්න – ඔබේ දරුවන් පිළිබඳ ගන්නා තීරණ ඔබ දෙදෙනාගේම එක සමානවීම ඉතා වැදගත් වේ.  ඔබේ දරුවන්ගේ වැඩ කටයුතු  දීප්තිමත් නම්, ඒ සඳහා ඔබේ සහකරු/සහකාරියට ස්තුතිය පුද කරන්න.

ඔබ හොඳ මවක්/පියෙක් ලෙස කටයුතු කරගෙන යන ගමනේදී, ඔබ සොයාගත් තොරතුරු මොනවාද?

එම තොරතුරු, mummyapages.lk   හරහා බෙදාහදා ගන්න!

#advicetodowellparenting #motherfathersupport #support #sharethechildrensactivities

note