Home > ගර්භනී > මව්වරුන්ට සහ මව්වරුන් වීමට සිටින කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ්

මව්වරුන්ට සහ මව්වරුන් වීමට සිටින කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ්

mptv-ad

“ෆෝලික් ඇසිඩ් –  ෆෝලික් ඇසිඩ් නිතරම ගර්භනී මාතාවන් පාවිච්චි කළ යුත්තේ, එය උපත් දෝෂ වලින් වැළැක්වීම සඳහා ඉතාම වැදගත් කාර්ය භාරයක් උසුලන බැවිනි.  ෆෝලික් ඇසිඩ් වලින් සිදුවන උපකාරය ගර්භනීත්වයට පමණක් බලපාන්නේ නැත.  මෙම ආශ්චර්යමත් විටමිනය පිළිබඳව තවදුරටත් හදාරමු.”

ෆෝලික් ඇසිඩ් යනු කුමක්ද?

(ෆොලේට් – folate  යනුවෙන්ද මෙය හඳුන්වනු ලැබේ).  මෙය විටමින් බී (Vitamin B) වැනි විටමිනයකි.  අළුත් සෛල සෑදීමටත්, තිබෙන සෛල ආරක්ෂා කිරීමට සහ ඒවා සෞඛ්‍ය සම්පන්නව තිබීමටත් ෆෝලික් ඇසිඩ් අපේ ශරීරයට අවශ්‍ය වේ.

ෆෝලික් ඇසිඩ් අවශ්‍යය කාටද?

සෑම කෙනෙකුටම, විශේෂයෙන් කාන්තාවන්ට මෙය අවශ්‍ය වේ.

ගර්භනී මව්වරුන්ට

  • ඉක්මණින් ගර්භනී වීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට
  • ඩිම්භ – ශුක්‍රාණු සංසේචන ප්‍රශ්න ඇති අයට
  • මව්කිරි දෙන කාන්තාවන්ට

ගර්භනී අවස්ථාවේදී ෆෝලිඩ් ඇසිඩ් වලින් තිබෙන බලපෑම

ගර්භනී අවස්ථාවේදී ෆෝලික් ඇසිඩ් භාවිතා කිඊමෙන්  උපතේදී මුහුණ  පාන ප්‍රශ්ණ  බොහොමයකින් වැළැක්විය හැක.  එනම්, නොමේරූ දරු උපත්  අඩු බර වලින් යුත් දරු භයානක උපත් ප්‍රශ්ණ වන ස්නායුක නාලයේ ඇතිවන ප්‍රශ්ණ,සහජ හෘද රෝග, අංග ව්කෘතිය, මුත්‍ර මාර්ගයේ සහ බඩවැල් ආශ්‍රිත ප්‍රශ්න සහ මුඛ හෝ මුහුණ සම්බන්ධ ප්‍රශ්න (දෙකට බෙදුණු තොල සහ දෙකට බෙදුණු තල්ල සම්බන්ධ ප්‍රශ්ණ)

ෆෝලික් ඇසිඩ් පාවිච්චි කිරීමට පටන් ගත යුත්තේ:

ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම ගර්භනී කාන්තාවක්ම ගර්භනී අවස්ථාවේ දී ෆෝලික් ඇසිඩ් පාවිච්චි කළ යුතු බවට දැනුවත් කරනු ලැබේ.  ඔබ ඉක්මණින් ගර්භණී තත්ත්වයට පත්වීමට බලාපොරොත්තු වේනම්, දැන්මම ෆෝලික් ඇසිඩ් පාවිච්චි කරන්නට පටන් ගන්න.   ඔබ ගර්භනීත්වයට පත් වී ඇත්දැ’යි දැනගැනීමට පෙර සහ ගර්භනී අවස්ථාවේ මුල් අවස්ථාවේ දී සිදුවන නොයෙකු ප්‍රශ්න ආදිය වැළැක්වීම සඳහා මෙය ප්‍රයෝජනවත් වේ.  දරුවාගේ වැඩීමට ද, මෙම ෆෝලික් ඇසිඩ් ඉවහල් වේ.  ඔබ මේ වනවිටත් ෆෝල්ක් ඇසිඩ් පාවිච්චි නොකරන්නේ නම්, ඔබ ගර්භනී අවස්ථාවට පත් වී ඇති බව දැනගත් වහාම ෆෝලික් ඇසිඩ් පාවිච්චි කරන්න පටන් ගන්න.  ඔබට බබා ලැබී මව්කිරි දෙනතෙක් මෙම විටමිනය පාවිච්චි කරන්න.

මට ස්වභාවික අයුරින් ෆෝලික් ඇසිඩ් ලබාගත හැකිද?

පලා වර්ග, ධාන්‍ය වර්ග වල සහ සිට්‍රික් අම්ලය සහිත පලතුරු (පැඟිරි පලතුරු)  වලද ෆෝලික් ඇසිඩ් අන්තර් ගත බව තහවුරු වී තිබේ.

  • රතු බත් සහ දුඹුරු පාන්
  • නිවිති
  • කරල් බෝග සහ මයිසූර් පරිප්පු
  • කඩල
  • හාතවාරිය
  • රතු මල් ගෝවා
  • දොඩම්
  • සමහර මාගරින් වර්ග වල
  • 20-1448022845-shutterstock-2609434375-300x225

ෆෝලික් ඇසිඩ් ගත යුතු ප්‍රමාණය

ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ආහාර වලින් පමණක් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමට බලාපොරොත්තු වීම අභියෝගයකි.  එමනිසා, ශ්‍රී ලංකාවේ වෙසෙන ගර්භනී මව්වරුන්ට අමතර ෆෝලික් ඇසිඩ් ලබා දෙනු ලැබේ.  ඒවා එතරම් මිළ අධික නොවන අතර, ප්‍රාදේශීය ෆාමසි වලින් ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.  සාමාන්‍යයෙන් දිනපතා ෆෝලික් ඇසිඩ් ගත යුතු ප්‍රමාණය :

ගර්භනී තත්ත්වයට පත් වීමට බලාපොරොත්තු වන කාන්තාවන් : mcg 400

ගර්භනී තත්ත්වයට පත් වී, මුල් මාස තුන ඇතුළත : mcg 400

ගර්භනී තත්ත්වයට පත් වී මාස 4 – 12 දක්වා : mcg 600

මව්කිරි දෙන කාලය ඇතුළත : mcg 500

ඔබට දියවැඩියාව ඇත්නම් හෝ පරම්පරාවේ  ස්නායුක නාලයේ ඇතිවන ප්‍රශ්ණ ඇති අය ඇත්නම් හෝ අපස්මාරය  , ඔබට ඉහත සඳහන් ප්‍රමාණයට වඩා ෆෝලික් ඇසිඩ් ගත යුතුදැ’යි ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ වින්නඹු මාතාවගෙන් විමසන්න.

දැන්මම පටන් ගන්න! 

ගර්භනී තත්ත්වය සම්බන්ධයෙන් ඇති ප්‍රයෝජනවලට අමතරව, හෘද රෝගාබාධ, ආඝාතය වැනි හදිසි ආබාධ, සමහර පිළිකා වර්ග, පේශීන්ගේ පරිහානිය සහ විෂාදය (depression) වැනි රෝග පිලිබඳ ඇති අවදානමද , ෆෝලික් ඇසිඩ් මඟින් අඩු කෙරේ.  ඔබට දැන් හොඳින් වැටහුණාද ?  එසේනම්, අදම ෆෝලික් ඇසිඩ් භාවිතා කිරීමට පටන් ගන්න!

#duringpregnancy #pregnancyfoodtopregnantmother #headachesduringpregnancy #healthyfood #pregnancy #pregnancy care #pregnancytime #folicacid #goodfood #pragnancyfood #whoneedsfolicacid #benefitsoffolicacidduringpregnancy

note

You may also like
කෘතිම ආහාර යනු මොනවාද ?
ආහාර අසාත්මිකතාවයක් යනු කුමක්ද?
දරැවාගේ කෑම පෙට්ටියේ ඇත්තේ සෞඛ්යට හිතකර ආහාරයක්ද? අහිතකර ආහාරයක්ද?
ගර්භනී අවස්ථාවේ ගමන් බිමන් යාම