Home > අධ්‍යාපනය > මව්වරුන්ට සහ දරුවන්ට පාසැල් නිවාඩුව සතුටින් ගත කිරීමට හැකි ක්‍රම

මව්වරුන්ට සහ දරුවන්ට පාසැල් නිවාඩුව සතුටින් ගත කිරීමට හැකි ක්‍රම

නත්තල සහ අලුත් අවුරුද්ද ළඟ ලඟම එන අතර, ශ්‍රී ලාංකික ළමයින්ට දෙසැම්බර් පාසැල් නිවාඩුව ද දැන් ලැබී ඇත.  ශ්‍රී ලාංකික මව්වරුන් බොහෝ දෙනෙක් දැන් සිතන්නේ තමන්ගේ දුවත්, පුතත් මේ නිවාඩු මාසයේ සතුටින් තබා ගන්නේ කෙසේද කියායි.

නිවාඩුව ගත කිරීම සඳහා, පහත සඳහන් ක්‍රම කිහිපය ඔබට ගැලපේදැ’යි පරීක්ෂා කර බලන්න.  මම්ස්කෙයාර්,  ඔබටත්, ඔබේ දරුවන්ටත් අමතක නොවන නිවාඩු කාලයක් ඉදිරියට ගත කළ හැකි බවට සහතික වේ.

ප්‍රාදේශීය පුස්තකාලයට යන්න

ජංගම දුරකථන, අයිපෑඩ්ස් , පරිඝනක ඇති ලෝකයේ, ළමයින් පැරණි කාලයේ අපි පොතක් කියවීමෙන් ලැබූ ප්‍රීතිමත් අත්දැකීම් ලබා නොමැත.  ඔබේ දරුවාට ඔබට ලඟම ඇති ප්‍රාදේශීය පුස්තකාලය හඳුන්වා දී, ඔවුන්ට කැමති පොතක් තෝරා ගැනීමට අනුබල දෙන්න.    දවසට අඩු ගණනේ පැය දෙකක්වත් දරුවන්ට මෙමඟින්  විනෝදයක් ලබා ගත හැකියි.

සංස්කෘතික අංග පිළිබඳ දැනුමක් ලබාදෙන්න

ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික චිත්‍ර ප්‍රදර්ශන ශාලාවල සෑම සතියකම පාහේ චිත්‍ර ප්‍රදර්ශන, චිත්‍රපටි සහ සංස්කෘතික දර්ශන ඉදිරිපත් කෙරේ.  ඔවුන්ගේ දර්ශන වැඩසටහන් පරීක්ෂා කර බලා, මේවා බැලීම සඳහා ඔබේ දරුවන්ව රැගෙන යන්න.  මෙවැනි දර්ශන බොහොමයක් නොමිළේ පෙන්වනු ලැබේ.

අවට පරිසරයේ ඇති නොයෙකුත් ස්වභාවික ස්ථාන බැලීමට යන්න

සෑම දරුවෙක්ම අවට පරිසරයේ සිරි නැරඹීමට කැමැත්තක් දක්වනු ඇත.  මුහුදු වෙරළට, කන්දකට හෝ වන වඳුලකට යාමට ඔවුන් මහත් කැමැත්තක් දක්වනු ඇත.   මේ සඳහා දවසක කාලයක් කැප කිරීමෙන්, දරුවන්ට අමතක නොවන විනෝදයක් ලබා දීමට ඔබට හැකි වනු ඇත.  එහි යාම සඳහා ආහාර බඳුනක් පිළියෙළ කරගෙන (මේ සඳහා ඔබේ දරුවන් ද, හවුල් කර ගන්න), මුහුදු වෙරළට, උද්‍යානයකට, ලඳු කැලෑවකට හෝ දරුවන් සමඟ පිය නඟන්න.  ඔවුන්ට පාසැලේදී ඉගෙන ගැනීමට නොලැබුණු යම් ආශ්චර්යමත් කරුණු ඉගෙනීමට සලස්වන්න.  උදාහරණයක් වශයෙන්, ශාඛවල දකින්නට ලැබෙන පොදු දේවල්, පලතුරු, මල්, සතුන්, කුරුල්ලන් සහ කෘමි සතුන් ආදිය පිළිබඳ පැහැදිළි අදහසක් ලබාගැනීමට දරුවන්ව යොමු කරන්න.

යහළුවන් සමඟ දවසක් ගත කිරීමට ඉඩ සලස්වන්න

ඔබේ දරුවන්ගේ යහළුවන් කිහිප දෙනෙකුට ඔබේ නිවසට ආරාධනා කර, ඔවුන්ට එකට එකතුවී, ආහාර ගැනීමට, සෙල්ලම් කිරීමට සහ උද්යෝගිමත් ළමා චිත්‍රපටියක් නැරඹීමට සැලැස්වීමෙන්, ඔබට ඔබේ දරුවන්ගේ යහළුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ද, හඳුනා ගැනීමට අවස්ථාවක් සැලසෙන අතර, දරුවන්ට ද ඉතා සතුටුදායක දිනයක් ගත කිරීමට ද ඉඩ  ලැබේ.

අලුත් විනෝදාංශයක් හෝ ජීවන කුසලතාවයක් දියුණු කර ගැනීමට අනුබල දෙන්න

ඔබේ දරුවාට අලුත් විනෝදාංශයක් හඳුන්වා දෙන්න.  මුද්දර එකතු කිරීම, කටු සටහන් ඇඳීම, පිහිනීමට හෝ ගෙවත්තේ එළවළු සහ මල් පැල වැවීම වැනි දේ දරුවන්ට පුහුණු කළ හැක.  දරුවන්ට ජීවන කුසලතාවයක් දියුණු කර ගැනීමට නිවාඩු කාලය ඉතා හොඳ අවස්ථාවකි.  ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම, ඇඳුම් මැසීම හෝ ඇඳුම් වලට මල් වැනි මෝස්‌තර මැසීම ආදිය ඉගැන්වීමෙන්, ඔබ‍ට නිවසේ වැඩ කටයුතුවලට ඔවුන්ගෙන් උදව් ලබා ගත හැකිය.  එසේම, ඉදිරි අනාගතයේදී, ඔවුන්ට යම්කිසි අමතර ආදායමක් ලබා ගැනීමට ද මේ දේවල් උදව් වනු ඇත.

ළමයින්ව පුණ්‍ය කටයුතු කෙරෙහි  යොමු කරන්න

 අද දවසේ ළමයින්ගේ කාර්බහුලත්ව ජීවිතවලට අනුව ලෝකයට දායාද කළ හැකි දේවල් පිළිබඳ සිතා බැලීමට කාලවේලාවක් නොමැත.   පාසැල් නිවාඩු කාලයේ ළමයින්ව පුණ්‍ය කටයුතු සඳහා සහභාගී කරවා ගැනීම ඉතා හොඳ කටයුත්තකි.   අඟහිගකම් ඇති ළමයින්ට ඇඳුම්, ආහාර පාන, පොත්පත්, පැන්සල් ආදී දේ බෙදාදීමට දරුවන්ව හවුල් කරගන්න.  දරුවන් සමඟ වැඩිහිටි නිවාස, ළමා නිවාසවලට ගොස් මෙවැනි දේ එම අයට බෙදා දීමටත්, දරුවන්ගේ යහළුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සමඟ එක් වී, අතින් නිම වූ නිර්මාණ ආදිය සල්පිල් මඟින් විකුණා, එයින් ලැබෙන ප්‍රතිලාභ  අඟහිගකම් ඇති ළමයින්ට දීමට සලස්වන්න.

පාසැලේ ඉගෙනීම් කටයුතු අමතක කිරීමට ඉඩ නොදෙන්න

ළමයින්ට පාසැල් නිවාඩු කාලයේ දී, සෙල්ලමෙන් කාලය ගත කිරීමේදී, ඔවුන්ගේ පාසැලේ දුන්  “ගෙදර වැඩ” කිරීමට අමතක වීම පුදුමයක් නොවේ.  එමනිසා, නිවාඩු කාලයේදීත්, අඩු ගණනේ දවසට පැයක්, දෙකක්වත් ළමයින්ට තම පාඩම් කටයුතු කෙරෙහි හිත යෙදවීමට උනන්දු කරවන්න.  තම දරුවන්ගේ දුර්වල පාඩම් කෙරෙහි ඔවුන්ගේ සිත යොදවා, ඔවුන්ට ඒවා කියා දීමට ඔබට ද, හැකියාව ඇත.

නිවාඩු කාලයේදී, දරුවන් සමඟ සතුටුදායක කාලයක් ගතකිරීමෙන්, ඔබ සහ දරුවන් අතර ඇති බැඳීම ශක්තිමත් වන අතර, එම ප්‍රීතිමත් කාලය ඔබේත්, ඔබේ දරුවන්ගේත් සිතේ සැමදාටම සනිටුහන් වීම අරුමයක් නොවේ!

පාසැල් නිවාඩුව ඔබ දරුවන් සමඟ ගත කළ ආකාරය ශ්‍රී ලාංකික අනිත් මව්වරුන් සමඟ බෙදා හදා ගන්න.

ඔබටත්, ඔබේ දරුවන්ටත් ප්‍රීතිමත් නිවාඩු කාලයක් ගතකිරීමට වාසනාව ලැබේවා! කියා මම්ස්කෙයාර් ආයතනය www.mummypages.lk ඉතා සෙනෙහසින්  ප්‍රාර්ථනා කරයි!

#mothersandchildrencanbehappyholidays #kidsholidaytime #sinhalaarticle

note

You may also like
මුදල් ඉතිරි කරන අම්මා
ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාව
ළමයින් සඳහා පෝෂ්‍යයදායක අතුරුපස
කාන්තාවන්ට උපදෙසක්
error: Content Protected © mummypages.lk