Home > දෙමාපිය දැනගැනිම පිණිස > මව්වරැන් සැමටම කුඩා දරැවා කෙරහි ඇති පොදු ප්‍රශ්ණ

මව්වරැන් සැමටම කුඩා දරැවා කෙරහි ඇති පොදු ප්‍රශ්ණ

mummypages.lk-digital-magazine-march-edition

මල බද්ධය (බඩ වේලීම) : බබා ක්රමයෙන් වැඩෙන විට අසූචි (බඩඑළිය යාම) පිටවන වාර ගණන අඩු වීම පිළිබඳව බිය විය යුතු නොවේනමුත් අසූචි ඉතා ඝන වීම හෝ අසුචි පිටවන විට ඔබේ බබා හඬයි නම්, හෝ අසූචි සමඟ රුධිරය පිටවීම හෝ  අධික ලෙස වෙහෙසක් ගනී නම් (තටමයි නම්) ඔබේ ළමා වෛද්යවරයා හමු විය යුතයි.

උණ: ඉතා තදින් උණ තිබේනම්, ඔබේ බබාට යම්කිසි ආසාදනයක් ඇති බවට නිගමනය කළ හැකඔබේ බබාට දිගටම තදින් උණ  (සෙ.ග්රේ. 104ක් හෝ ඊට වැඩියෙන් ) ඇත්නම්, ළමා විශේෂඥවරයාව හමු වන්නවිශේෂයෙන් ඔබේ බබාගේ වයස  මාස 2 කට අඩු නම් සහ උණ දවසකට වඩා තිබේ නම්, ළමා වෛද්යවරයාව හමුවීම අත්යවශ්යය.

සෙම්ප්රතිශ්යාව : බබාලාට නිතර සෙම්ප්රතිශ්යාව වැළඳේඑයට හේතුව ඔවුන්ගේ ප්රතිශක්ති පද්ධතිය දුර්වල හෙයිනිමව්කිරි බොන බබාලාට සෙම්ප්රතිශ්යාව නිතර නොසෑදේසෙම්ප්රතිශ්යාව වැළඳීම අඩු කිරීමට නම්:   මව්කිරි දෙන්න, දුම්පානයෙන් /දුම්වැටි වලින්  එන දුමෙන් ආරක්ෂා කරන්න, ඔබේ බබාව ඇල්ලීමට පෙර හොඳින් දෑත සෝදා පිරිසිදු කරගන්න, වැඩි වශයෙන් මිනිසුන් ගැවසෙන ස්ථාන වලින් දුරස් කර තබන්නඔබට අසනීප වී සිටී නම්, ඔබ බබාට මව්කිරි දෙන අවස්ථා වලදී, නාසය සහ මුඛය හොඳින් ආවරණය කර ගන්න.

අසාත්මිකතාවයන්: යම්කිසි අසාත්මිකතාවයකට ඔබේ බබාගේ ප්රතිශක්ති පද්ධතිය ප්රතික්රියා  දැක්වීම සාමාන් සිද්ධියකිඇස් සහ නාසය තෙත් ගතියෙන් යුක්ත වීම, ඇස් හෝ තොල් කැසීම සහ ඉදිමීමසමේ ඇතිවන රත් පැහැති   පලු හෝ කුෂ්ඨ, බඩ එළිය යාම සහ/හෝ වමනය යාම ආදිය අසාත්මිකතාවයන්ගේ ලක්ෂණ වේඔබේ බබා  හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙයි නම්, වහාම වෛද්යවරයෙක් ලඟට ගෙන යන්න.

ඇදුම සහ ශ්වාස රෝග : ඇදුම කුඩා දරුවන් අතර සාමාන්යයෙන් ඇතිවන රෝගයකිඑම රෝගය වැළඳුන විට ඔබේ බබාගේ පපුවෙන් සිවුරුහන් බානවා වැනි ශබ්දයක් ඇසේවිශේෂයෙන් එම ශබ්දය ඇසෙන්නේ ඔබේ බබාට සෙම්ප්රතිශ්යාව හෝ වෛරස් ආසාදනයක් ඇති විටදීයමෙම පපුවේ ඇති වූ ශබ්දය, එම රෝග සුව වූ වහාම යථා තත්ත්වයට පැමිණේනමුත් ඔබේ බබාට නිතරම වියළි කැස්ස, ආශ්වාශ ප්රශ්වාස ප්රශ්ණ හෝ පපුවේ තද ගතිය ඇත්නම්, බබාට ඇදුම (දිගු කාලීන නිදන්ගත රෝගයකි) වැළඳී ඇති බැවින්, වහාම ළමා වෛද්යවරයාව හමු වන්න.

මුත් ආසාදන: ඔබේ බබා නිතර මුත් පිට කරයි නම්, මුත් පිට කිරීමේදී වේදනාවකින් පෙළෙයි නම් හෝ මඳ වශයෙන් උණ ඇත්නම්, ඔහුට/ඇයට මුත් මාර්ගයේ ආසාදන (UTI) තත්වයක් හට ගෙන ඇත සඳහා වෛද්යවරයෙකුගෙන් ප්රතිජීවකයක් ලබා දිය යුතු වේ.

වමනය දැමීම සහ පාචනය: මෙය කුඩා දරුවන් අතර සාමාන්යයෙන් ඇති රෝගයකිකුඩා ළමුන් ඉතා ඉක්මනින් විජලනය විය හැකඑමනිසා ඔබේ දරුවාට ප්රමාණවත් දියර වර්ග, නටවා නිවා ගත් පානීය ජලය, යුෂ වර්ග හෝ බීමට දෙන විජලනය වැළැක්වීමේ දියර වර්ග දෙන්නවමනය සහ පාචනය නිරතුරුව පවතී නම්, වෛද්යවරයාව හමුවන්න.

#babyhealth #babyhealthcare #motherandbaby

note

You may also like
බාබගේ සෞඛ්‍යයසම්පන්න කණ සහ ඇස්
බාබගේ නීරෝගී උදරය සඳහා
Kind and Loving Words Are an Essential Ingredient in Parenting
Having a test tube baby: IVF in sri lanka
error: Content Protected © mummypages.lk