Home > අලුත උපන් ළදරැවා > මව්කිරි දීමේ නිශ්චල අධිෂ්ටානය

මව්කිරි දීමේ නිශ්චල අධිෂ්ටානය

කිරි දීම යනු කුමක්ද?

මේ පියයුරු පුඩුවලින් වෑස්සෙන දියරය (පියයුරු ග්‍රන්ථී) හඳුන්වන්නේ  ක්ශීරාම්ල යනුවෙනි.  මෙයින් අපිට බබාට කිරි දීමට අවස්ථාව සැලසේ.  මෙය ගර්භනී භාවය හා සම්බන්ධයෙන් සිදුවෙන හොර්මෝන් වල වෙනසින් සිදු වේ.  පළවෙනියෙන්ම ඔබට පියයුරුවල බර ගතියක් සහ මස් පිඬුවල තද වීමක් දැනේ.  සමහරුන්ට ගර්භනී භාවයට පත් වීමෙන් සති 9යකින්ද, සමහරුන්ට සති 32කකින්ද මෙම දැනීම ඇතිවේ.  ශ්‍රී ලංකාවේ සමහර මව්වරුන්ට මෙම ක්‍රියාවලිය පටන් ගන්නේ බබා ලැබීමෙන් පසුවය.

ගර්භනී මාතාවන්ට කිරි දීමේ ක්‍රියාවලිය පටන් ගන්නේ ඇයි එසේ වන්නේ කෙසේද?

පියයුරු වලින් බබා ඉපදීමට පෙර හෝ පසු කිරි වැගීරීමට පටන් ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියකි.  ඒ ගැන බියෙන්, ඔබේ බ්‍රේසියරය තුලට ටිෂු කඩදාසි (වැසිකිලි කඩදාසි) දමා ගත යුතු නොවේ.  මම්ස්කෙයාර් වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය ගර්භනී අවස්ථාවට අවශ්‍ය ඇඳුම් සහ අනෙකුත් දේ, කරදරයකින් තොරව ගෙදර සිටම ඇනවුම් කර ලබා ගත හැක.  www.needs.lk

බබාලාට කිරි දීම සඳහා විශේෂයෙන් පිළියෙළ කළ තනපටවල් නොහොත් බ්‍රේසියර වෙළඳ පොලේ විකිණීමට ඇත.  ඒවා මවගේ පියයුරු වලට පහසු අයුරින් පිළියෙළ කර ඇත.  ඒවා පියයුරු වලින් වෑස්සෙන කිරි ඉතා හොඳින් උරා ගැනීම සඳහා පිළියෙළ කර ඇත.

පියයුරුවල ආරක්ෂාව සඳහා විශේෂයෙන් පිළියෙළ කළ තුනී පැතලි කොට්ට – මෙයද දැන් කාලයේ මව්වරුන් අතර ඉතා ප්‍රසිද්ධය.  එය බ්‍රේසියරය ඇතුලින් පැළඳ ගැනීමෙන් අමතර දියරය හොඳින් උරා ගනී.  මෙය වැඩි වශයෙන් ඇත්තේ 4කින් යුත් ඇසුරුමක් තුලයි.

පියයුරු පොම්ප – මෙය විශේෂයෙන් රැකියාවට යන මව්වරුන්ට ඉතා ප්‍රයෝජනවත් උපකරණයකි.  මෙම උපකරණය පිලිබඳ තව දුරටත්  දැන ගැනීමට මෙම වෙබ් අඩවියෙන් හැකියාව ඇත.  බබාට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔබට කිරි වෑස්සෙයි කියා දැනේනම්, පියයුරු පොම්පය භාවිතා කර වැඩිපුර කිරි ඉවත් කිරීමෙන් ඔබට පහසුවක් ඇතිවේ.  එම ඉවත් කළ කිරි ආරක්ෂා  සහිතව තබා ගැනීමෙන්, අම්මා ලඟ නැති විටක බබාට දීමට හැකිය.

ශරීරයට  හිර හෝ තද නැති පහසු ඇඳුම් භාවිතා කල යුතුයි.

එමනිසා, මවට සහ බබාට අවශ්‍ය සියලු නිෂ්පාදන පහසුවෙන් ලබා  ගැනීමට, මම්ස්කෙයාර් වෙබ් අඩවියේ  www.needs.lk විද්‍යුත් සාප්පුව වෙත පිය නගන්න (අන්තර්ජාලයෙන්) අමතක නොකරන්න .

කිරි එරීම සහ මව්කිරි දීම

ශ්‍රී ලංකාවේ මෙම මව්කිරි දීම ඉතා ප්‍රචලිත ක්‍රියාවලියකි. www.mummypages.lk මෙය බබාගේ ශරීර සෞඛ්‍යයට  ඉතා ගුණදායකය.  පලවෙනි වරට මව්වරුන් වූ කාන්තාවන්ට මෙය කරදරකාරී ක්‍රියාදාමයක් විය හැක.  නමුත් එයඅසහනකාරී විය හැක්කේ ඔබට එයට හුරු වෙන තෙක් පමණි.  මේ පිළිබඳව වැඩිදුර දැන ගැනීමට මෙම වෙබ් අඩවියේ ඇති කෙටි ලිපි  කියවා දැනුවත් වෙන්න.

 නීරෝගීමත් මව්කිරි පෝෂණය

බබාට අවශ්‍ය සහ නියමිත පෝෂණය ලබා දීමට, ඔබගේ අහාරයට පෝෂ්‍යදායී දේවල් වැඩි වශයෙන් ඇතුලත් විය යුතුය.  ඒවා නම්:

  • දියර වර්ග
  • කොළ පැහැති එළවලු වර්ග
  • ප්‍රෝටීන්
  • ප්‍රධාන වශයෙන්, කැල්සියම්

ඔබේ කිරි වල ගුණාත්මක බව සහ කිරි ප්‍රමාණය වැඩිවීමට ඔබගේ ආහාර වේලට  පෝෂ්‍යදායක ද්‍රව්‍ය අඩංගු විය යුතු බව මතක තබා ගත යුතුය.   මවට තමන්ගේ බබා ගැන ඇතිවන ආදරබර හැඟුම් සමඟ බබාට දීමට කිරි එරෙන බව තරයේ සිතේ තබා ගන්න. එය වචනයේ පරිසමාප්තියෙන්ම සත්‍යයකි.  මෙය ඔබේ බබා සමඟ විශේෂ බැඳීමක් ඇති කර ගැනීමට ලැබෙන වැදගත් අවස්ථාවකි.

මව්කිරි දෙන මව්වරුන්ට සුභ පතමු !