Home > දෙමාපිය දැනගැනිම පිණිස > මවගේ ලස්සන ස්වාමියාටත් දරුවාටත් ආඩම්බරයකි.

මවගේ ලස්සන ස්වාමියාටත් දරුවාටත් ආඩම්බරයකි.

නිවසකට දියණියක් උපදිනවා යැයි කියුවිට අපේ පැරන්නන් පවසන්නේ ගෙදරට ශ්‍රියා කාන්තාව වඩිනවා කියාය. දියණියක් වූ පමණින්ම ඇය ශ්‍රියා කාන්තාවක් වන්නේ නැත. එනම් කුඩා කල සිටම ඇය තුල හොද ගතිගුණ, පිරිසිදුකම, පිළිවෙල තිබියයුතුයි. මන්ද යම් දිනක ඇය තම මවගේ නිවස අතහැර වෙනත් නිවසක ලේලියකවී යනවාය. එවිට එම නිවසේ සිරිකත වන්නේ ඇයයි. එබැවින් ඇයගේ ආකල්ප මත ඉදිරි ජීවිතය තීරණය වන බැවිනි.

අතීතයේ මෙන් නොව අද සැමදෙයක්ම නවීකරනය වී ඇත. එදා මව සහ අද මව අතර විවිධාකාර වෙනස් කම් ඇත. අතීතයේ අම්මා කෙනෙක් ලස්සන ඔසරියකින් හැඩවී සිටි. නමුත් අද බොහෝ අම්මාවරුන් හැඩවෙන්නේ ගවුමක් හෝ කලිසමක්-ටීෂට් එකකිනි. විසිඑක්වන සතවර්ෂ වන විට මෙසේ වෙනස් වී ඇත. එයද කම්නැත, පිරිසිදුව, පිලිවලට සිටිනවානම්. නමුත් අද බොහෝ කාන්තාවක් සිටින්නේ තමා රාත්‍රියට නිදාගැනීමට අදින ගවුම පිටින්ය. ඔබ දන්නවාද අද පවුල් අතර සාමය සමගිය බිද වැටීමට කාන්තාවගේ නොසැලකිලිමත්කම බලපා ඇති බව? ඔබ දන්නවාද අද බොහෝ පුරුෂයින් පවසන්නේ, කාන්තාවන්ගේ ඇති වැරදි වලින් ඔවුන් නොමගට යන බවය. මා ඔබට උදාහරණයක් මගින් පෙන්වන්නම්,

කමල්: ඇයි බං මූඩ් ගහලා වගේ   ඉන්නේ

අමල්: අනේ බං අද හවසට ක්ලබ් එකට වරෙන්, අපි ටිකක් කතා කරමු.

මේ අයුරින් සවස හමුවූ ඔවුන් දෙදෙනා බොහෝ දෑ කථා කල අතර, යාළුවා තම සගයාගේ යම් වෙනසක් දැක්කේය.

කමල්: අයි බං උබ ඔහොම බීලා නාස්ති වෙන්නේ?

අමල්: ඇත්තටම මටනම් ගෙදර අපායක් වගේ බං කිසිම පිළිවලක් නැහැ. අපේ සුරංගි බැදලා අපුකාලේ වගේ නෙමේ දැන්,,,

කමල්ඇයි බං එහෙම කියන්නේ?

අමල්: නැහැ බං මම මේවා උබට කොහොම කියන්නද?

කමල්: කමක්නැහැ උබ අවුලකින්නම් මට කියපන්,

අමල්: උබ දන්නැහැ බං දැන් සුරංගි මම උදේට යනකොට ඇදන් ඉන්න ඇදුම පිටින්මයි මම රෑට ගෙදර යනකොටත් ඉන්නේ, ගෙදර කිසි පිළිවෙලක් නෑ. කොයි වෙලාවෙත් කියවන එකමයි වැඩේ. ඒ මදිවට පොඩි එවුන් දෙන්නටත් බනිනවා. මම අහනවා ඇයි ඔහොම ඉන්නේ කියලා? එතකොට එයා කියනවා “ඔයාට තේරෙන්නේ නැහැ මට තියන වැඩ රාජකාරී ගැන මේවා කරන්නයි හැඩ වෙන්නයි මට වෙලාවක් නැහැ” කියලා. ඇයි බං උදේ 4.30-5.00ට නැගිටලත් ගැනියෙක්ට වෙලාව කළමණාකරණය කරගෙන පිලිවලට ඉන්න බැරිද? මොකද එයා කලින් හොදට හිටියනේ.

කමල්: ඇයි බං ඉස්සර හොදට හිටියනේ. සමහර වෙලාවට මම දැකල තියනවා ලස්සනට ඇදගෙන යනවා.

අමල්: ඇයි බං අර අපි බැදපු දවස් වල වගේ ඉන්න බැරි එයාට , මට දැන් ගෙදර යනකොටත් එපා වෙනවා. ළමයි නිසා යනවා.

කමල්: උබ මෙහෙම කරපන් දවසක උබලා හතරදෙනාම අපේ ගෙදර වරෙන්, ඇවිත් කතාකරන ගමන් සුරංගිගේ හොද කියල එයාව වර්ණනා කරපන්. එතකොට එයාටම එයා ගැන ලැජ්ජාවක් ඇති වේවි. එයාගේ ඇත්ත තත්වය කියල එයාව ලැජ්ජ කලේ නැහැ කියල, එයාට දුකක් දැනේවි. මම අපේ තමරාටත් කියන්නම් ගෑනිට නොදැනෙන්න ඔලුවට කරුණු ටිකක් දාන්න කියලා.

අමල්: අනේ බං ලොකු උදව්වක්, ලොකු පිනක් බං උබට.

මේ අයුරින් ඔවුන් කල කථා බහ නිසා පවුල් ජිවිතයට අලුත් ජීවයක් ලැබිණ. එමෙන්ම මෙවැනි මිතුරන් අද සමාජයේ විරල බවද සිහිතබාගන්න. මේ සිදුවීමෙන් පසු සුරංගි දිනෙන් දින වෙනස් විය. ඔබ දන්නවාද පුරුෂයින් කැමැති පිලිවලට සිටින තරුණියන්ටයි. ගැහැනියක සුක්ෂම නොවුනහොත් මේ අවස්ථාවල පිරිමින් නොමගට යාමට ඇති ඉඩකඩ වැඩි බව මතකතබා ගන්න.

ඒවගේම තමා අපේ පුංචි දරුවනුත්, මගේ පුතාට දැන් වයස අවුරුදු 12යි. එයා කියන්නේ අම්මේ ඔයා ලස්සනට අදින්න කියලා. සමහර වෙලාවට එයා මම ගාන නිය පොලිෂ් එක පවා මට තෝරලා දෙනවා. අම්මා ලස්සනට ඇදලා ආපුවාම යාලුවෝ කියනවා ලස්සනයි කියලා. ඒ වගේම සමහර වෙලාවට මම ටිකක් කොටට අදින වෙලාවට අහනවා, “අම්මා ඔයා දැන් බස් එකේ ඉදගත්තාම ඕක තව ටිකක් කොට වෙනවා නේද කියලා?” බලන්න එතකොට ළමයි වුනාම අද කොච්චර දුරට හිතනවද කියලා. ඒ වගේම තමා මගේ දුවත් “අම්මේ ඔයා අද ඉස්කෝලේ එනකොට මේ සාරිය ඇදගෙන එන්න” කියලා ,මම වෙඩින් වලට ඇදපු සාරී පෙන්නනවා. මම ඒ වෙලාවට ඉතින් කියලා දෙනවා “පුතේ ඒවා අදින්නේ උත්සව වලට”කියලා. ඒ නිසා මම වෙන ලස්සන එකක් ඇදගෙන එන්නම් කියලා. සමහර වෙලාවට එක පෙන්නනකම් මට කරදර කරනවා. ඉතින් බලන්න දරුවෝ වුනත් හිතන්නේ අම්මා කෙනෙක් ලස්සනට අදින්න ඕන කියලා. අම්මා ලස්සනට පිලිවලට, පිරිසිදුව ඉන්නවනම් ඒ දිහා බලාගෙන දරුවොත් ඉගනගන්නවා. පවුල් ජීවිතයත් ලස්සන වෙනවා.

නිවසේ සිරිකත ඔබ බව සිහිතබාගන්න.

මෙම ලිපියේ අඩංගු සියලු අදහස් සහ කරුණු කතෘ සතුය. ප්රකාශකගේ නොවේ.

#housewife #homesweethome #girl #mother #goodhabit #srilankahousewife

note

You may also like
The hands that rocks the cradle will rule the world
Husband and children will be delighted about mother’s beauty
First Three Months of a Newborn and a New Mother
දරැවන්ට ආදර්ශමත් වැඩිහිටියකු වෙමු