Home > ගර්භනී > මත්පැන් සහ බෙහෙත්

ගර්භණී අවස්ථාවේදී මම මත්පැන් භාවිතා නොකළ යුතුද? ඔව්

ගර්භණී අවස්ථාවේදී කොපමණ ප්‍රමාණයක් මත්පැන් පානය කළහොත්, බබාගේ ආරක්ෂාව තහවුරු වේද යන්න ගැන ලෝකයේ ඇති සාධක ප්‍රමාණවත් නොවේ.  කෙසේ නමුත්, මුල් තුන් මස තුළදී  මත්පැන් භාවිතා කිරීම කොහෙත්ම අනුමත කළ නොහැක.  එයට හේතුව එමඟින් දරු ගැබ විනාශ (ගබ්සාවක්) විය හැකි බැවිනි.  එයට අමතරව, ගර්භණී අවස්ථාවේදී මත්පැන් පානය නිසා, බබාගේ උපන් බර අඩුවීම, නොමේරූ දරු උපත්, ශාරීරික විකලාංගතාවය සහ බබාගේ වැඩීමේ දුර්වලතා, එනම් ඉගෙනීමේ සහ හැසිරීමේ දුර්වලතා ආදියද ඇතිවිය හැකිය.  ඉතාම ආරක්‍ෂිත ක්‍රමය වනුයේ ගර්භණී අවස්ථාව පුරා මත්පැන් පානයෙන් වැළකී සිටීම වේ.

බෙහෙත් (ඖෂධ) වර්ග භාවිතා කිරීමට පෙර, සෑමවිටම වෛද්‍යවරයාගෙන් හෝ වින්නඹු මාතාවගෙන් ඒ පිළිබඳව විමසන්න.

ගර්භණී අවස්ථාවේදී, බෙහෙත් වර්ග හෝ සාමාන්‍යයෙන් භාවිතා  කරන වේදනානාශක පවා  පාවිච්චි කිරීමට පෙර, ඔබේ වෛද්‍යවරයාගෙන් විමසීම ඉතා බුද්ධිමත් ක්‍රියාවකි.

ඔබට වැළදී තිබෙන රෝගී තත්වයක්  (ඇදුම, තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමේ රෝගය, දියවැඩියාව, අධි කොලෙස්ටරෝල් වැනි රෝග) නිසා, ඔබ දිගු කාලීන බෙහෙත් වර්ග දැනටමත්  භාවිතා කරන්නේ නම්,  මෙම බෙහෙත් වර්ග පිළිබඳව ඔබේ වෛද්‍යවරයාට දැනුම් දී, ඒවා දිගටම භාවිත කිරීම සුදුසුද නැද්ද යන්න ඔහුගෙන් විමසන්න.  එසේ රෝගී තත්ත්ව ඔබට වැළඳී ඇත්නම්, වහාම ඔබේ වෛද්‍යවරයාව හමුවන්න.

එම රෝගී තත්ත්ව ඇති කාන්තාවන්, ගර්භණීත්වයට පත්වීමට තීරණය කරයි නම්, ඔබේ වෛද්‍යවරයාව ඊට පෙර හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම නුවණට හුරු ක්‍රියාවකි.

ඔබේ මාසික ඔසප් වීම නැවතී ඇත්නම්, ඔබ ගර්භණී බවට පත් වී ඇති බව දැනගත්තේ නම්, ඔබේ බබා ගර්භාෂය තුළ දැනටමත් සති 3 – 4ක් වයසට පත්ව ඇති බව මතක තබා ගන්න!

ගර්භණී අවස්ථාවේදී, පළමු සති 12 හඳුන්වන්නේ “ගර්භණී අවස්ථාවේ මුල් තුන් මාසය” යනුවෙනි.  මේ මාස තුන ඇතුළත ඔබේ බබාගේ ඉන්ද්‍රියයන් වැඩීමට පටන් ගන්නා කාලයයි.  එමනිසා, මේ කාලය ඉතාම අවදානම් කාලයක් වන අතර, ඔබේ හැසිරීම් රටාව සහ පිටතින් ලබා ගන්නා (ආහාර, ඖෂධ/මත්ද්‍රව්‍ය, බෙහෙත්, විෂබීජ සහ වසංගත රෝග) ආදිය ඔබේ බබාගේ නීරෝගී වර්ධනය කෙරෙහි බල පෑ හැකිය.

අනෙකුත් පූර්වෝපායන්

ගර්භණී අවස්ථාවේ දී ගැනීමට සුදුසු ආරක්‍ෂිත ඖෂධ වර්ග:

  • පැරසිටමෝල්
  • ප්‍රතිජීවක
  • ස්ථානීය නිර්වින්දක (දත් සම්බන්ධ ප්‍රතිකාරක වලදී)
  • සමහර එන්නත් වර්ග – පිටගැස්ම ඇතුළුව

කෙසේ නමුත්, සෑමවිටම ඔබේ වෛද්‍යවරයාගෙන් විමසීම ඉතා සුදුසුය.  තනිවම සිතා බලා ගන්නා  බෙහෙත් වර්ග/කවුන්ටරයෙන් ලබා ගන්නා බෙහෙත් වර්ග වලින් ආරක්ෂා වන්න.

දත් සම්බන්ධ වෛද්‍යවරයෙක් හෝ වෙනත් වෛද්‍යවරයෙක් වෙතට ඔබ යන්නේ නම්, එම වෛද්‍යවරයා ඔබට යම් බෙහෙතක් නියම කිරීමට පෙර,  ඔබ ගර්භණී බව පවසන්න අමතක කරන්න එපා.  ඔබ බෙහෙත් ගැනීමට යනවිට, හැකි සෑමවිටම ඔබේ සෞඛ්‍ය පිළිබඳ වාර්තා සියල්ල ගෙන යන්න.  ඔබට කුමන අවස්ථාවක හෝ පහසුවෙන් ගත හැකි අයුරින් වෛද්‍ය වාර්තා සියල්ලෙහි මෘදු කොපියක් – soft copy (ඔබේ ජංගම දුරකථනයේ හෝ අතේ ගෙන යා හැකි  පරිඝනකයේ) තබා ගැනීමට සමහර වෛද්‍යවරුන් ඔබ‍ට උපදෙස් දෙනු ලැබේ.

ඔබ ආයුර්වේද, සිංහල බෙහෙත් හෝ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නේ නම්, එයට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව විමසිය යුතුයි.  එයට හේතුව සෑම “ස්වභාවික” සිංහල බෙහෙත් හෝ ආයුර්වේද බෙහෙත් වර්ග ගර්භණී අවස්ථාවේදී  ඔබට  සුදුසු නොවේ.\

#pregnancytime #pragnancymother #pregnancywomen #pregnancymotherinsrilanka# pregnancyfood #healthywomen #alcohol

note

You may also like
Ready For Delivery With My Bounty Bags
Physical Changes During Pregnancy
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
Perspective Of The Whole Nine Months
error: Content Protected © mummypages.lk