මතට ලොල් නැති මනස  

යම් අයෙක් ඔබට මෙසේ පවසනවානම්, “මත්පැන් හෝ මත්ද්‍රව්‍ය බිමට ඔබට ශක්තියක් නැතිනම් ඔබ කොන්ද පණනැති පිරිමියෙක්” යැයි නමුත් මතට ලොල් නැති ඔබට කිව හැක. “ මත්පැන් නොබොන මගේ සිතත් කයත් දෙකම ඔබලාට වඩා ශක්තිමත් බව”. ඔබට පුළුවන් මෙසේ ජීවිතය විනාශ කරගත් අයට පිළිසරණක් වීමට. ඔවුන්ට මෙයින් සිදුවනවිනාශය පහදා දෙන්න.අද බොහෝ තරුණ ජිවිත විනාශ වී යන්නේ මත් රකුසාට හසුවීමෙනි.

මත්ද්‍රව්‍ය ගැනීමෙන් ඔබ පියවරෙන් පියවර නොදැනුවත්වම රෝගී වනබව ඔවුන්ව දැනුවත් කරන්න. අද කිදාහක් දෙමාපියන් තම පුතා හෝ සහෝදරයා නැතිනම් ස්වාමිපුරුෂයා මත් මතින් ගලවා ගැනීමට නොහැකිව ලතවෙනවද?

දන්නවද අද දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම නිසා ලොව ඇති මාරාන්තික රෝග ගණනාවකට මුහුණ දීමට සිදුවී ඇත. 50%පමණ අද මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා ඇති වන රෝග වලිනි. දුම්කොළවල ශරීරයට අහිතකර විෂ සංඝටක වර්ග 43ක් ඇති බව ඔබ දන්නවද?

අද අපේ පුංචි රටේ මිනිසුන් සිගරට් සදහා දවසකට වැයකරන මුදල රුපියල් මිලියන 227 [කෝටි 23]කි. ඒ වගේම දිනකට දුම්පානය නිසා මියයන මිනිසුන් ගණන 50-60 අතර වේ.

අද අප ර‍ට තුල සංසරණය වන මත්ද්‍රව්‍ය ඔබ හදුනනවද?

ගංජා, අබිං, හෙරොයින්, බාබුල්, බීඩි, මදන මෝදක, නිදිපෙති සහ අධි මාත්‍රාව යටතේ අනුමැතියකින් තොරව ලබාගන්නා සිරප් වර්ග. මේ ඕනෑම දෙයකට හුරුවූ අයෙක් සිතන්නේ මේ තරම් සැපක් තව කොහෙද කියාය. මේ රස ඔවුන් අන් අයට හුරුකිරීමට පෙලබෙයි. නමුත් මෙයින් තමන්ගේ ශරීරයදිනෙන් දින විනාශ වනබව ඔවුන් නොදනී.

මත් ද්‍රව්‍ය ගැනීම නිසා පවුලකට සිදුවන හානි :

  • ශාරීරික ප්‍රශ්න
  • මානසික ප්‍රශ්න
  • සමාජීය ප්‍රශ්න
  • ආර්ථික හා රැකියාමය ප්‍රශ්න

මතට ඇබ්බැහි වූවකු දිනෙන් දින ඔවුන් ගන්නා ද්‍රව්‍ය වල ප්‍රමාණය වැඩිකරගන්නවා මිස අඩු කර නොගනී. අවසානයේදී ඔවුන් නොදැනුවත්ම යම් යම් රෝග වලට හසුවේ.

දුම්කොළවල ඇති විෂ වර්ග ඔබ හදුනනවාද?

  • නිකොටින් ඇබ්බැහිවීම වැඩි කරයි.
  • ඇමෝනියා  පිරිසිදු කාරකයක් ලෙස යොදාගනී.
  • අසිටෝන්  සායම් සහ නිය පිරිසිදු කිරීම සඳහායොදාගනී.
  • ආසනික් කෘමිනාශක අඩංගු වේ.
  • කාබන් මොනොක්සිඩ්  වාහන වලින් පිටවන විෂ වායු
  • හයිඩ්‍රජන් සයනයිඩ්  විෂ වර්ගයකි.
  • ෆිනොල්  සායම් වල අඩංගු වේ

මේ ප්‍රධාන ඒවා වේ. ඔබට පේනවා නේද අපේ ශරීරයට කොතරම් විෂද්‍රව්‍යවර්ගද ඔබ සැපයක් කියා ලබාගන්නේ.

බොනකොටනම් හොද සැප නේද? විදවනකොට කොහොමද දුක? බොනකොට ගදයි නේද?

ඔයාලා ළගත් ගදයි අහක ඉන්න අපිට ඉවසන්නත් අමාරුයි.අද කාලේ කෙල්ලෙක් වත් බලන්නේ නැහැ. වැනි වැනි යනකොට බලන් ඉන්න අයටනම් හරිම ජොලි. අවසානයේ ලෙඩ ගොඩයි නේද? දන්නවද? ඒ මොනවද කියලා

  • ප්‍රධානම වශයෙන්භයානක පිලිකා ඇතිවීම.
  • පෙනහළු හා ඒ ආශ්‍රිත රෝග ඇතිවීම.
  • හදවත් රෝග ඇතිවීම.
  • අමාශයේ තුවාල ඇතිවීම.
  • ලිංගික බෙලහීනතාවය.
  • දත් දුර්වර්ණ වීම /දත් දිරාපත්වේ.
  • කටින් දුගදක් හමයි.
  • අංශබාග රෝගය වැළදීමේ ප්‍රවනතාව වැඩිවේ.

ඒ මදිවාට අහක ඉන්න අපිවත් ලෙඩ කරනවා. බසයක් තුල, මගීන්ගැවසෙන පොදු ස්ථාන වල අද කීදෙනෙක් නම් දුම් පානය කරනවද? එයින් ඔවුන් පමණක් නොව, එම දුම් ආග්‍රහණය කිරීමෙන් අපද රෝගිවේ. මේ අවස්ථාවල ඔවුන්ට විරුධව නැගීසිටීමට අපට අයිතියක් ඇත.

මෙවැනි අක්‍රිය දුම් පානයෙන් දරුවන් ආරක්ෂා කරගතයුතුයි.මෙහිදී අපි වැඩි වශයෙන් දරුවන්ට ආදර්ශයක් දෙනවානම් පාසලක් තුලදී කළහැකි විශේෂ දේ ඇත.

එනම්,

  • මසකට එක් දිනක් නැතිනම් එක් වරුවක් දරුවන් රැස්කර පොදුවේ ඔවුන්ගේ ප්‍රශ්න කතා කල යුතුයි.
  • තවද නාට්‍යයක් ආකාරයට මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන ආදීනව පහදා දියයුතුයි.
  • ජාතික දුම්වැටි හා මත්ද්‍රව්‍ය පාලන අදිකරියෙන් නියෝජිතයෙකු ගෙන්වා දරුවන් දැනුවත් කිරීම.
  • වෛද්‍ය වරයෙකු ගෙන්වා මේවා ගැනීමෙන් වැළදෙන රෝග පිළිබද රූපරාමු සහිතව ඔවුන් දැනුවත් කල යුතුයි .
  • ජිවිත විනාශ කරගත් අය පිළිබද නිර්මාණය වූ චිත්‍ර පටයක් පෙන්වීමට පුළුවන.

මෙවැනි දේ ඔවුන්ගේ සිතට දැනෙන පරිදි කියා දීමෙන් දරුවන්ට ඒ පිළිබද මනා අවබෝදයක් ඇතිවේ එයින් අපේ අහිංසක දරුවන් යම් තරමකට හෝ ගලවා ගතහැක .

මා නම් සිතන්නේ මේ සදහා වැඩි කාර්යයක් ඇත්තේ අපේ රටේ අතිගරු ජනාදිපති තුමන්ටයි. අද මතට ගොදුරු වීමෙන් කී දහක්නම් තරුණ ජිවිත විනාශ වන්නේද? දිනෙන් දින මත්ද්‍රව්‍ය වල මිල ගණන් වැඩිකලත් ඵලක් නැත. මන්ද අර කතාවක් තියනවානේ බොන එකා හොරකම් කරලා හරි බොනවා කියලා? එමනිසා ඔබ තුමන්ට හැකියාවක් ඇත්නම් මේ මත්ද්‍රව්‍ය සහමුලින්ම අප රටට ගෙන්වන එක නවතා දැමීමට කටයුතු කලයුතුබවමා පමණක් නොව සෑම දෙමාපියකගේම ඒකායන පැතුමයි. ඔබ තුමාගේ වෙනසක් ඇති කිරීමේ සංකල්පය තුලින් අද මවක්, බිරිදක්, දියණියක් බලාපොරොත්තු වන්නේ මතින් තොර රටකි.මත්ද්‍රව්‍ය ගෙන ඒම නැවත්වීම තුලින් රටේ ආර්ථිකයට පහරක් එල්ලවුවද, රටේ සැබෑවෙනසක් අත්විදිමටනම් අපේ තරුණ ජවය ආරක්ෂා කරගතයුතුයි. එය ඔබ තුමන්ට භාරයි.

#drugs #heartdisease #themaincauseofcancer #doyouknowthepoisonintobacco

note

error: Content Protected © mummypages.lk