ඔබේ අළුත් බබා ඔබේ පවුලේ විශාල බලපෑමක් ඇති කරයි. විශේෂයෙන්ම ඔබේ වැඩිමල් දරුවන් කෙරෙහි එය ඉතා තදින් බලපැවැත්වේ. ගර්භනී අවස්ථාවේ සිටම ඔබේ අනෙක් දරුවන් අළුත් බබාගේ පැමිණීම පිළිගැනීමට හුරු කිරීමෙන් සහෝදරයන් අතර එකමුතුකමක් ඇති වේ.
ඔබ ගර්භනීත්වයට පත් වූ විටම, ඔබේ අනෙක් දරුවන්ට ඒ බව දැනුම් දෙන්න. එම දරුවන්ව ඔබේ අළුත් බබාගේ පැමිණීම අපේක්ෂා කිරීමට හුරු කරන්න. වැඩිමල් දරුවන්ට ඔබේ ගර්භයේ සිටින බබාව ස්පර්ශ කිරීමට, කතා කිරීමට සලස්වන්න.
වැඩිමල් දරුවන්ව අළුත් බබාගේ පැමිණීම පිළිගැනීම සඳහා; බබාගේ ඇඳුම් සහ අනෙකුත් භාණ්ඩ එකතු කිරීමට හවුල් කර ගැනීමෙන්, ඔවුන්ගේ නව සොහොයුරා හෝ සොයුරිය පවුලට එක්වන තෙක් ඔවුන් ඇඟිලි ගනිමින් බලා සිටිනු ඇත.
අලුත උපන් බිලිඳාව වඩා ගැනීමට සහ හුරතල් කිරීමට වැඩිමල් දරුවන්ට අවස්ථාවක් ලබා දෙන්න. බබාගේ සුළු සුළු වැඩට වැඩිමල් දරුවන්ව හවුල් කර ගන්න. මෙමඟින් දරුවන් අතර සහයෝගිතාවයක් ගොඩ නැංවේ.
අවුරුදු 2ට වඩා කුඩා දරුවන්ට ඔවුන්ට අළුත් සාමාජිකයෙක් පවුලට එක්වන බව වටහාගැනීමට අපහසු වේ. අළුත් දරුවා සහ ඔබ අතර ඇති සම්බන්ධතාවය කෙරෙහි ඔවුන්ගේ අමනාපයක් ඇතිවේ. වැඩිමල් දරුවන් සමඟ ඔබේ ඇති බැඳීමට නොකඩවා කාලය මිඩංගු කරන්න.
වැඩිමල් දරුවන්ගේ කුඩා කළ ගත් චායාරුප පෙන්වා ඔවුන් කුඩා කළ සිටි අයුරු මතකයට නංවන්න. එවිට ඔබේ අලුත උපන් බිලිඳාගේ වැඩීම පිළිබඳ වැඩිමල් දරුවන් වටහා ගනී.
අලුත උපන් බිලිඳාව බැලීමට ඔබේ යහළුවන් සහ නෑදයන් නිවසට පැමිණ තෑගි බෝග දෙන විට, ඔබේ වැඩිමල් දරුවන්ට දීමට තෑගි කීපයක් ලැහැස්ති කර තබා ගන්න. එවිට වැඩිමල් දරුවන් තනි වී නොමැති බව ඔවුන්ට හැඟේවී.
#baby #babyandmother #newbornbaby #babyandmotherrelationship #sinhalaarticle #kidzarticle #