Home > දෙමාපිය දැනගැනිම පිණිස > මගේ පුංචි පැටියා නින්දට යොමුකරන වෙලාව

මගේ පුංචි පැටියා නින්දට යොමුකරන වෙලාව

මාස 0 – 2 දක්වා : මෙම අවධියේදී බබා දහවල් කාලය තුළ කිහිප වාරයක් නිදා ගනී.  එමනිසා බබා රාත්‍රී නින්දට යන්නේ බොහෝ ප්‍රමාද වීය.  ක්‍රමයෙන් රාත්‍රී නින්දට යෑම ඉදිරියට ගෙන ඒමට උත්සහ කරන්න.  බබාට වයස මාස 2ක් සම්පූර්ණ වනවිට, බබා සවස 6 වනවිට රාත්‍රී නින්දට පෙළඹේ.

මාස 3 : ඔබේ බබා තවමත් දහවල් කාලය තුළ 4 වරක් පමණ නිදා ගනී.  නමුත් දහවල් කාලය තුළ අන්තිමට නිදා ගන්නා කාලය සවස 5 වනවිට නිම කිරීමට පොළඹවන්න.  ඉන් පැය 1 1/2 කට පසු  රාත්‍රී නින්ද ලබා ගනී.

මාස 4 – 5 දක්වා : මෙම අවස්ථාවේ බබාලා දහවල් කාලය තුළ නිදා ගන්නේ 3 වරක් පමණය.  දහවල් කාලය තුළ නිදා ගැනීම සවස 30 පමණ වනවිට නිම කිරීමට පුරුදු කරන්න.  ඊට පැය 2කට පසු රාත්‍රී නින්ද ලබා ගනී.

මාස 6 – 7 දක්වා : ඔබේ බබා තවමත් දහවල් කාලය තුළ තුන් වරක් පමණ නිදා ගනී.  දහවල නින්ද සවස 4 වනවිට නිම කරවීමට උත්සහ කරන්න.  ඉන්පසු පැය 2 1/2 කට පසු රාත්‍රී නින්ද ලබා ගැනීමට හුරු කරන්න.

මාස 8 – 9 දක්වා : මෙම අවධිය වනවිට බබාලා දහවල් කාලය තුළ 2වරක් පමණ නිදා ගනී.  සෑම නින්දක්ම සවස 4 පමණ වනවිට නිම කළ යුතුයි.  ඉන්පසු පැය 3 1/2 කට පසු රාත්‍රී නින්ද ලබා ගැනීමට හුරු කරන්න (රාත්‍රී 30 ට පමණ).

මාස 10 – 18 දක්වා : මෙම අවධිය තුළ බොහෝ බබාලා දහවල්  කාලය තුළ දෙවරක් පමණ නිදා ගනී.  නැවතත්, සවස 4 වනවිට එම නින්ද නිම කිරීමට හුරු කර, ඉන්පසු පැය 3 – 4 කට පසු රාත්‍රී නින්ද ගැනීමට සලස්වන්න.

මාස 18 – 36 දක්වා : මෙම අවධියේදී, බබාලා වැඩි දෙනෙක් දහවල් කාලය තුළ, එක වරක් පමණක් නිදා ගනී.  එයද පස්වරුවේ මුල් කාලයේදීය.  මින් පැය 5 කට පමණ පසු රාත්‍රී නින්දට පුරුදු කරන්න.  ඒ සඳහා ඔබේ දරුවාව සවස 3 වනවිට දහවල් නින්දෙන් අවදි කරවා, රාත්‍රී 8ට පමණ නිදා ගැනීමට සලස්වන්න.

බබාගේ නීරෝගී වැඩීමට සහ මොළයේ වැඩීමට ප්‍රමාණවත් රාත්‍රී නින්දක් අවශ්‍ය වේ.

බබාලගේ රාත්‍රී නින්ද ප්‍රමාණවත් නම්, සාමාන්‍යයෙන් ඔවුන් සතුටින් සිටින අතර, නොසන්සුන්   සහිත සහ පීඩාවට පත්වීම අඩුවේ.

බබාලා හොඳින් නිදා ගන්නා විට, මවටද හොඳ නින්දක් ලබා ගත හැකිය. එවිට ඔවුන් සතුටෙන්, නීරෝගී බවින් සිටින අතර, බබාගේ මුල් අවුරුද්ද තුළ පීඩාවට පත් වීම අවම කරනු ලැබේ.

අළුත උපන් බිළිඳුන් දවසට පැය 16ක් නිදා ගන්නා අතර, පෝෂණය ලබා ගැනීම සඳහා වරින් වර අවදි වේ.

බබාලාගේ වයස මාස 18 වනතෙක්, ඔවුන්ට සම්පුර්ණ පැය 14ක නින්දක් අවශ්‍ය වේ. (දහවල සහ රාත්‍රී කාලයේදී).

බබාලාව සාමාන්‍යයෙන් නින්දට දැමීමේදී පිටුපසට නිදි කරවන්න. එමඟින් ක්ෂණික ළඳරු මරණ (sudden infant death syndrome – SIDS) සන්ධාවයෙන් ආරක්ෂා වේ.  මේ පිළිබඳව ඔබේ ළමා විශේෂඥ මහතා සමඟ කතා කරන්න.

වයස මාස 3ක් වනවිට හෝ බබාගේ බර රාත්තල් 12 – 13 දක්වා වැඩි වූ විට, බොහෝ බබාලා රාත්‍රී කාලය තුළ  නිදා ගනී.

#newbornbaby #newbornbabyandmother #babysleepingmethod #babysleeptime

note

You may also like
Those Dreaded Labour Pains & Final Reward
කිරි දීම යනු කුමක්ද?
ඔබ බබා සමඟ මුල් අවධියේ සම්බන්ධතාවය ඇති කර ගන්නේ කෙසේද ?
බබා නින්දට යොමු කරන්නේ කුමන වෙලාවටද ?
error: Content Protected © mummypages.lk