Home > ලෙඩ රෝග > බබාලාට තිබෙන සෞඛ්යු ගැටළු > මගේ පුංචි පැටියාට ලබාදෙන පළමු එන්නත

මගේ පුංචි පැටියාට ලබාදෙන පළමු එන්නත

ඔබේ දරුවාව නොයෙකුත් මාරාන්තික ලෙඩ රෝග වලින් වැළැක්වීම සඳහා එන්නත් ලබා දීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ ආරෝග්‍යශාලා වලින් අත්‍යවශ්‍ය එන්නත් නොමිලේ බබාලාට ලබා දිය හැක.

බබාගේ පළමු මාස 24 තුළ අත්‍යවශ්‍ය එන්නත් ලබා දිය යුතුය. ළදරු කාලය පුරා බබාට ලබා දෙන මාත්‍රාව ක්‍රමයෙන් වැඩි වේ.  ඔබේ දරුවාගේ එන්නත් ලබා දිය යුතු ආකාරය පිලිබඳ සටහනක් ඔබ ළඟ තබා ගත යුතුය.  ඒ අනුව අවශ්‍ය එන්නත් පිළිවෙලට දරුවාට ලබා දිය යුතුය.

මස්තිෂ්ක සුසුම්නා ප්‍රදාහය (Meningitis) සහ ක්ෂය රෝගය (Tuberculosis – TB ) යන රෝග වලින් බබාව ආරක්ෂා කර ගැනීම සඳහා බබා ඉපදී පැය 24ක් තුළ පළවෙනි එන්නත – බී.සී.ජී. (BCG) දෙනු ලැබේ.  එන්නත ලබා දුන් ස්ථානයේ කුඩා රතු පැහැති ඉදිමීමක් ඇති වේ.  මෙම ස්ථානයේ කුඩා ලපයක් ඉතිරි කරමින්, ක්‍රමයෙන් ආසාදනය වූ ස්ථානය හොඳ වී යනු ලැබේ.

මාස 2 දී, ක්‍රමයෙන් ගලපටල රෝගයෙන්, පිටගැස්මෙන් සහ කක්කල් කැස්සෙන් ආරක්ෂා වීමට ත්‍රිත්ව එන්නත ලබා දෙනු ලැබේ. ඉන්පසු මාස 4, 6 සහ 18 වන තෙක්, සෙංගමාලය බී, හිබ් (  Hib – මොළය සහ සුෂුම්නාව සම්බන්ධ රෝගයකි) සහ  පෝලියෝ රෝගවලින් අත්මිදීම සඳහා එන්නත් ලබා දෙනු ලැබේ.

බබාට මාස 9 දී, සරම්ප රෝගයෙන් ආරක්ෂා වීමට එන්නතක් ලබා දෙනු ලැබේ.

බබාට මාස 15 දී, එම්.එම්.ආර්. (MMR) එන්නත ලබා දෙනු ලැබේ. එයින් බබාව කම්මුල් ගාය, සරම්ප සහ රුබෙල්ලා රෝග වලින් ආරක්ෂා කරනු ලැබේ.  තවද ජපන් – බී – මොළය ඉදිමීමේ රෝගය (Jap-B-Encephalitis) සඳහා එන්නත බබාට අවුරුදු 2 වනවිට ලබා දිය යුතුය.

මීට අමතරව පැපොල් (Chickenpox), සෙංගමාලය ඒ (Hepatitis A) සහ සෙංගමාලය බී (Hepatitis B) වැනි රෝග සඳහා එන්නත් ඇත. මේ සඳහා ඔබේ බබාගේ ළමා වෛද්‍යවරයාව හමුවන්න.  විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් පිට යාමට සිතා සිටින්නේ නම්, ඔබ ළමා විශේෂඥයා සමඟ කතා කළ යුතුයි.  විවිධ රටවල් සඳහා විවිධ එන්නත් ලබා ගත යුතුයි.

#babyhealth#babycare#thefirstvaccine#firstvaccine#firstvaccinesinhalaarticle

You may also like
ගර්භය තුල ඇතිවන ජීව ක්‍රියාවලිය
බාබගේ සෞඛ්‍යයසම්පන්න කණ සහ ඇස්
බාබගේ නීරෝගී උදරය සඳහා
මව්වරැන් සැමටම කුඩා දරැවා කෙරහි ඇති පොදු ප්‍රශ්ණ