Home > Latest Articles > මගේ පුංචි පැටියාගේ වැඩිමත් මේ වගේද? .

මගේ පුංචි පැටියාගේ වැඩිමත් මේ වගේද? .

මගේ පුංචි පැටියා හැමතිස්සෙම ගොඩක් දේ ඉගෙනගන්නවා.

බෝල වීසි කිරීම සහ පාදයෙන් ගැසීම: කුඩා ළමුන් වයස මාස 12 දී, බෝල වීසි කිරීමට උනන්දු වේ. වයස අවුරුදු 2 දී, බෝලයට පයින් ගැසීමටත් හැකි වේ.

තල්ලු කිරීම් සහ ඇදීම: මාස 12 සිට කුඩා දරුවන් තල්ලු කිරීම සහ ඇදීම ආදී ක්‍රියාවන්ට ඇලුම් කරන්නට පටන් ගනී.වයස මාස 12 – 18 දක්වා අතර කාලයේදී, ඔබේ දරුවාට දණහිස නැමීමෙන් වාඩිවීමට දිරි ගැන්විය හැක.

නැගීම : දෙවෙනි අවුරුද්දේදී, බොහෝ කුඩා දරුවන් කුමන හෝ උස් දෙයක් මතට නැගීමට පෙළඹේ. මෙය ඉතා වැදගත් ක්‍රියාකාර කමකි.

ඇවිදීම : මාස 12 – 18 දක්වා වයසැ’ති කුඩා ළමුන් ඔවුන්ගේ පළමු පියවර තැබීමට උත්සුක වේ. ඔබේ බබාට ස්වභාවිකව ඇවිදීමට ඉගෙන ගැනීමට උදවු කරන්න.  ඔහුට වෝකර් (walker – බබාට ඇවිදීමට උදවු කරන උපකරණය) එකක් මිළ ඳී ගන්න එපා.  බොහෝ බබාලා ලී බඩු ආදිය අල්ලා ගැනීමෙන් ස්වාභාවිකව ඇවිදීමට ඉගෙන ගනී.

ළමා මුත්‍ර භාජනයට (පොටී) හුරු කිරීම: වයස මාස 24 දී පමණ, ඔබේ බබා මුත්‍ර භාජනයට හුරු වීමට කැමතිය.  ඔබ බබාගේ සාමාන්‍ය සංඥාවන් දැනගත්  විගස, “අපි පොටී (potty) එකට යමු පුතේ/දුවේ” කියමින් ඔහුව/ඇයව එයට හුරු කරන්න.

තනිවම ආහාර ගැනීම: මාස 12 දී පමණ මෙය පුරුදු කළ හැක. ඔබේ බබා තනිවම හොඳින් ඉඳගැනීමට පුරුදු වූ පසු,  ඔබේ දරුවාට තනිවම ඔහුගේ/ඇයගේ අතේ ඇඟිලි වලින් හෝ හැන්දකින් ආහාර ගැනීමට සලස්වන්න.

පොඩිත්තාට විනෝදජනක ඉගැනීමකට පුංචි උපදෙස් කීපයක්

මුල් කාලයේ කියවීම: ඔබේ බබාට ඇසෙන්නට මුල් අවධියේ සිටම කියවීමෙන්, එම ශබ්ද වලට ඔවුන් හුරු වේ.  දීප්තිමත් පාටින් යුත් පින්තූර කතා පොත් යොදාගෙන, ඔහුට/ඇයට එම වචන සහ පින්තූර පෙන්නමින් ඔවුන්ට ඇසීමට කතන්දර කියවන්න.

ස්වාධීනත්වය : වයස අවුරුදු 2 වන විට, බබාලා තමන් පිලිබඳ පරීක්ෂාකාරී වීමට පටන් ගනී.  මුලික දේවල් (සපත්තු දමා ගැනීමට සහ තනිවම ආහාර ගැනීම ආදිය) තනිවම කර ගැනීමට දරුවා පුරුදු කරන්න.

කතා කිරීම : මාස 18 – 24 වන විට, බබා වචන කීපයක් කතා කිරීමට පටන් ගනී.  ඔවුන්ගෙන් නොයෙකුත් ප්‍රශ්ණ අසමින්, වාක්‍යය නිම කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.

බබාලාගේ වචන (වතුරට “ජෝ”, බත් වලට “බයියන්” වැනි වචන) කියවීමෙන් වළකින්න. එයට හේතුව ඔවුන් නිවැරදි වචන උච්චාරණය කිරීමට ප්‍රමාද විය හැකි බැවිනි.  එසේම, ඔබේ දරුවා කතා කරන විට, ඔවුන්ගේ වචන නිවැරදි කරන්නට එපා. එවිට ඔවුන් කතා කිරීමට පෙළඹීමට අධෛර්යමත් වේවි. මාස 24 දී පමණ, කුඩා දරුවන් තම හැඟීම් සහ අන් අයගේ හැඟීම් පිලිබඳ දැනුවත් වේ. ඔබේ දරුවාගේ හැඟීම් වලට අවධානය යොමු කරන අතර, ඔබේ හැඟීමද, ඔහුට/ඇයට දැන ගැනීමට සලස්වන්න.  එනම්, ඔබට මහන්සි බව, අසනීප බව දරුවාට හැඟෙන්නට ඉඩ දෙන්න.

විධාන පිළිපැදීම: මාස 24 දී පමණ, ළමුන් නිතැතින්ම සුළු විධාන පිළිපැදීමට හුරු වේ. එනම් “එය අහුලාගෙන මට ගේන්න පුතේ/දුවේ” කියමින් ඔබත් එය කරන ආකාරය පෙන්වීමෙන් ඔහු/ඇය ඔබව අනුකරණය කරාවි.

කුරුටු ගෑම : දරුවාගේ ලිවීමේ හැකියාව පටන් ගැනීමේ මුල් අවධිය වන කුරුටු ගෑම ඉතා වැදගත් අංගයකි.  එය තම අදහස් කියාපාන පළවෙනි අදියරයි.  අවුරුද 3 දී පමණ, බොහෝ කුඩා ළමුන් කුමන හෝ අවකාශයක් (උදා: වශයෙන් නිවසේ බිත්ති ආදිය) කුරුටු ගෑමට පටන් ගනී!

#happykids #kidscare #play #motherandkidz

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න

You may also like
පෙරදිග සහ අපරදිග මාපියන් තම දරුවන් සෑදීමේ ක්‍රම
error: Content Protected © mummypages.lk