Home > අලුත උපන් ළදරැවා > බෝවෙන රෝගවලට එරෙහිව සටන් කරන අයුරු

බෝවෙන රෝගවලට එරෙහිව සටන් කරන අයුරු

” අම්මා, පුතාට ආයෙත් උණ ගැනිලා.   එයා කෑම කන්නෙත් නැහැ, මොනවත් බොන්නෙත් නැහැ.  අනේ මම දන්නේ නැහැ, මොනවා කරන්නද කියල” කියමින් පියුමි සිය මවට  දුරකථනයෙන් කතා කර ශෝකයෙන් කිව්වා.   ඇගේ පුතා, සුනෙත්ට, දැන් දින තුනක් පාසැලට යන්නට නොහැකි වී තිබෙනවා.

මේ කරදරකාරී ආසාදන නිසා ඔබේ දරුවා කොපමණ වාරයක් පාසැල් නොගොස්  තිබේ ද ? කොපමණ වරක් සාමාන්‍ය ප්‍රතිජීවක දීමට ඔබේ දරුවාව වෛද්‍යවරයා වෙත රැගෙන ගොස් ඇති ද?  ඔබ කවදා හෝ ඔබ වෛද්‍යවරයා වෙත දරුවන් සමඟ නිතර යාම ඉවත් කරගත හැකි ආකාරය කල්පනා කර තිබෙනවාද ? නියත වශයෙන්ම, දිනකට ඇපල් ගෙඩියක් කන්නට දීමෙන් වෛද්‍යවරුන් වෙත නොගොස් සිටීමේ  උපක්‍රමය හරි ගිහින් නැහැ වගෙයි. (Eat an apple a day – to keep the doctor away)

දරුවන් තුළ ඇතිවන පොදු ආසාදන වලට පිළියම් :

  • නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍යයෙන් වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව යම් කාල සීමාවක් තුල ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිය මගින් සුව වන බව සැලකේ. කෙසේ වෙතත්, මෙම  රෝග ලක්ෂණ වලින් දරුවාව නිදහස් කිරීම සඳහා, සාමාන්‍ය සේලයින් බිංදු කීපයක් දරුවාගේ නාස්පුඩුවල තැවරිය හැක.
  • පාචනය නිතර ඇතිවන දියරමය බඩඑළිය යාම, බඩේ අමාරුව, ඔක්කාරය සහ උණ, පාචනය රෝගයේ පොදු රෝග ලක්ෂණ වේ. දරුවා විජලනය වීමෙන් ආරක්ෂා කර තබා ගැනීම සඳහා, මේ කාලය තුළ දී දියර වර්ග වැඩි වශයෙන්  පානය කිරීමට සැලැස්වීම ඉතා වැදගත් වේ.  එය සාමාන්‍යයයෙන් ඉබේ හොඳ වන  අතර, එය දැඩි අයුරින් සහ දිගුකල් පැවතින,  රුධිරය සහිත ශ්ලේෂ්මල සහිත පාචන තත්ත්වයක් ඇත්නම් සහ උග්‍ර  උදර වේදනාවක් සහිත නම්, වහාම  වෛද්‍යවරයෙකු වෙත යාම  සෑම විටම ඉතා යෝග්‍ය  වේ.
  • උණ  සාමාන්‍යයයෙන්, උණ මනින්නේ, උණ කටුව දිව යට තබා නම්, ෆැරන්හයිට් 99,5 °  (හෝ සෙන්ටිග්‍රේඩ්  37.5 °) හෝ ගුදය තුල උණ කටුව තබා නම්,  100,4 ° F  (38 ° C)  සහ අත යට තබා නම් 99 ° F ( 37.2 ° C) යනුවෙනි.  කෙසේ වෙතත්, උණ පෙන්නුම් කරන්නේ ඉන්ෆ්ලුන්සා රෝගයද විය හැක.   කෙසේවෙතත්, සාමාන්‍ය උණ ඇති අවස්ථාවක, ඔබේ දරුවා සැහැල්ලු ඇඳුම් හැඳ සිටිය යුතු අතර, ඔහුව  හෝ ඇයව  හැම විටම විජලනය වීමෙන් ආරක්ෂා කළ යුතුය.  මේ සඳහා ඔවුන් කැමති අයුරින්  ජලය, පලතුරු යුෂ, සුප් හෝ ඔවුන් කැමති ඕනෑම දියර වර්ගයක් ලබා දිය යුතුය.  මේ ද්‍රව්‍යයන් ඇඳ මත තබා ගත් විට, ඒවා ගැනීම සඳහා නිවසේ එහා මෙහා දිව යාම අවශ්‍ය නොවේ.  උණ ඉතා දිගු කාලයක් තිබේ නම්,  වහාම වෛද්‍යවරයා හමුවන්න.  මේ රෝග ලක්ෂණ සමහර විට මාරාන්තික  ඩෙංගු උණ රෝග ලක්ෂණයක් විය හැකිය. එවැනි ගැටළු නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නොයෙකුත් ආරෝග්‍ය ශාලා ඇත.
  • ඇසේ ඇතිවන නගන  ඔබේ දරුවාගේ ඇසේ ඉහළ ඇස් පිහාටුවේ හෝ පහළ ඇස් පිහාටුවේ ඇතිවන  වේදනාකාරී නගන ඇතිවීම සිදු වන්නේ ඇස්වල ඇති තෙල් ග්‍රන්ථි අවහිර වීම නිසාය.    මේ සඳහා ඇල්මැරුණු (උණුසුම්) ජලය පිරිසිදු රෙදි කඩකින් පොඟවා, නගන ඇති ස්ථානය සෙමින් පිසදා හැරිය හැක.  කෙසේ වෙතත් දැඩි අවස්ථාවල දී, වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවීවට වග බලාගන්න.

ශ්‍රී ලාංකික ළමුන්ට ආසාදන ඇතිවීම පොදු දෙයක් වන අතර, එය ඔබේ දරුවාගේ සෞඛ්‍යයට බලපාන විට, ඔබ ඉතා සැලකිලිමත් විය යුතුය.  ඒ නිසා ඔබේ දරුවන් ආසාදන වලින් නිදහස්  වීම  තහවුරු කිරීම සඳහා ගත හැකි යම් පියවර කිහිපයක් මෙහි සඳහන් වේ.

  • ආසාදිත පුද්ගලයින්ගෙන් ඈත් වී සිටින්න.  වෛරස්  හා බැක්ටීරියා ආසාදන ස්පර්ශයෙන් බෝවෙන රෝග වේ.  ඔබේ දරුවාට අසනීප වලින් පෙළෙන කෙනෙකුගේ කෝප්පයක් හෝ ආහාර අනුභව කරන භාජන පාවිච්චි කිරීමට ඉඩ හරින්න එපා.  ඔබේ දරුවා ආහාරයට ගන්න කෑම වර්ග සියල්ලක්ම පිරිසිදු සහ ආරක්ෂාකාරී විය යුතුය. බීමට ගන්න ජලය පවා එසේ විය යුතුය.
  • හොඳ සනීපාරක්ෂක පුරුදු සෑමවිටම ආසාදන වලින් වැලකී සිටීමට ඉවහල්වේ. වැසිකිලි යාමෙන් පසු, විශේෂයෙන් කෑම වේලකට පෙර, හොඳින් අත් සෝදන්නත්, නිදාගැනීමට පෙර හොඳින් අත පය සෝදා ගැනීමටත් ඔබේ දරුවන්ට උගන්වන්න.
  • ඔබේ නිවස පිරිසිදුව තබා ගන්න. හොඳ නිවසක් සෑමවිටම සෞඛ්‍ය සම්පන්න දරුවන් සහතික කරයි.

ඔබේ දරුවන්ගේ නීරෝගී භාවය වෙනුවෙන් සෑමදෙයකටම වඩා ප්‍රමුඛත්වය දිය යුතු බව අවිවාදයෙන් තොරව පිළිගත යුතුය.  සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමට ඔබේ කුඩා දරුවන්ට ඉගැන්වීම තරුණ වයසේ සිටම කළ යුතු දෙයකි.  ඔවුන් තම නීරෝගිභාවය රැකීම සහතික කිරීම, දෙමව්පියන් වශයෙන් ඔබගේ වගකීමකි. හොඳ පුරුදු නිවසේ සිට ආරම්භ කරන්න, මතක තබා ගන්න.

#frequentlyabatedcommoncold #cold #Infeccionesoculares

note