Home > අලුත උපන් ළදරැවා > බිලිඳාගේ මුල්ම හැඩීම

mummypages.lk-digital-magazine-march-edition

“තව එක සැරයක් උත්සහ ගන්න ලින්ඩා” කියමින් දොස්තර මහතා ලින්ඩාගෙන් ඉල්ලා සිටියා.  ලින්ඩා ඉතා අමාරුවෙන් අන්තිම කෙඳිරීමක් සමඟ, ආයාසයෙන් බබාව ඉදිරියට තල්ලු කරනවාත් සමඟ බබා පිටතට ආ බව ලින්ඩාට දැනුනා.  ඇය බබාව බැලීමට  ඇගේ හිස ඔසවන්නට තැත්කිරීමත් සමඟම, පරිසරයේ තිබූ නිශ්ශබ්දතාවය බිඳ හෙලමින් කුඩා හඬා වැටීමක් ඇගේ දෙසවන තුලට කිඳා බැස්සා.  එවිට ඇගේ හද ගැස්ම ඉහලට නැඟ, එතෙක් තිබූ සියලු වේදනාවන් මැකී ගියා.  “මගේ දරුවා හොඳින් සිටිනවා” යැ’යි සිතීමත් සමඟ, ඇගේ සතුට මුළු ශරීරය පුරාම දිව ගියා.

මුළු ලෝකයේම මව්වරුන්, ඇගේ දරුවාගේ මුල් හඬා වැටීම ඇසෙන විටම ඉතා සතුටින් ඉපිල  යනවා.    බබා සනීපෙන් සිටිනා බව දන්වන ඉපැරණි සංඥාව ඔබට දැනුණු වහාම, ඔබේ මුළු ශරීරයම සහනයෙන් සහ සන්තුෂ්ටියෙන් පිරී යනවා.

කණට දැනෙන මිහිරිතම සංගීතය

ඕනෑම ප්‍රසව සහ නාරී වෛද්‍ය විශේෂඥයෙකුම අපේක්‍ෂා කරන, බිලිඳාගේ පලවෙනි හැඬුම ඇසූ  වහාම, එම දරුවා නීරෝගී බව තීරණය කරනවා.  බිලිඳා අඬන විට, ඔහුගේ/ඇයගේ පෙනහළුවල, කටේ සහ නාසයේ වැඩිපුර ඇති අනවශ්‍ය තරල වලින් දරුවා නිදහස් වෙනවා.  ඉන්පසු බබා ඔහුගේ හෝ ඇයගේ පලවෙනි  ආශ්වාස ප්‍රශ්වාස කිරීම පටන් ගන්නවා.  එවිට දරුවගේ පෙනහලු සහ හදවත හොඳින් වැඩ කිරීමට පටන් ගන්නවා.

බොහෝ අවස්ථාවල, ප්‍රසව සහ නාරී වෛද්‍යවරයා දරුවාගේ පිටට හෙමින් තට්ටු කර   හඬවා, ඔහුගේ හෝ ඇයගේ කටේ සහ නාසයේ ඇති වැඩිපුර තරලය (ශ්ලේෂ්මල, සෙම ආදී ද්‍රව්‍ය සහ අම්ලකර ද්‍රව්‍ය) හෙමිහිට ඉවත් කිරීමට උත්සහ ගන්නවා.

ප්‍රමාද වී කෑගැසීම හෝ කෑ නොගසා සිටීම

  • බබා පිටතට ඒමේදී හඬක් පිට නොකලානම්, දොස්තර මහතා එවෙලේම ඔහුට හෝ ඇයව ප්‍රාණවත් කර, හුස්ම ගැනීමට උදවු කර, පෙනහළු හොඳින් ක්‍රියාකාරී වේදැ’යි සැක හැර දැන ගන්නවා.
  • තවමත් බබා නිශ්ශබ්දව සිටීනම්, තව දුරටත් බබාව පරීක්ෂා කර, එසැනින්ම අවශ්‍ය ප්‍රතිකාර පටන් ගන්නවා. පෙනහළු ක්‍රියාකාරී නොවේනම්, එහි ප්‍රතිපලය වන්නේ බබා නිල් වීමයි  .එවිට වහාම එයට සුදුසු ප්‍රතිකාර පටන් ගත යුතුයි.
  • වෙනත් දුබලතා වලින් පෙලෙන බැවින්, ඉපදුන අවස්ථාවේ ශබ්ද නොනගයි.  නමුත් බලාපොරොත්තු බිඳ ගත යුතු නොවෙයි.  වෛද්‍ය විද්‍යාවේ විස්මිත සොයා ගැනීම් කාලයා සමඟ තව තවත් දියුණු වේ.
  • සමහර අපරිණත (නොමේරූ) දරුවන් හුස්ම ගැනීමේ දුෂ්කරතා වලින් පෙලෙන බැවින්, ඔවුන් අඬන්නේ නැත.  එවිට වහාම neonatal care නව උත්පත්තිය (නවජ) පිලිබඳ ඉතා සැලකිල්ලෙන් ක්‍රියා කල යුතුයි.  එනම් බබාව දැඩි සත්කාර එකකයේ තබා, ඉතා සුපරීක්ෂාකාරී ලෙස බලා ගත යුතුයි.
  • ඉතාම දුර්ලබ අවස්ථාවලදී, සමහර නීරෝගී ළඳරුවන් පවා පැය අටකට සමාන කාලයක් හඬ නොනඟා සිටී. එයට හේතුව වශයෙන් දැක්වෙන්නේ, බබාට එයාගේ සැප පහසු කලාපයෙන් පිටතට ආ බව නොදැනීමයි. එනිසා එයට කලබල විය යුතු නොවේ.  ඇත්තෙන්ම, මෙය බබාගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම සම්බන්ධ ගැටලුවකි.

 එක දිගටම හඬන බිලිඳුන්

බබාට ඔබ සමඟ අදහස් හුවමාරු කිරීමේ තිබෙන එකම මඟ හඬා වැටීම පමණි. බඩගින්න හෝ වෙනත් අපහසුතාවයක් හසුරුවන්නේ හඬා වැටීමෙනි.  කෙසේ හෝ ශ්‍රී ලංකාවේ බබාලා නොනවත්වා හඬා වැටේ නම්, ඔවුන්ව වෛද්‍ය පරීක්ෂාවකට භාජනය කෙරේ.

බඩගින්න බඩේ අමාරුවක් වැනි සාමාන්‍ය හේතුවකට අවශ්‍ය ප්‍රතිකාර කලාට පසු දිගටම අඬයි නම්, ඒ ගැන තවදුරටත් සෝදිසි කර බැලිය යුතුයි.  ඔබේ බබා එයාගේ අපහසුතාවය ඔබට දන්වන්නේ හඬා වැටීමෙන් බව නිරතුරුව මතක තබා ගන්න.  සාමාන්‍යයෙන් ගොඩක් බබාලා නැවත යථා  තත්වයට පත් වීමට සෑහෙන වෙලාවක් ගන්නා බැවින්, අනවශ්‍ය ලෙස බිය යුතු නොවේ.

ආදරණීය ගර්භනී මව්වරුනි, ප්‍රසන්න මතකයන්ට ආරාධනා කරන්න – අනවශ්‍ය ලෙස පැටලිලි සහගත රෝග පිලිබඳ ලියා ඇති ලිපි කියවන්න එපා.ඇත්ත වශයෙන්ම කිවහොත්, මාතෘ භාවය පිලිබඳ ලියා ඇති ප්‍රයෝජනවත් ලිපි කියවන්න.  මේ සම්බන්ධයෙන් mummypages.lk හි ලිපි කියවා දැනුම දෙගුණ තෙගුණ කර ගන්න

ඔබට මෙම අතිශයින් සුන්දර වූ පළවෙනි ආන්දෝලනයේ සතුට විඳ ගැනීමට සහ එයින් පසුව ඔබට මව්පදවියේ දිගින් දිගටම ලැබිය හැකි අසීමිත වින්දනය ලබා ගැනීමටත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු!

සතුටුදායක දරු උපතක්ද, බිලිඳාගේ පළමු සහ අතිසුන්දර හඬා වැටීමද, ප්‍රීතියෙන්  බුක්ති විඳින්න!

KEYWORDS :

#newbornbaby #babyfirstcry #healthcare #babycry #babyarticle #sinhalababyarticle #srilankasinhalababyarticle #mummypageslksinhalaarticle

note

You may also like
අලුතින් උපදින ඔබේ බිලිඳාට ඔබේ වටපිටාව සාදා ගන්න අයුරු
ගර්භනී අවස්ථාවේදී ඇතිවන රුධිර පීඩනය
බබාගේ වැඩීම සහ වැදගත් සිද්ධීන්
මව්කිරි දීම ආරම්භ කළ යුතු කාලය
error: Content Protected © mummypages.lk