Home > අලුත උපන් ළදරැවා > බාබාට මාස හය සම්පූර්ණ වු පසු අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුත්තේ කෙසේද?

බාබාට මාස හය සම්පූර්ණ වු පසු අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුත්තේ කෙසේද?

දරුවා උපත ලැබීමෙන් පසු එළඹෙන හයවන මාසයේ සිට අමතර ආහාර ලබා  දීම ආරම්භ කළ යුතුය. හයවන මාසයේදී දිනකට එක ආහාර වේලක් ලබාදිය යුතු වන අතර හත් වන මාසයේ එය දිනකට ආහාර වේල් දෙකක් දක්වා ද අට වන මාසයේදී එය දිනකට වේල් තුනක් දක්වාද ක්‍රමයෙන් වැඩි කළ යුතුය. ආහාර කැවීමේදී දරුවාගේ හිස හා ශරීරය සෘජුව තබා ගැනීම ඉතා වැදගත්

වන අතර කැවීම සඳහා භාවිත කරන හැන්ද මෘදු එකක් විය යුතුය. දරුවාට ආහාර ලබා දීම සඳහා බෝතල් පාවිච්චි නොකළ යුතුය.  අමතර ආහාර ලබා දීම ආරම්භ කරන විට එක් වරකට එක් ආහාර වර්ගයක් පමණක් හඳුන්වා දිය යුතුය.  එසේ කළ යුතු වන්නේ කුමක් හෝ ආහාර වර්ගයකට දරුවා අසාත්මිකතාවයක් දැක වුවහොත් එය හඳුනා ගැනීම පහසු වීමටයි.  කිසියම් තනි ආහාර වර්ගයක් දින දෙකක පමණ ලබා දී කිසිදු ගැටලුවක් නැති බව තහවුරු කරගත් පසු දරුවාට ගැටලුවක නැති බව තහවුරු කරගත් වෙනත් ආහාර වර්ගයක් සමග මිශ්‍ර කර දීම වරදක් නැත. හැකි උපරිමයෙන් දේශීය ආහාර වර්ග ලබා දීමට උත්සහ කිරිම ඉතා වැදගත්ය.

ආරම්භයක් ලෙස වතුර මිශ්‍ර නොකළ පළතුරු යුෂ ලබා දීමට හැකිය. දොඩම්,අඹ, කෙසෙල්, අලි පේර වැනි පළතුරු මේ සඳහා පාවිච්චි කළ හැකි අතර මුලින යුෂ ආකාරයෙන් ලබා දී සතියක් හො දෙකක් ගත වන විට ක්‍රමයෙන් තරමක ඝණ තත්ත්වයෙන් යුතු උකු දියරයක් ආකාරයෙන් ලබා දීමට වග බලා ගන්න. මෙහිදී මව්වරුන්හට විශේෂයෙන අවධාරණය කළ යුතු කාරණාවක් වන්නෙ සීනී භාවිතය දරුවාට ඉතා අහිතකර බවය. මෙම වයසේ දරුවන්ගේ ශරීරයට සීනී වස විසකට සමාන දෙයකි. දරුවාට අවුරුද්දක් ගත වු පසු සීනී ලබා දිය හැකි වුවත් එයද හැකිතාක් ප්‍රමාද කර ලබා දිය හැකි නම් වඩා යහපත්ය.

KEYWORDS:

#6monthbabyfood #babyfood #foodcare #helathyfood #howshouldIstartfeedingafterthesixmonths

note

You may also like
පාසල් යන ඔබේ දරුවාගේ යකඩ අවශ්‍යතාවය ගැන ඔබ දැනුවත්ද?
කෙසෙල් (බනානා) අයිස් ක්‍රීම්
සුප් වර්ග
කෘතිම ආහාර ගැන දැනුවත්ද
error: Content Protected © mummypages.lk