Home > දෙමාපිය දැනගැනිම පිණිස > බාබගේ සෞඛ්‍යයසම්පන්න කණ සහ ඇස්

mummypages.lk-arc

කණ : ඔබේ ගර්භයේ සිටියදී පවා, ඔබේ දරුවාට ඔබේ කටහඬ ඇසිය හැකි බව ඔබ දන්නවාද?  ඔබේ බබා ඉපදී මුල් 3 මස තුළ ඔබේ බබාගේ කණ ඇසීමේ ප්‍රවණතාවය ක්‍රමයෙන් තියුණු වේ.  උච්ච සංඛ්‍යාත සහිත ශබ්දවලට බබාලා ඉතා කැමතිය.  ඔවුන් සංගීත ශබ්දයන්ට හොඳින් ප්‍රතික්‍රියා දක්වන්නේ එනිසාය.

ඔබේ බබා තියුණු ශබ්ද වලට, ඔබේ කටහඬට, ශබ්ද නැඟෙන පැත්තට හෝ බබාට මාස 7 දී කෙඳිරීම් නඟන්නේ නැත්නම් හෝ මාස 12 දී කුඩා වචන උච්චාරණය නොකරයි නම්,  ඔබේ බබාගේ කණ ඇසීමේ යම්කිසි දෝෂයක් තිබිය හැක.  මේ පිළිබඳව ළමා විශේෂඥයෙකු සමඟ කතා කරන්න.

ඔබේ දරුවාට උණ, හිස කැක්කුම, ඔක්කාරය, කණ ඇදීම සහ කණෙන් යම් ද්‍රව්‍යයක් පිටතට ඒ නම්, ඔබේ දරුවාට කණේ ආසාදනයක් ඇත. වහාම ඔබේ බබාගේ වෛද්‍යවරයාව හමු වන්න.

ඔබේ දරුවාව රේඩියෝවෙන්, රූපවාහිනියෙන්, නොයෙකුත් ශබ්ද සහිත සෙල්ලම් බඩු සහ ඝෝෂාකාරී  සංගීතයෙන් ඈත්කර තැබිය යුතුයි.  එයට හේතුව ඝෝෂාකාරී ශබ්ද නිසා ඔබේ දරුවාගේ කණ ඇසීමට බාධා ඇතිවිය හැකිය.

ඔබේ දරුවාගේ කණ තුළ ඇති කලාඳුරු ඉවත් කිරීමට ඝන පුළුන් ඇතුල් කරන්න එපා. මෙනිසා කලාඳුරු තව තවත් කණ තුළට යා හැක.  මේ සඳහා තෙත සහිත පුළුන් රොදකින් බබාගේ කණ පිටුපස සහ කණ වටා පිටතින් මෘදු ලෙස පිසදාන්න.

ඇස් : ඔබේ බබාව නාවන විට දී, ඔබේ දෑත හොඳින් සෝදා පිරිසිදු කර, හොඳින් විෂබීජ නැසූ තෙත් පුළුන් කැබැල්ලකින් බබාගේ ඇස් ඇතුළත සිට පිටතට පිසදා හරින්න.  ඇස් දෙක පිරිසිදු කිරීම සඳහා වෙන වෙනම පුළුන් යොදා ගන්න.  මෙනිසා එක ඇසක යම් ආසාදනයක් ඇත්නම්,  අනෙක් ඇසට එම ආසාදනය බෝවීමේ හැකියාවෙන් වැළකිය හැක.

ඔබේ දරුවා කුඩා කාලයේ සිටම, යටත් පිරිසෙයින් අවුරුදු 2කට වරක් දරුවාගේ ඇසීම සහ පෙනීම පරීක්ෂා කරන්න.

#babyhealth #babyhealthcare #babysinhalaarticle #babyhealthcaresinhalaarticle #babyfoodcare #sinhalaarticle

note

You may also like
බාබගේ නීරෝගී උදරය සඳහා
බබාගේ සෞඛ්‍යය
පෝෂ්යදදායක උදෑසන ආහාරයක් ගෙන ඔබේ දවස පටන් ගන්න!
ඔබ දැඩි මවක් හෝ පියෙක්ද?
error: Content Protected © mummypages.lk