Home > දෙමාපිය දැනගැනිම පිණිස > බාබගේ නීරෝගී උදරය සඳහා

mummypages.lk-arc1. ඔබේ දරුවා ලබාගන්නා ආහාර හොඳින් ජීර්ණය වීමට සහ බඩවේලීම ආදියෙන් වැළැක්වීම සඳහා තන්තු (කෙඳි) සහිත ආහාර අත්‍යවශ්‍ය වේ.  නැවුම් පලතුරු සහ එළවළු (විශේෂයෙන් පලා වර්ග) ආදියෙහි අනර්ඝ ස්වභාවික තන්තු අඩංගු වේ.

2.ආහාර හොඳින් ජීර්ණ වීම සඳහා ජලය හොඳ මෙහෙවරක් ඉෂ්ඨ කරනු ලැබේ.   අවුරුදු 1 – 3 දක්වා දරුවන්ට දිනකට දියර ලීටර් 5 දක්වා ප්‍රමාණයක් අවම වශයෙන් අවශ්‍ය වේ.  ඔබේ දරුවා සෑහෙන පමණ  වතුර පානය කරයි නම්, ඔහුගේ/ඇයගේ මුත්‍ර ලා කහ පැහැයෙන් යුක්ත වේ.   නැතහොත්,  පැහැයක්  නොමැති වේ.

3. ප්‍රෝබයොටික් (හිතකර බැක්ටීරියා වර්ග) : මෙම හිතකර බැක්ටීරියා වර්ග බොහෝ ස්වභාවික යෝගට්වල අඩංගු වේ.  ඒවා අහාර ජීර්ණයට සහ අහිතකර බැක්ටීරියා වර්ග නැසීමටද  උපකාරී වේ.   ප්‍රෝබයොටික් අඩංගු යෝගට් වර්ග ඔබේ දරුවාට නිතරම දෙන්න.

4. පැණිරස කෑම සහ කෘතිම බීම වර්ග දරුවාට දීමෙන් වළකින්න. සමහර කෘතිම සීනි වර්ග ඉක්මණින් ජීර්ණය නොවී, උදරයේ නොයෙකුත් ගෑස් වර්ග ඇති කිරීමට, බඩ කොරවීමට සහ උදරයේ වේදනාවන්ට හේතුකාරක වේ.   නිතරම ඔබේ දරුවාට ස්වභාවික පලතුරු සහ යුෂ වර්ග ලබාදෙන්න.

5. ඔබේ දරුවා අසනීපයෙන් පෙළෙන විට, ඔහුට/ඇයට තෙල් සහිත සහ දිරවීමට අපහසු ආහාර වර්ග දෙන්න එපා. මෘදු සුප් සහ කර කළ (toast) පාන් වැනි ඉක්මණින් ජීරණය වීමට පහසු ආහාර පමණක් දෙන්න.

6. ඔබේ දරුවා උදර වේදනාවකින් පෙළෙනවිටදී, උණු වතුර බෝතලයකින් හෝ රත් කළ තුනී කොට්ටයක් වැනි දෙයකින් උදරය තැවීමෙන් යම් පමණකට උදර වේදනාව යටපත් කළ හැක.

7. නිතරම නොයෙකුත් දේ ඔබේ දරුවාගේ කටට දැමීමෙන් (කෑමට දීමෙන්), දරුවාට පටිපණු හෝ කොකුපණු  රෝග ඇති විය හැක. මෙමඟින් දරුවාට උදර අමාරු සහ මන්දපෝෂණය ඇති විය හැක.  කුඩා  දරුවන්ට  අවුරුද්දකට දෙවරක් පමණ පණු බහෙත් දිය යුතුවේ.  මේ සඳහා ඔබේ ළමා වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි.

#babyhealth #babyhealthcare #babysinhalaarticle #babyhealthcaresinhalaarticle #babyfoodcare #sinhalaarticle

note

You may also like
ගර්භණී සමය සහ පවුලේ සහයෝගය
ඔබේ දරුවා නිරෝගීව බිහිවීමට නම්
පොඩිත්තාට විනෝදජනක ඉගැනීමකට පුංචි උපදෙස් කීපයක්
පුංචි පැටියා මුල් කාලින මිතුරන් සමග බැඳීම