Home > අලුත උපන් ළදරැවා > බ්ළිඳු සමේ නිරෝගීබව පිරිසිදුකම ඉතා වැදගත්

බ්ළිඳු සමේ නිරෝගීබව පිරිසිදුකම ඉතා වැදගත්

mummypages.lk-digital-magazine-march-edition

මල් පෙත්තක්වත් සුසිනිදු, සුමුදු බිළිඳු සම ඉතාමත් මෘදුයි සංවේදියි මේනිසා බිළිඳාගේ සමේ නිරෝගීබව පිරිසින්දු බව හොඳින් පවත්වාගන්නට සැලකිලිමත් නොවුණොත් එම බළපෑම් නිසා බිළිඳු සමේ ආසාදන ඇතිවීමට වගේම අසාත්මිකතා ඇතිවීමටත් එය හේතුවක් වන්නට පුලූවන්

මොන ආකාරයෙන්ද මවක් බිළිඳාගේ සමේ නිරෝගී බව රැකගැනිමට සැලකිලිමත් විය යුත්තේ?

විශේෂයෙන්ම කිවයුතු දෙයක් වන්නේ බිළිඳා සේදීම නෑවීම වැනි අවස්ථාවලදී භාවිතා කරනු ලබන සබන් ආදී ළඳරු නිෂ්පාදන පිළිබඳව වැඩි අවධානයක් දැක්විය යුතු බවයි. ළඳරුවාගේ සම සමඟ ගැටෙන ආලේපන කෙරෙහි මවුවරුන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. දරුවා නැහැවීමේදී බිළිඳු සමට හිතකර සබන් වර්ගයක් භාවිත කිරීම සුදුසුයි මෙහිදි ළඳරුවාගේ හිස සේදීමට ළඳරු ෂැම්පු වර්ගයක් භාවිතා කිරීම වූවද වරදක් නෙවෙයි. දරුවා දිනකට කිහිපවරක් සෝදන්නේ නම් සෑම අවස්ථාවකම සබන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය නැත දරුවාගේ මෘදු සමේ වියළි ස්වාභාවයක් දක්වන බව හැගේ නම් එම තත්ත්වය මඟ හරවා ගැනීමට බේබි ක‍්‍රීම එකක් යොදා ගන්නට පුලූවන් දරුවාගේ සමේ අධික වියළි බවක් දිගටම පවතිනවානම් වෛද්‍යවරයෙකු වෙත දරුවා පෙන්වා ඒ අනුව නිර්දේශ කෙරෙන ළදරුවන් සඳහා වන ආලේපන භාවිතා කළ යුතුයි.

මෙහිදි ළදරුවන් සඳහා භාවිතා කෙරෙන ඕඩිකොලොන් වැනි විලවුන් වූවත් භාවිතා කලහැකියි එවන් දේ භාවිතයේදි එය බිළිඳාගේ සම මත නොගල්වා ඇදුම මත හෝ හිස කෙස් මතට යෙදීම සුදුසුයි.

සමහර අවස්ථාවල බිළිදාගේ සමේ අසාත්මිකතා ඇතිවන්නේ ඇයි? ඇතැම් ආලේපන නිසා අසාත්මිකතා ආසාදන ඇතිවිය හැකිද?

උසස් ප‍්‍රමිතියක් විශ්වාසනීය බවත් තොර ඇතැම් ළදරු නිෂ්පාදන නිසා දරුවාගේ සමේ අසාත්මිකතා ඇතිවන අවස්ථා තිබෙන්නට පුලූවන් නමුත් හොඳ තත්වයේ යුත් ප‍්‍රමිතියෙන් උසස් ළදරු නිෂ්පාදන භාවිතයෙන් එසේ අසාත්මිකතා ඇතිවන්නේ නැ ළදරු සම වඩාත් මෘදු හා සංවේදී නිසා පහසුවෙන් අසාත්මිකතා ඇතිවීම හැකියි. මේ නිසා ළදරුවන් වෙනුවෙන් ආලේපන තෝරාගැනීමට මව්වරුන් සැලකිලිමත් විය යුතුයි

මෙහිදී සඳහන් කල යුතු තවත් එක් දෙයක් නම් ළදරුවාගේ ඇඳුම් සේදීමේදී යොදාගනු ලබන සේදුම් කාරකයි වැඩිහිටියන් සඳහා වන සේදුම්කාරක ළදරු ඇඳුම් සේදීම සඳහා සුදුසු නොවන බව කිව යුතුයි මෙයද මව්වරුන් අවධාරණය කළයුතු කරුණක් මෙහිදි මෘදු සබන් වර්ගයක් හෝ ළදරු ඇඳුම් සේදීම සඳහා උචිත ළඳරු සමට අහිතකර නොවන සේදුම්කාරකයක් භාවිතා කිරීම යෝග්‍යයි. සුදුසු නොවන සේදුම්කාරක මගින් ළදරු සමට අහිතකර බලපෑම ඇතිවිය හැකිවිය ආසාදන වලින් ළදරු සම ආරක්ෂා කරගන්න දරුවා නිතර පිරිසිදුව තැබීම ඉතා වැදගත් දරුවාගේ ඉකිලි ප‍්‍රදේශය බෙල්ල ආශ‍්‍රිතව නිතර දහඩිය සහ තෙතමනය රැඳීම නිසා එම ස්ථාන ආසාදන වලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතියි එබැවින් දරුවාගේ ඉකිලි බෙල්ල යන ප‍්‍රදේශවල වියළි බව පවත්වා ගැනිමට සැලකිලිමත් වන්න කුඩා බිබිලි සැරව බිබිලි ආකාරයෙන් ආසාදිත තත්වයෙන් බිබිලි මතුවී ඇතිනම් වෛද්‍ය උපදෙස් මත ඒ සඳහා ප‍්‍රතිකාර ලබාදිය යුතුය.

වෛද්‍ය උපදෙස් ඇසුරෙනි

#babyskincare #babyskin #tikibabyskincarearticle #tikibabyskincarearticlesinhala #babyskinarticle #srilankalasinhalaarticle #mummypageslkarticle #

note

You may also like
දරුවා නැහැවීමේදී
ප්‍රසවයට පසු දැනෙන ආතතිය මඟහරවා ගැනීමට නම්
උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් දරුවා ආරක්ෂා කරගැනීමට කළයුත්තේ කුමක්ද?
නිවසේ සිටින මව්වරුන්ට සුභ පණිවිඩයක්!
error: Content Protected © mummypages.lk