Home > අලුත උපන් ළදරැවා > බබාව නැළවීම සඳහා ඔබට අත්හදා බැලිය හැකි ක්‍රම

බබාව නැළවීම සඳහා ඔබට අත්හදා බැලිය හැකි ක්‍රම

අළුත් දෙමව්පියන්ට, තම පළවෙනි සුරතලාගේ හැඬිම ඇසෙන විට ඇතිවන බලවත් සතුට සහ ත්‍රාසය කෙතරම්දැ’යි වචනයෙන් විස්තර කළ නොහේ.  ඉපදුණු විගස හඬන බබාලා නීරෝගී බවද, ඔවුන්ට ඉතා සෞඛ්‍ය සම්පන්න පෙනහළු ඇති බවට ඉඟියක් ද, එයින්  ලැබේ!  නමුත්, ක්‍රමයෙන් දවස් ගත වෙද්දී, බබාලාගේ නිරතුරු හැඬිම පිළිබඳව යම් අවධානයක් යොමු කළ යුතු අතර, එමඟින් දෙමව්පියන්ට සහ පවුලේ අනිකුත් අයට යම්  පීඩනයක් ඇතිවන බැව් අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.  එසේනම්, දැන් දරුවා නළවා ගන්නේ කෙසේදැ’යි කියා සිතා බලන්නට කාලය එළඹී ඇත!

ඔබේ බබා හඬන කාරණය ඔබ දන්නේ නම්, ඔබට බබාව එම අපහසුතාවයෙන් මුදවා  ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම නොවළහා යෙදිය හැක.  වර්තමාන ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ට දරුවන් නැළවීම සඳහා නොයෙකුත් ක්‍රම සහ උපක්‍රම  ඇත.  අළුත් මවක් හෝ පියෙක් වශයෙන්, ඔබ සිනමා දර්ශනවල දකින ඉතා හොඳින් හැසිරෙන බබාලා තාත්වික දරුවන් නොවේ.  බබාලා ගොඩක් හඬන අතර, ඔවුන් තමාගේ සෑම අපහසුතාවයක්ම ලොවට දන්වන්නේ හැඬිමෙනි. එනම්, බඩගිනි වූ විටත්, තෙත් කර ගත් විටත්, මහන්සි වූ විට සහ තමාගේ යම් අසනීප තත්ත්වයක් දන්වන්නේත් හැඬිම මාර්ගයෙනි.  බබෙක් නළවා ගැනීම සඳහා පොදු ක්‍රියාමාර්ගයක් නොමැති අතර, හඬන බබාළාව නැළවීම එතරම් පහසු කටයුත්තක් නොවේ.  එමනිසා,  ඔබේ බබාව නැළවීම සඳහා, ගැලපෙන ඉක්මන් තාක්ෂණික  සංවර්ධනයක් ලබා ගත යුතුය.

පහත සඳහන් වන්නේ ඔබේ බබාව නැළවීම සඳහා ඔබට අත්හදා බැලිය හැකි ප්‍රතිකර්ම කිහිපයකි.

බබාව නළවන්න – බබාව ඔබේ අතේ හෝ උකුලේ තබා සින්දු කියමින් නළවන්න.  මෙය බොහෝ බබාලාව නැළවීම සඳහා ගැලපෙන විශ්මිත ක්‍රියාවලියකි.

බබාලාගේ ඔන්චිල්ලාව –  ඔන්චිල්ලාවේ දමා එහා මෙහා පද්දන විට, එම රිද්මයානුකූල චලනයට අනුව බබාලා නැළවීම පහසු කටයුත්තකි.

බබාලාගේ නැළවෙන පුටු –  බබාලාට පහසු අයුරින් ඉතා සෙමින් පැද්දෙන පුටු බබාලාව නැළවීම සඳහා සුදුසුය.  ඔවුන් ඒවායේ පැය ගණන් නොහඬා සිටිමින්, පීඩනයට පත් දෙමව්පියන්ගේ මනස සන්තර්පණය කෙරේ.

සුමට සංක්‍රමණය – බොහෝ දෙමව්පියන්, විශේෂයෙන් පියවරුන්, තම හඬන දරුවාව වඩාගෙන තම නිවස වටා ඇවිදින බව අප කවුරුත් දන්නා කරුණකි.  එයට හේතුව, බබාගේ හැඬිම එවිට නැවතීමයි.   බොහෝ බබාලා වාහනයක හෝ ළඳරු කරත්තයක යනවිට නින්දට දැමීම පහසු වේ.

උණුසුම් කිරීම – බබලාව එතරම් ඝනකම් නැති බ්ලැන්කට්ටුවකින් ඔතා තම ළැමට තුරුල් කරගැනීමෙන් ද, බබාලාට විශ්මිත ශාන්තභාවයක් ලබා දිය හැක.

බබාලාව උරපටියකින් (ස්ලින්) එල්ලා ගන්න – ඔබ නිවසේ හෝ නිවසින් පිටතින් සිටින අවස්ථාවේදී, බබාව ස්ලින් එකක තබා ගැනීමෙන්, දරුවාට යහපත් වාතාවරණයක් සැලසේ.  එහි සිටියදී, ඔබට බබාට කිරි දීම ද, පහසු වේ.

සූප්පුවක් යොදා ගන්න –  බබාලා සූප්පුවලට පුරුදු කිරීම හොඳ පුරුද්දක් නොවේයැ’යි බොහෝ තර්ක විතර්ක ඇති නමුත්, හඬන බබලාව නැළවීම සඳහා මෙය ඉතා හොඳ ආකර්ශනීය ක්‍රමයකි.

එක දිගට පැය ගණන් හැඬිමෙන්, බබාලා පහෙන් එකකට උදරාබාධ ඇතිවේ.  නමුත්, මෙම රෝගී තත්ත්වය මාස තුනකින් පමණ මඟ හැරී යනු ඇත.  හඬන බබාව නැලවීම සඳහා  ඔබේ බබාගේ මුහුණ පහතට හරවා, ඔබේ යටිබාහුවේ තබා ගෙන, එහා මෙහා නළවන්න.

ඉහත සඳහන් සියලු ක්‍රම සහ උපක්‍රම උත්සහ කර, ඔබේ බබාව නැළවීම අපහසු වුවහොත්, වෙනත් ක්‍රම අනුගමනය කිරීම මැනවි.  එනම්, බබාව රැගෙන එළියේ ඇවිදීම සඳහා ගෙන යන්න, රූපවාහිනිය ක්‍රියාත්මක කරන්න, මෘදු සංගීතයක් වාදනය කරන්න, එසේ නැතහොත්, බබාගේ ඇඳුම් පරීක්ෂා කරන්න.

“අළුත උපන් බිළිඳුන්ගේ හැඬිම පොදු සංකල්පයක් වන අතර, එය ඉක්මණින් පහ වී යාවි!”

#babycare #fatherandbaby #motherandbaby #childrencare

note

You may also like
බබාලා පොදුවේ සාමාන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් කීපයක් :
නල දරැ උපත ගැන ඔබත් දැනුවත් ද?
ලංකාවේ ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන්
අලුත් පුංචි පැටියා පිළිගන්න එයාගේ පොඩි අක්කි අයියා සුදානම්ද?