Home > අලුත උපන් ළදරැවා > බබාලාට නම් තැබීම

 

ඔබ තවමත් ඔබේ බබාට නමක් සොයනවාද?  ඔබ බබාට  තබන නම, ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිත කාලය පුරාම ලක්ෂ කෝටි වාරයක් ව්‍යවහාර වෙනවා.  ශ්‍රී ලාංකිකයන් සම්ප්‍රදානුකූලව තම දරුවන්ට අර්ථවත් නම් දැමීම පෙර සිට එන  පුරුද්දකි. එම නම, ශ්‍රී ලංකාවේ ආගමික හෝ ඓතිහාසික හෝ වේවා,  දරුවාට ධනාත්මක හැඳින්වීමක් දීම දෙමාපියන්ගේ අදහසයි.  ශ්‍රී ලංකාවේ ජන වාර්ගික විවිධ ආගමික කණ්ඩායම් වල, දරුවාට නම් තැබීම විවිධාකාරයෙන් සමරනු ලැබේ.  සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බබාලට නම් තේරීම කෙසේ කරන්නේදැ’යි සළකා බලමු!

සිංහල සම්ප්‍රදාය

මෙහිදී, දෛවඥයන් සැළකිය යුතු කාර්යයක් කරනු ලැබේ.  දෛවඥයන් බබා ඉපදුන වෙලාව සහ දිනය බලා, බබාට නම තිබියුතු අක්ෂර කීපයක් සඳහන් කරනු ලැබේ.  සිංහලුන් සිතන්නේ මෙම අක්ෂර (ඝන පිහිටුවා) දෙනු ලබන බැවින්, මෙම අක්ෂර වලින් පටන් ගන්න නම් දැමීමෙන් තම දරුවාට සුභ ඵල ලබා දෙන බවයි.  නම තැබීම  උත්සවාකාරයෙන් සිදු කරනු ලබයි.  බබාලාට නම් තැබීම ඓතිහාසික ප්‍රසිද්ධ චරිත, බෞද්ධාගමික චරිත, සදාචාරාත්මක හෝ ධනාත්මක අගයන් ඇති දේවල් අළලා සිදු කෙරේ.  මේ වනතෙක් පිටරට සම්භවයක් ඇති, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පවා භාවිත කළහ.

ක්‍රිස්තියානි සම්ප්‍රදාය

ශ්‍රී ලාංකික බොහෝ ක්‍රිස්තියානුවන් දෛවඥයන්ගේ හෝ තම මතයට අනුව බබාට නමක් නොදමයි.  ඔවුන් බයිබලයට අනුව, සාන්තුවරයන්ගේ සහ වැදගත් ක්‍රිස්තියානි චරිත අළලා නම් දැමීම සිදු කෙරේ.  දෙමව්පියන් සාමාන්‍යයෙන් දරුවාගේ නම එළිදරවු කරනුයේ, බබාගේ බෞතීස්ම මංගල්‍යයේදීය.

මුස්ලිම් සම්ප්‍රදාය

මුස්ලිම් දෙමව්පියන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ දරුවන් ඉපදී දවස් 7න් නම් තැබීම සිදු කරනු ලැබේ.  ඔවුන් තම ආච්චි සීයලාගෙන්, අනෙක් ඥාතීන්ගෙන් සහ ආගම් පුජක (ඉමාම්) වරුන්ගේ අදහස් විමසයි.  තවද, කුරානයට අනුව නම් තෝරනු ලැබේ.

හින්දු සම්ප්‍රදාය

හින්දු භක්තිකයන්, සාමාන්‍යයෙන් නම් තැබීමේ මංගල්‍යයක්බබාට වයස  දින 12 – 40 දක්වා අතර කාලයේදී සිදු කෙරේ.   වාසනාවන්ත අක්ෂර ලබා ගැනීමට, දෛවඥයන්ගේ අදහස්ද විමසනු ලැබේ.  ඔවුන්ගේ ජනප්‍රිය නම් වනුයේ හින්දු ආදර්ශ පාඨයන් හෝ හින්දු දෙවි වරුන්ගේ නම්ය.

නම් තැබීමට උපදෙස්:

ඔබ දෛවඥයන්ගෙන් උපදෙස් ගත්තත්, නොගත්තත්, ගැහැණු දැරිවියකට හෝ පිරිමි දරුවෙකුට නම් තැබීමේදී, ඔබට සළකා බැලීමට අවශ්‍ය කරුණු

  • අර්ථය – මිනිසුන් ඔබේ දරුවාගෙන් ඔහුගේ හෝ ඇයගේ නමේ අර්ථය විමසන්නට උත්සහ කරනු ලැබේ. දරුවාට නමක් තැබීමේදී, හොඳ අර්ථයක් ඇති නමක් තැබීමෙන්, මෙවැනි අවස්ථාවක දරුවාට සාඩම්බරයෙන් තම නමේ අර්ථය කිව හැකිවනු ඇත.
  • මුල් අකුරු – දරුවාගේ නමේ මුල් අකුරු ලියූ විට පෙනෙන ආකාරය සලකා බලන්න (උදා: වශයෙන් A.D. වැනි මුලකුරු වලින් කියවෙන්නේ මෑඩ් යනුවෙනි. එහි අර්ථය පිස්සු යන්නයි).  එවැනි දේ වලින් දරුවා විහුළුවට පාත්‍ර වනු ඇති.
  • නමේ දිග – දිගු නම් දැමීමෙන්, අනිවාර්යයෙන්ම දරුවාගේ නම කෙටි කර විහිළු නමකට පරිවර්තනය විය හැක.  එය සෑමවිටම වැරදි අයුරින් අකුරු වරදවා ලිවීමට හෝ වැරදි ක්‍රමයකට උච්චාරණය කළ හැකිය.
  • අනන්‍යතාවය – සෑමවිටම, නිතර භාවිතයෙන් තොර නමක් තෝරා ගැනීමට උත්සහ කරන්න.

ඔබට නමක් තෝරා ගැනීමට අවශ්‍ය වුවහොත්, ඒ සඳහා පොත් සාප්පුවල නොයෙකුත් පොත් ඇත.  එය ඔබට යම් පහසුවක් සලසා දෙනු ලැබේ.  දැනටම ශ්‍රී ලංකාවේ ප්‍රියතම නම් ලැයිස්තුවක් ඔබ සැදීමට පටන් ගත්තාද?  කරුණාකර ඒවා අප සමඟත් බෙදා හදා ගන්න.